පාස්කු ප්‍රහාරයේ තවත් සැඟවුණු රහස් රැසක් අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා විසින් අනාවරණය කළේය.
එහිදී අධිවේගී මාර්ගයේදී අත්අඩංගුවට ගත් ලොරි රථ 2ක් නිදහස් කිරීමට උපදෙස් දුන් පොලිස් නිලධාරියකු පිළිබදවත්, ප්‍රහාරය සිද්ධ වන වේලාවේ නිවාඩු ලැබ සිටි පොලිස් නිලධාරියකු පිළිබදවත් නානායක්කාර මහතා ප්‍රශ්න කර සිටියේය.
හිටපු නීතිපතිවරයා පවා මෙම ප්‍රහාරය කුමන්ත්‍රණයක් බව ප්‍රකාශ කොට ඇති බවද ඒ මහතා සදහන් කර සිටියේය.










