• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

භූමදානයකට පසු රාත්‍රියට කනත්තෙ නුග ගසේ වහන අමුතු සතා…

November 17, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
භූමදානයකට පසු රාත්‍රියට කනත්තෙ නුග ගසේ වහන අමුතු සතා…
Share on WhatsAppShare on Facebook

තැන කුරුණෑගල ප්‍රදේශයේ තරමක් ප්‍රසිද්ධ සුසාන භූමියකි. වේලාව සවස තුනට ආසන්න වෙමින් තිබිණි. සවස් කාලයේ තිබූ භූමදාන කටයුත්තෙන් පසුව මරණයට පත්වූ අයගේ ඥාති සමූහයා එකා දෙන්නා ඉවත්ව ගොස් අවසන් පුද්ගලයාත් පිටත්ව ගියේ ඊට විනාඩි කිහිපයකට පෙරය. කනත්තේ මුර රාජකාරියට සිටි මැදි වියේ පසුවූ සුමනසිරි වෙනදා මෙන්ම තම සුපුරුදු රාජකාරිය කරමින් ප්‍රධාන ගේට්ටුව වසාදැමුවේ දවසේ කටයුතුනිමා කරන්නට මෙනි.

තරමක් කාර්යබහුල සුසාන භූමියක් වූ හෙයින් කලාතුරකින් දිනයක හැර අනෙකුත් සෑම දිනයකම පාහේ මෙහි අවමඟුල් කටයුත්තක් සිදුවූ අතර සුමනසිරිට මේ රාජකාරි ක්‍රමය සාමාන්‍ය දෙයකි. ආදාහනයක් භූමදානයක් සිදුවුවද නැතිද යන්නත්, මෙය සුසාන භූමියක්ය යන්නත් මෙහි සිටින්නේ මළගිය ඇත්තන් යන්නත් ඔහුට එතරම් වගක් නොවීය.

‘සුමනසිරිට බය නැද්ද රෑට කනත්තෙ ඉන්න?’

ඔහු දන්නා කියන බොහෝ අය නිතර නිතර ඔය ප්‍රශ්නය අසන්නේ සුමනසිරිගේ මුවට සිනාවක් නඟමිනි.

‘මළගිය මිනිසුන්ට මොනවට බයවෙන්නද? බයවෙන්න ඕනෙ පණ තියෙන අයටනේ…’

ඒ සෑම අවස්ථාවකම සුමනසිරි දෙන්නේ ඔය පිළිතුරය. ඒ, ඔහුට මෙහි මහා අරුමයක් නැති නිසාය. එදිනද සුපුරුදු ලෙසම කාලය ගෙවී ගියේය. රාත්‍රී අඳුර පරිසරය වෙළාගත්තේය. ගේට්ටුව වසාදමා හොඳ හැටි නාගත් සුමනසිරි සරමකුත්, සීතලට අඳින ජැකට්ටුවත් හැඳ තම නිවෙසින් එවා තිබූ කෑම එකද කා මුරගෙයි හාන්සි පුටුවේ අසුන් ගත්තේ එදින එම සතියේ ‘මව්රට’ පුවත්පතද අතට ගනිමිනි. ඔහු පුවත්පතේ පිටුවෙන් පිටුව පෙරළා බැලුවේය. පත්තරයක් ගත් විට අකුරක් නෑර කියවීමේ පුරුද්ද සුමනසිරිට පාසල් කාලයේ සිටම පුරුදුවූ දෙයකි. බාහිර සද්ද බද්ද ගැන අනවශ්‍ය ආකාරයට අවධානය යොමු කරන්නට ගියහොත් කනත්තේ මුර වැඩේ කරන්නට බැරි බව දන්නා සුමනසිරි එවැනි දේ ගණන් ගත්තේම නැත.

බොහෝ දිනවල රාත්‍රියට පුවත්පත කියවීමේ පුරුද්දක් තිබූ සුමනසිරි පුවත්පත පසෙකින් තබන්නේ සැක සහිත යමක් සිදුවෙතැයි සිතුණොත් පමණි. ඒ හැරෙන්නට ඔහු පුවත්පත පසෙකින් තබන්නේම නැත.

එහෙත් වෙනදා නොඇසුණු අමුතු හඬක් ඔහුට ඇසුණේය. මිනිසකු කෙඳිරිලි හඬින් කතා කරනවාක් වැනි හඬක් ඔහුට කිහිප වතාවක්ම ඇසුණේය. සුමනසිරි පුවත්පත පසෙක තබා වටපිට බැලුවේය. යළිත් කිහිප වතාවක්ම ඒ හඬ ඇසුණේය. සුමනසිරිගේ දෑස් මුරගෙය ඉදිරිපිට ඇතිවූ නුග ගස දෙසට යොමු වූයේ ඇසිල්ලකිනි. ඒ අමුතු හඬ එන්නේ එදෙසිනි. සුමනසිරි විදුලි පන්දම දල්වා එදෙසට යොමු කළේ දෙගිඩියාවෙනි. නුග අත්තක අමුතු සතෙක් සිටිනු ඔහු දුටුවේ එවෙලේය. මිලිස් සිරුරකට සමාන හැඩයක් එම සතා කෙරෙන් දුටු සුමනසිරි, මීට ප්‍රථම කෙදිනකවත් මෙවැනි සතකු දැක නොතිබිණි.

