කොළඹ ඉඩම් කොල්ල කන කල්ලියක් පිළිබද තුවාන් හසන් සලීම් නැමැති කොල්ලුපිටියේ පදිංචි පුද්ගලයකු විසින් අනාවරණය කොට ඇත.
මෙම කල්ලියට ෂෙයික් නැමැති පුද්ගලයකුත්, හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු, රත්තරන් තිලක් සහ පොලිසියද සිටින බව හෙතෙම සදහන් කරයි.
මේ හේතුවෙන් තමන් දරුවන් 9ක් සමග මහපාරට වැටී ඇති බවද හෙතෙම කියයි.
මේ පිළිබද කොල්ලුපිටිය පොලිසීයට පැමිණිලි කළද පළක් නොවූ බව කී ඒ මහතා කොල්ලුපිටියේ සිට පානදුරේ දක්වා මෙසේ ඉඩම් කොල්ලකෑමේ වංචාව සිදුවන බවද ඒ මහතා කීය.
චමුදිත සමරවික්‍රම සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.









