• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

October 31, 2021
in CID, Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේම ඇත්තේ දැඩි මත්කුඩු හිඟයකි. මත්කුඩු ජාවාරම්කරුවන්ට ඔළුව උස්සන්නට ඉඩ නොදෙමින් කෙරෙන රහස් මෙහෙයුම් නිසා කරකියා ගැනීමට නොහැකිව පිස්සුවැටී සිටින ඔවුන් දැන් පොලීසියට ඔත්තු දෙන පුද්ගලයන් දඩයම් කිරීමට පටන්ගෙන ඇත. කුඩු සලිඳුගේ මතුකුඩු කිලෝ 40ක් අල්ලන්න පොලීසියට ඔත්තුව දුන්නාට බණ්ඩාරගමදී තරුණයකුගේ දෑත් කපා දැමුවේ මහ මඟ දෙනෝදහක් බලා සිටියදීය. අදටත් ඒ අපරාධකරු අල්ලා ගැනීමට පොලීසිය සමත්වී නැත. ඔවුන් පොලීසියට කොකා පෙන්වමින් සිටින්නේ ඇතැම් විට ලොකු හයියක් හෝ බලයක් ඔවුන් පිටුපස තිබෙන නිසාදැයි යන්න පිළිබඳ ඇත්තේ සැබවින්ම ගැටලුවකි. ඒ වෙන කිසිවක් නිසා නොව, දේශපාලනයේ හා පොලීසියේ සිටින ඇතැම් දූෂිත නිලධාරීන්ගේ හයි හත්තිය කුඩු සලිඳුට ඇති නිසාය.

කුඩු සලිඳු ලංකාවේ ඉන්නවාද නැද්ද යන්න ගැනවත් තවම පොලීසිය දන්නේ නැත. පානදුරේදී කුඩු සලිඳු මේ අවුරුද්ද මුලදී මහ දවාලේ මාළු ව්‍යාපාරිකයෙකු මරා දැම්මේය. ඒ, කුලී ඝාතකයෙක් යොදවාය. පොලීසිය එම ඝාතකයා හඳුනා ගත්තද ඔහුව අල්ලා ගන්නට ඉහළ පොලිස් නිලධාරියකුගෙන් ඉඩක් ලැබුණේ නැත. ඒ ඝාතකයා භාරවීමට සූදානමින් සිටින බව කියමිනි. වෙඩිතැබූ ගිනි අවිය බව කියමින් කනත්තක දමා ගිය ටී-56 අවියක්ද, බොල්ගොඩ ගඟේ ගිල්වා තිබුණු යතුරුපැදියක්ද ගොඩගනිමින් පොලීසිය ලොකු මාධ්‍ය සංදර්ශනයක්ද පෑවේය. එහෙත් සැබෑව නම් ඒ ගිනි අවියත්, යතුරුපැදියත් එම ඝාතනයට සම්බන්ධයක් නොමැති ඒවා වීමය. අන්තිමට පොලීසියේ ඔළුව අතගා ටොක්කක්ද ඇන ඝාතකයාත් ඔහුගේ සහයකයාත් රටින් පැන ගත්තේය. ඒ, ගුවන් තොටුපොළෙන් සහ බෝට්ටුවක් හරහාය.

දැන් ඒ දෙන්නාම සිටිනවා යැයි කියන්නේ ඩුබායිවලය. කුඩු සලිඳුත් දැන් ඉන්නවා යැයි කියන්නේ ඩුබායිවලමය. දැන් පානදුර හොල්ලාගෙන ඉන්නේ කුඩු සලිඳුය. පොලීසියේ මහත්වරුන්ගේ ස්ථාන මාරුවීම් පවා කර දෙන්නට තරම් සිලිඳුට ඇත්තේ ලොකු බලයකි. පොලිසිය තුළ එය ප්‍රසිද්ධ රහසකි.

මුල්ලේරියාවේදී ඉකුත් 26 වැනිදා පත්තුවූ වෙඩිල්ල පසුපසද ඇත්තේ මත්කුඩු ජාවාරමක් හා බැඳුණු කතාවකි. වාර්තා වන ආකාරයට ‘හරක් කටා’ නමැති මත්කුඩු ජාවාරම්කරුට පොල්ලක් තැබීමේ සිද්ධියක් එම ඝාතනයට මුලය. තවත් කතාවකින් කියැවෙන්නේ හරක් කටාගේ මත්කුඩු අල්ලන්නට දුන් ඔත්තුවක් ඔහුගේ මරණයට මුල් වී ඇති බවකි. ඇත්ත නැත්ත මෙතෙක් පැහැදිලිව තහවුරු වී නැතත්, මත්කුඩු හා බැඳුණු සිදුවීමක් එම ඝාතනයට මුල්වී ඇති බව නම් විශ්වාස කිරීමට හැකිය.

