• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීනියි සිමෙන්තියි හාලුයි නැති රටට… මැනලයි පුතේ කිරි දෙන්නේ දැන් තොපිට…!

November 9, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සම්බා කිලෝ එක 220යි: ‌ලාභය රුපියල් 80යි!
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක් තිබුණා. ඒ රට බොහොම ලස්සනයි. බොහොම සරුසාරයි. රට වටේම තියෙන්නේ මූද. රට මැද්දේ ගස් කොළන් වැවිලා. මැද්දට වෙන්න කඳු පන්ති. කඳු පන්තිවලින් දියඇලි ගලාබහිනවා. ඒ දියඇලි ගංගා වෙලා හෙමින් සැරේ මූදට යනවා. මූදට යනකොට අතරමඟ වැව් බැඳලා ඒ වැව් දියෙන් ඒ ලස්සන රටේ මිනිස්සු ගොවිතැන් කරනවා. බැලූ බැල්මට ගව් ගානක් ඒ කෙත්වතු නිල් පාටට පේනවා. මේ රටේ මූද හරි ලස්සනයි විතරක් නෙවෙයි මාළුන්ගෙන් පිරිලා. වැඩි පිරිසක් ධීවරයො. හැබැයි සැමන් ගෙන්වන්නෙ පිටරටින්. කරවල, උම්බලකඩ පිටරටින්. දැන් හාලුත් ගෙන්වන්නේ පිටරටින්. හාල් කිලෝවක ගාන කීයද කියලා හිතාගන්න බැරි වුණාම ඒවට ඒ රටේ රජ්ජුරුවො මිල නියම කරනවා. ටික දවසකින් රජ්ජුරුවන්ගෙ මිල අයින් කරලා හාල් ලෝකේ රජ්ජුරුවො මිල නියම කරනවා. හාල් ලෝකේ රජ්ජුරුවො හිතුණු හිතුණු විදියට මිල වෙනස් කරන්නට ගන්නවා. එහෙම කරන්න ගත්තාම මිනිසුන්ට බත් කන එක නතර කරන්න වෙන තරමටම මිල ඉහළ යනවා. ඒ රටේ මිනිසුන්ට තව ප්‍රශ්න තියෙනවා. පඩි නඩි ගැටලු තියෙනවා. මේ හැම එකමත් එක්ක ඒ රටේ මිනිස්සු කාටත් කරදරයක් නොමැතිව සතුටින් සමාදානයෙන් ජීවත් වෙනවා.

මෙහෙම ජීවත් වෙන අතරතුරේ ඒ රටට අපූරු කාලයක් උදාවෙනවා. දැන් ඒ රටේ මිනිසුන්ට කිරි බොන්න බෑ. ඒ රටේ මිනිසුන්ට කිරි බොන එකේ ආදීනව එහෙමත් මේ වෙද්දි කියා දීලයි තියෙන්නේ. හැබැයි ඒ රටේ කිරි පිටි පැකට් එකක මිල හොඳටම වැඩි වෙලා. කිරි ගෙන්වන එක නතර වෙලා. දැන් මිනිසුන්ට කිරි ගේන එක හීනයක් වෙනකොට කිරි විකුණන තැන්වල අමුතු ක්‍රමයක් හොයාගෙන තියෙනවා. දැන් ඒ රටේ මිනිසුන්ට කිරි දෙන්නේ, ග්‍රෑම් 400 නැත්නම් කිලෝ එකේ පැකට් කඩලා, ඒකෙන් ග්‍රෑම් 100, 250, නැත්නම් කිරි හැන්දක් ආදී වශයෙන් රුපියල් 100කට, රුපියල් 50කට විකුණනවා. මේ ප්‍රශ්නය තවදුරටත් විසඳෙන පාටක්වත් නෑ. ඒ රටේ දරුවන්ට මවුකිරි දෙන්න කියලා යෝජනා කළා. ඒ රටේ පාලකයො හිතාගෙන ඉන්න විදියට රටේ හුඟාක් ඉන්නේ එළදෙන්නු සහ වස්සො නිසා හැමෝම කිරිවලින් ස්වයංපෝෂිතයි කියලයි ඒ රටේ පාලකයො හිතාගෙන ඉන්නේ. ඇත්තටම ඉතින් ඒගොල්ලන්ගෙ වැරැද්දකුත් නෑ. ඒගොල්ලන්ව රජකරවන්න තරම් මේ රටේ මිනිස්සු ගොං නම්, තණකොළ ටිකක් කාලා කිරි ටිකක් දොවාගන්න තැනට වැඩ කරගන්න බැරිත් නෑ කියලා ඒගොල්ලෝ හිතනවා ඇති. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි ඒ රටේ සිමෙන්ති ප්‍රශ්නෙ. ඒ රටේ මේ වෙනකොට සිමෙන්ති කියන එක හරියට හෙරොයින් ගානට වැටිලා. සිමෙන්ති විකුණන්නේ හංග හංග. කොට්ටයක් හොයාගන්න සාමාන්‍යයෙන් කිලෝමීටර් 20ක 30ක දුරක් යන්න සිද්ධ වෙනවා. පොඩි වැඩකට නම් සිමෙන්ති කොට්ටයක් ඇහැට දකින්නවත් හම්බවෙන්නෙ නෑ. මේ විදියට සිමෙන්ති කොට්ට හොයන්න ගියාම සමහර කඩවල සිමෙන්ති කොට්ටයක් යන්තං ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. හැබැයි සිමෙන්ති කොට්ටය නිකං දෙන්නෙ නෑ. සිමෙන්ති ගන්න නම් ඒ කඩෙන් තව මොනවා හරි බඩුමුට්ටු ටිකක් ගන්නම ඕනෙ. ඉතින් සිමෙන්ති විකුණන කඩවල වෙනත් බඩු නෑනෙ. තියෙන්නේ යකඩ, ඇණ වගේ දේවල්. මේවටත් මිලක් තියෙනවා සමහර කඩවල. මෙන්න මේ මිලට බඩු ගත්තොත් විතරයි සිමෙන්ති කොට්ටයක් දෙන්නේ. එතකොට අන්ත අසරණ වෙලා ඉන්න ඒ රටේ මිනිසුන්ට සිමෙන්ති කොට්ටයක් ගන්නවා කියන එක පුදුම ප්‍රශ්නයක් බවට පත්වෙලා. ඒ ප්‍රශ්නෙ ගැන ඒ රටේ පාලකයො ඒ තරම් උනන්දුවක් නෑ. ඒ වගේම මේ සිමෙන්ති ප්‍රශ්නෙ කොච්චර දරුණුද කියලා දවසක් ඒ රටේ මනුස්සයෙක් මේ ලියුම්කරු එක්ක කිව්වා.

