සපුගස්කන්ද, මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර මොහොමඩ් සාචි ෆාතිමා මුම්ටාස් නැමති කාන්තාවගේ බවට හඳුනාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඝාතනයට ලක්වූ කාන්තාවගේ සැමියා සහ දරුවන් දෙදෙනා විසින් එලෙස හඳුනාගත් බවය.
මියගිය කාන්තාව 44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.
මෙම කාන්තාව පසුගිය දිනෙක සිය සහෝදරයා සමග ත්‍රිරෝද රථයක නැගී ගොස් ඇති අතර මේ වනවිට එඔහු අතුරුදන්ය ඇති බවද දැනගන්නට ඇත.
අදාළ මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේ (04) සොයාගනු ලැබීය.









