මේ රටේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් කැපවීම කාගෙත් වගකීමක් බවත් රට පුරා වෙසෙන දරු දැරියන්ගේ පරිගණක සාක්ෂරතාවය සහ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් කැපවීම කාගේත් යුතුකමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජලනි ප්‍රේමදාස මහත්මියගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘Project She’ ව්‍යාපෘතිය හරහා
• තන්තිරිමලේ ශ්‍රී විමලඥාන මහා විද්‍යාලය,
• තන්තිරිමලේ බිල්ලෑව විද්‍යාලය,
• තන්තිරිමලේ ධර්මපාල මහා විද්‍යාලය, යන විදුහල් තුනට පරිගණක යන්ත්‍ර ප්‍රධානය කරනු ලැබීය.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
ජලනි ප්‍රේමදාස මැතිණිය විසින් ස්වකීය මූල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රද්ධාසිත් පෙරදැරිව සිදුකරනු ලබන දාහතර වැනි කඨින පුණ්‍යමහෝත්සවය සහ ධාතුමන්දිරය විවෘත කිරීමේ උත්සවය අද පැවැති අතර ඉන් අනතුරුව මෙම පාසැල් සදහා අදාල පරිත්‍යාගය කරනු ලැබීය.










