• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සර් ෆේල් නෑ! හොඳටම කළා! මෙන්න ලයිස්තුව!

November 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨාගෙයි සජිත්ගෙයි දෙන්නගේම තිබ්බ එකක් ගැන ජොනී දන්න දේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා අසමත් බවට විපක්ෂය චෝදනා කළද ජනාධිපතිවරයා අසමත් නැති බවත්, පීඩිත ජනයා වෙනුවෙන් පෙනීසිටිනවා යැයි පවසන ධනවාදී දේශපාලන පක්ෂවල මුදල් බිලියන ගණන් තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ප්‍රධාන මාර්ග වලට හා අධිවේගී මාර්ග වලට තදබදයකින් තොරව පහසුවෙන් පිවිසිය හැකි ආකාරයට සියළු අභ්‍යන්තර, ග්‍රාමීය හා අතුරු මාර්ග කි.මි 100,000 ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වැඩ අවසන් කල මාර්ග 1500ක් සෞභාග්‍යය මංපෙත් විප්ලවයේ දහසකුත් වැඩ නිම වන දවස යන තේමාව යටතේ එක් දිනක් තුල ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය සෙනසුරාදා දින ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය මන්ඩාඩුව ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම උත්සවය ඇමතූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමා විසින් ඉදිරිපත් කල සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ ජනතාවට පොරොන්දුවක් දුන්නා මේ රටේ මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කරනවා කියලා. ඔබතුමා මේ රටේ ජනාධිපතිධූරය ලබාගෙන මාස 03ක් යාමට පෙර කොවිඩ් වසංගතයට මුහුණදීමට සිද්ධ වුණා. එදා ඔබතුමාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබුණේ නැහැ. ප්‍රජතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට තීරණය කලාම විපක්ෂය මැතිවරණය නවත්වන්න කියලා උසාවි පවා ගියා. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වුවද යහපාලන රජය විසින් ගෙවන්න තිබූ ණය ගෙවන්න ඔබතුමා එදා කටයුතු කලා. කොවිඩ් අර්බුදය නිසා රටේ සංවර්ධන කටයුතු නවත්වන්න ඔබතුමා කටයුතු කලේ නැහැ. ඉතිහාසයේ තිබුණු සමහර ආණ්ඩුවල ප්‍රධානීන් ජනතාවට පටි තද කරගන්න කිව්වා. මහින්ද රාජපක්ෂ මැතිතුමා යුද්ධයක් කරන ගමන් රටේ සංවර්ධන කටයුතුද ඉදිරියට කරගෙන ගියා. රටේ ආර්ථිකය ශක්තිමත් කලා. 2015දී මේ රට භාර දෙද්දී අපේ රටේ ආර්ථික වර්ධන වේගය දෙවැනි වුණේ චීනයට විතරයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආර්ථිකය බිංදුවට වැටුණු රටක් තමයි ආපහු 2019දී ලැබුණේ. එදා ජාතික ආරක්ෂාව නැතිවෙලා, ජාතීන් අතර බෙදීම් ඇතිවෙලා තිබුණා.

විපක්ෂය සමාජය තුල බොරු මතවාදයක් ගොඩනගනවා ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියලා. රටට එන්නත් ගේන්න ක්‍රමයක් නැහැ කිව්වා. රටතුල එන්නත්කරණය ක්‍රියාත්මක කරන්න විධිමත් ක්‍රමවේදයක් නැහැ කිව්වා. නමුත් ඔබතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ අපි අද එන්නත්කරණය සාර්ථකව සිදුකල පළමු රටවල් 10 අතර සිටිනවා. කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණ දීලා මේ රටේ ජනතාව බේරගත්තු නායකයා ලෙස ඔබතුමා ඉතිහාසගත වෙනවා. ඔබතුමා කූල් නායකයෙක් කියලා මම කලින් දවසකත් කිව්වා. ඒ කිව්වේ ඔබතුමා ඉතාමත් සංවේදී නායකයෙක්. ඒ වගේම පරිස්සමින් වැඩකටයුතු කරන නායකයෙක් වන නිසයි. මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු නොපිරිහෙලා ඉටුකරන නායකයෙක් ලෙසට ඔබතුමා ජනතාව අතර නමක් දීනා සිටිනවා.

කොවිඩ් අර්බුදය මධ්‍යයේ වුවද රටේ මහාමාර්ග වල සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යාමට අපට උපදෙස් ලබාදුන්නා. රටේ පවතින කොඩිඩ් වසංගත තත්ත්වය පැතිරීම වැලැක්වීම සදහා රජය විසින් නිරෝධායන ඇදිරි නීතිය විටින් විට පැනවූවත් රටපුරා ආරම්භ කර තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල නොකඩවා සාමාන්‍ය පරිදි සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව සිදු කල නිසා මෙම මාර්ග 1500ක් අද දින ජනතා අයිතියට පත් කිරීමට අපිට හැකියාව ලැබුණා. විපක්ෂය සිතාගෙන සිටින්නේ අපේ රටට කොවිඩ් වසංගතය පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරපු නිසයි කියලා. කොවිඩ් වසංගතය කවදා නිමවේවිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි මේ රටේ සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට කරගෙන යනවා. දරුවන්ට බාධාවකින් තොරව පාසල වෙත යාමට, රෝගීන්ව ප්‍රමාදයකින් තොරව රෝහල් වෙත රැගෙන යාමට, ගොවියන්ට තමන්ගේ කෘෂි නිෂ්පාදන කඩිනමින් ආර්ථික මධ්‍යස්ථාන කරා ගෙනයාමට මෙම මාර්ග ඉවහල් වනවා. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රටේ මාර්ග 68000ක් සංවර්ධනය කිරීමට හදුනාගෙන තිබෙනවා. එම මාර්ග වලින් 14000ක වැඩ මේ වන විට ආරම්භ කර තිබෙනවා. එයින් මාර්ග 1500ක වැඩ අවසන් කරලා ජනාතාව වෙත ලබා දුන්නා. ඉදිරි මාස 03 ඇතුලත තවත් මාර්ග 2500ක් අපි විවෘත කිරීමට කටයුතු කරනවා.