ඒ මෙහෙමයි.

‘සිමෙන්ති ලැබුණොත් විතරයි බාස්ලට වැඩ තියෙන්නේ. ඒ කියන්නේ බාස්ලට ගෙවල් හදන්න පුළුවන් වෙන්නේ. ගෙවල් හැදුවොත් තමයි වඩු බාස්ලට වැඩ තියෙන්නේ. දොරවල්, උළුවහු, ජනේල, වහල ගැසීම් වගේ වැඩ තියෙන්නේ. ඒ වගේම ඉන්නවා ගෙවල්වල තීන්ත ආලේප කරන අය. ඒ අයට වැඩ තියෙන්නෙත් සිමෙන්ති තිබුණොත් තමයි. සිමෙන්ති තිබුණොත් තමයි ගෙවල් හදන්නේ. ගෙවල් හැදුණොත් තමයි තීන්ත ගාන්නේ. ඒ වගේම තව ඉන්නවා වයරින් කරන අය. ඒ අයට රැකියාව තියෙන්නෙත් සිමෙන්ති තිබුණොත් තමයි. ඒ කියන්නේ ගෙවල් හැදුණොත් තමයි. තවත් ඉන්නවා යකඩ වැඩ කරන අය. ඒ කියන්නේ දොරවල්වල ග්‍රිල්, ගේට්ටු වගේ හයිකරන අය. ඒ අයට රැකියා තියෙන්නෙත් ඒ විදියට. තව ටයිල් අල්ලන අය ඉන්නවා, පැන්ටි්‍ර කබඩ් සවිකරන අය ඉන්නවා. මේ ඔක්කොගෙම රැකියාවන් ටිකෙන් ටික නැතිවෙමින් යන්නේ. මේ නැතිවෙමින් යනකොට ඒ රටේ හුඟක් දෙනකුට සල්ලි නැතිවෙලා යනවා. සල්ලි නැතිවෙලා යනකොට ඒ රටේ මිනිසුන්ගෙ ජීවන තත්ත්වය හොඳටම පහළ වැටෙනවා. මේ විදියට පහළ වැටෙද්දි ව්‍යාපාරිකයන් පවා කඩාගෙන වැටෙනවා. මොකද මුදල් එකිනෙකා අතර මිශ්‍රණය නොවෙනකොට මිනිසුන් ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙනවා. අද වත්තකට කම්බි ගහගන්න, සිමෙන්ති කණුවක් හොයාගන්න නෑ. සිමෙන්ති කණුවක් හොයාගත්තත් ඒක හිටවන්න සිමෙන්ති ටිකක් හොයාගන්න නෑ. මේ විදියෙ ප්‍රශ්න ගොඩක් ඒ රටේ ඇතිවෙලා. හැබැයි ඉතින් ඒ රටේ පාලකයො ඉතා බුද්ධිමත්, ගුණවත්, උතුම් සහ නැණවත් නිසා මේ ප්‍රශ්න හමුවේ කලබල වෙන්නෙ නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අස්කරගත් මන්ත්‍රී මිලාන්ගේ ලක්ෂ හයේ අල්ලස් නඩුව අල්ලස් කොමිසම යළි පවරයි!

Next Post

හතරවටෙන්ම පහර වදින-ඇමැතිවරු අස්වෙන්න හදන
මොකද්ද මේ ඥානසාර හිමියන්ට ජනපති දුන් බලය! කියවලාම දැනගන්න!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.