සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට ආ තරුණයෙක් පනාමුර පොලිස් බල ප්‍රදේශයේදී පොලිසිය විසින් කළ පහර දීමකදී මරුමුවට පත්ව ඇති බව හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.
ඒ මහතා කියා සිටියේ ඉන්දික ජයරත්න නැමැති තරුණයකු මෙසේ ඝාතනයට ලක්ව ඇති බවත්, මේ වනවිටත් මෘතදේහය පොලිසිය තුළ ඇති බවත්ය.
එමෙන්ම ජනතාව කුපිත වී පොලිසියට විරෝධය පළකරමින් සිටින බවද විතානගේ මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසද විතානගේ මහතා ඉල්ලා සිටියේය.