මේ රටේ මාර්ග පද්ධතිය වගේම ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබා දෙන වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම රටේ ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘතීන් රැසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. කාබනික පොහොර භාවිතා කර හරිත රටක් බවට අපේ රට පත් කිරීමට ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කලා. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙල රටපුරා ව්‍යාප්ත කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ වැඩපිළිවෙල සාර්ථක වේවි කියලා අපිට විශ්වාසක් තියෙනවා. මේකට විරුද්ධව කටයුතු කරන්නේ මෙම වැඩපිළිවෙල සාර්ථක වෙනවට අකමැති පිරිසයි. ඔවුන් අපි හදපු පාරවල් වල ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. මිනිස්සු මැරෙනවා බලන්න කැමති, පනස්පන් ලක්ෂයක් ඡන්දය තිබෙන අයට මෙවැනි උද්ඝෝෂණ වලට මිනිස්සු දෙතුන්සීයක් ගේන එක අසීරු වැඩක් නොවෙයි. අපි දේශපාලනය කරන ගමන් රටේ ජනතාව ආරක්ෂා කරනවා. ඉදිරි වසර තුන ඇතුලත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල ඉටු කිරීමට අපි කටයුතු කරනවා.

පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දේශපාලන පක්ෂ වල ගිණුම් වල රුපියල් බිලියන ගණනක් තිබෙනවා. ඔවුන් පීඩිත ජනයා වෙනුවෙන් පෙනීසිටිනවා යැයි පවසන ධනවාදී දේශපාල පක්ෂයක්. මුදල් වෙනුවෙන් ඔවුන් ඕනෑම දෙයක් කරනවා. ඒ නිසා ඔවුන්ගේ හය තුනට බැස්සා. මේ රට සංවර්ධනය කරා මෙහෙයවීමට අපි ජනාධිපතිතුමාට උපරිම සහයෝගය ලබා දෙනවා.

ලෝක බැංකු දකුණු ආසියානු කලා‍පයේ උප සභාපති ආචාර්ය හාට්විග් ශේෆ මැතිතුමාගේ පැමිණිම මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රි ලංකා නේවාසික නියෝජිත ආචාර්ය චෙන් චෙන් මැතිතුමාගේ පැමිණිමත් මම මහත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ගම් හා නගර සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් ලෙස සහ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීන්දු කිරීම ගැන මම මේ අවස්ථාවේදී ස්තුතියිවන්ත වෙනවා. මෙම ආධාරය යටතේ ලබා දුන් මුදල් යොදවා නවීන මාර්ග පද්ධතියක් ස්ථාපිත කර ඒ මගීන් අපේ රට දියුණු රටක් බවට පත්කරලිමට අපි ඇපකැප වෙන බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ සියළු දේ ජනතාවට ලබාදීම තුලින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපේ රජය කටයුතු කරනවා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව තමයි අපිට විශාල ලෙස මහාමාර්ග, අධිවේගී මාර්ග සහ ග්‍රාමීය මාර්ග හදන්න මුදල් ආධාර ලබා දිලා තියෙන්නේ. ඒ නිසා ලංකාව දියුණු රටක් බවට පත් කිරීමට ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නිබද උපකාරය ඉදිරියේදීත් අපිට ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

යහපාලන ආණ්ඩුවේ තිබූ අදූරදර්ශි ප්‍රතිපත්ති නිසා මේ රටේ කොන්ත්‍රාත් සමාගම් විනාශ වුණා. නමුත් මේ රටේ සංවර්ධන ව්‍යපෘති රැසක් ක්‍රියාත්මක වීම නිසා ඔවුන් නැවත ශක්තිමත් වී තිබෙනවා. අධිවේගී මාර්ග, ග්‍රාමීය මාර්ග සදහා කුට්ටි ගල් ඇල්ලීම වැනි නව සංකල්පයන් මේ රටට හදුන්වා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්ය. ඔබතුමා හදුන්වා දුන් සංකල්ප සියල්ල ඔබතුමාගේ සහෝදරයා සමග අපි ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අධියර සහ නව කැළණි පාලම් ව්‍යාපෘතිය මේ මසදී ජනතා අයිතියට පත්කිරීමට අපි කටයුතු කරනවා. පාරවල් හැදුවත් අපිට බනිනවා. පාරවල් නොහැදුවත් අපිට බනිනවා. එහෙම විපක්ෂයක් තමයි අපට සිටින්නේ. ඔබ සැමට සුභ අනාගතයක්.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාතයාංශය

SendShareShare
Previous Post

අනේ දරුවෝ අපේ ගෙවල්වල කන්න නෑ! දුක කාට හරි පේන්න මේක දාන්න! (VIDEO)

Next Post

තුනෙන් දෙකක් දීලා පාර්ලිමේන්තුවට යවපු ගොන්-මරිමෝඩයෝ කව්ද? අහන්නකෝ දයාසිරිගෙන්! (VIDEO)

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.