එම සතාගේ හඬත් මිනිස් කෙඳිරියකට සමානය. කනත්තේ රාජකාරිය පුරුදු නිසාත්, හොල්මන් අවතාර පෙරේතයෝ භූතයෝ විශ්වාස නොකළ නිසාත් සුමනසිරි බියට පත් නොවුණද යම් අද්භූත ස්වභාවයක් එම සතාගේ පෙනුමෙන්ම හඳුනාගත හැකි විය.

එම සිදුවීම එතරම් ගණන් නොගත් ඔහු, යළිත් පත්තරය පෙරළා ගනිද්දී සතාගේ හඬ තරමක් ඈතින් ඇසුණේය. බොහෝ වේලාවක් යන තුරුම ඒ හඬ එම ඉසව්වෙන් ඇසුණු නිසාම සුමනසිරි විදුලි පන්දමද ගෙන එදෙසට ගියේය. පෙර වතාවේ නුග ගසෙහි සිටි සත්වයා එවර සිටියේ එදින භූමදානය සිදුකළ තැනය.

මේ ආකාරයට ඉන්පසු දින කිහිපයක්ම මේ අද්භූත සත්වයා දකින්නට ලැබුණේය. මුලින් නුග ගසෙත්, පසුව භූමදානය කළ තැනත් හඬ නැඟීම එම සතාගේ පුරුද්දක් සේ විය. එහෙත් භූමදානයක් නොකළ දිනවල සතා නොපැමිණෙන බවද සුමනසිරි හඳුනාගත්තේය. සති ගණනක් මාස ගණනක් ඔහු මේ අමුතු සතා ගැන බලා සිටියේය.
හෙතෙම මේ බව සිය මිතුරකුට පැවැසුවේ ඔහුටද මෙම සතාව බලාගන්නට පැමිණෙන ලෙස දන්වමිනි. එහෙත් එදින භූමදානය අවසන්ව රාතිය පුරා දෙදෙනාම බලා සිටියද අමතු සත්වයා පැමිණියේ නැත. මිතුරා පැවැසුවේ සුමනසිරිගෙ හිතලුවක් විය හැකි බවය.

මෙලෙසින් මාස ගණනක් මෙම අද්භූත අත්දැකීම විඳි සුමනසිරි, ඔහුගේ මිතුරකුගේ අවමංගල්‍ය අවස්ථාවකදී තවත් අයකු සමග මෙම කතාව පැවැසුවේ සිනාසෙමිනි.
‘දැන් ඒ සතා ආවේ නැත්නම් ගෙදර කෙනෙක් ආවෙ නෑ වගේ. මං හිතන්නේ ඌ මළගිය ප්‍රාණකාරයන්ට සම්බන්ධ සතෙක් වෙන්න ඇති. නැත්නම් ඔහොම මරණයක් දවසට විතරක් එන්න ඕනෙ නෑනෙ…’

‘ඌ මුරගේ ළඟ නුග ගහට ඇවිත් මගෙන් අවසර අරගෙනයි ඇතුළට යන්නේ. එහෙම නැත්නම් මුරගේ ළඟ නුග ගහේ සද්ද කරන්න හේතුවක් නෑනෙ. අනික් එක මගෙත් එක්ක තරහක් තියේ නම් මාව බයකරන්න හරි ඕනනේ. ඒත් නෑනේ…’

සුමනසිරිගේ කතාව අනෙක් අය අසා සිටියේ දෑස් විසල් කරගෙනය. ඒ අතරේ ඔහු තවත් අපූරු කතාවකට මුලපිරුවේය.

‘දවසක් මගේ යතුරු කැරැල්ල නැති වුණා. රෑ මං නාගෙන එද්දී වැටිලා කියලා මම හිතුවේ. හෙව්වට හමුවුණේ නෑ. අන්තිමට මං කෑමත් නොකා යතුරට වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉද්දී මුරගේ ඉස්සරහ පඩියට සිලිං ගාලා යතුර වැටුණා. කොහෙන් වැටුණද කියලා දන්නෙ නෑ. ඊට ටික වෙලාවකට පස්සේ අර සතා කෑගහන සද්දෙත් ඇහුණා…’

‘තවත් දවසක් කොහේදෝ යන මනුස්සයෙක් කනත්තට පැනලා බයවෙලා කෑගහගෙන මුරගෙට ආවා. වෙච්ච දෙයක් දැක්ක දෙයක් දන්නෙ නෑ. මං මිනිහගෙ බය ඇරලා නූලක් මතුරල දාලා පහුවදා උදේ ගෙදර යැව්වා.’

සුමනසිරිගෙ කතාවෙන් තේරුම් ගියේ අද්භූත සතා ඔහුවත් ආරක්ෂා කරන බවකි. එම කතාව අසා සිටි මා එම සතාව පෙන්වන්නැයි යෝජනා කළද, එය පලක් නොවනබව සුමනසිරි පැහැදිලි කර දුන්නේ ඔහු සතු අත්දැකීම්ද විස්තර කරමිනි. ඔහු මේ කතාව පවසා දිගු කාලයකි. එහෙත් තවමත් එම අමුතු අත්දැකීම සුමනසිරි විඳිනු ඇතැයි අනුමාන කළ හැකිය.

සත්‍ය කතාවකි
නම්ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න
කුමාර රත්නායක

SendShareShare
Previous Post

කටින් ගහලා සටන් දිනන්නෝ…

Next Post

සෙලාන් බැංකුව වෙතින් My Brochure Portal…

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.