පාතාලය නැවත හිස ඔසවමින් ඇති බව පසක් කරමින් එදා මුල්ලේරියාවේ දෙල්ගහවත්තේ නිවෙසකට කඩාවැදී වෙඩි පිට වෙඩි තැබූයේ පොලිස් වෙස්ගත් පිරිසකි. නුවන් මිලින්ද නමැති 42 හැවිරිදි පුද්ගලයෙක් එහිදී ඝාතනයට ලක්වන අතර ඔහු වෘත්තියෙන් මාර්ග කොන්ත්‍රාත්කරුවෙකි. අංගොඩ ලොක්කා ජීවතුන් අතර සිටියදී ඔහු හා සමීපව කටයුතු කළ අයෙකි. අංගොඩ ලොක්කාගේ මත්කුඩු ජාලයට ඔහු සක්‍රීය දායකත්වය ලබාදුන් තැනැත්තෙක් බවද පැවැසෙයි. අංගොඩ ලොක්කා ඉන්දියාවට පලායාමෙන් පසු සියලු දුසිරිත් අතහැර ව්‍යාපාරික කටයුතුවලට පමණක් මුල්තැනදී ඔහු කටයුතු කළ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වන විට වැලිගම මිදිගම රජකළ හරක් කටා නමැති අපරාධකරු සිටියේ අංගොඩ ලොක්කාගේ තැන ගන්නට මාන බලමිනි. අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක් වන හරක් කටා නමැති අපරාධකරු මාකඳුරේ මධුෂ් සමගද ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වාගෙන ගියේය. දෙදෙනාගේම මරණවලින් පසු හරක් කටා බලය අල්ලන්නේ ඔහුට අවනත නොවන මධුෂ්ගේත් අංගොඩ ලොක්කාගේත් ගෝල බාලයන් මරු තුරුලට යවමිනි. අවසානයට එසේ හරක් කටාගේ ගොදුරක් බවට පත්වූයේ සන්ෂයින් සුද්දාය. මුල්ලේරියාව දෙල්ගහවත්තේ වෙඩිතැබීම පිටුපස සිටින්නේ යැයි විශ්වාස කරන්නේද හරක් කටාය. මේ සියල්ලක්ම ඔහු කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය.

මුහුණු මුළුමනින්ම ආවරණය වන ලෙස හෙල්මට් පැලඳ යතුරුපැදියකින් එදා උදෑසන 6.30ට අදාළ නිවෙසට පැමිණෙන දෙදෙනෙක් දොරගුළු විවර කරගෙන ඊට ඇතුළුවන්නේ පොලීසියෙන් යැයි කියාය. එම නිවෙසේ නුවන් මිලින්ද සමග ජීවත්වන්නේ ඔහුගේ මවුපියන් සහ සහෝදරියත්, ඔහුගේ සැමියාත් පමණි. මිලින්ද නිදා සිටියේ කාමරයේය. ඔහු අසලට පැමිණෙන පොලිස් වෙස්ගත් වෙඩික්කරුවන් ඔහුගේ හිසට ගිනි අවිය එල්ලකර වෙඩි තබන විට සහෝදරියගේ සැමියා වෙඩිකරුගේ ඇඟට පනින්නේ ඔහුගේ කටටත් වෙඩිල්ලක් වද්දාගෙනය. මස්සිනාගේ ජීවිතයට එම වෙඩිල්ලෙන් හානියක් නොවූවත් මිලින්ද එතැනම මරු වැලඳ ගත්තේය.

මේ ගැන විමර්ශන කරන කණ්ඩායම් අතර මුල්ලේරියාව පොලීසිය හැරුණු කොට කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයද සිටී. වෙඩික්කරුවෝ පලායන්නේ කඩුවෙල දෙසටය. ඒ ගොස් කඩුවෙලින් අධිවේගී පිවිසුම ආසන්නයේදී ඔවුන් යතුරුපැදිය අතහැර යන අතර, චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී හිස් වැසුම් හා ජැකට්ද විසිකර දැමූහ. ඒ සියල්ලක්ම දැන් ඇත්තේ පොලිස් භාරයේය.

විමර්ශන කණ්ඩායම් හඳුනාගෙන ඇති ආකාරයට එම වෙඩික්කරු පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුෂ් බුද්ධික නොහොත් ජිලේය. අවුරුදු 30ක් වයසැති ඔහු මුල්ලේරියාව නව නගරයේ වැසියෙකි. එහෙත් දැන් ඔහු එහි නැත. තැන් තැන්වල සැඟවී සිටී. හරක් කටාගේ මත්කුඩු ජාලයේ ප්‍රබල චරිතයක් වන ඔහු කලක් අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකි. ඔහුගේ සහෝදරයා අංගොඩ ලොක්කාගෙන් පසු අංගොඩ බලය ඇල්ලූ ‘සොල්ටා’ය. ආයුධ පෙන්වන්නට ගොස් සොල්ටා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අතින් මරුමුවට පත්වන්නේ මාස ගණනකට පෙරය.

පොලීසිය මේ අපරාධකරු වෙනුවෙන් මේ වන විටත් රුපියල් ලක්ෂ 25ක් වෙන්කර හමාරය. ඒ, ඔහුව අල්ලා ගැනීමට සාර්ථක තොරතුරු සපයන්නකු වෙනුවෙනි. පොලීසිය කියන්නේ ඔත්තුව කිසිදු බාහිර පාර්ශ්වයකට දැනගැනීමට ඉඩ නොතබන බවකි. එසේම එම ඔත්තුව නිවැරැදි නම් ලක්ෂ 25ක් දෙන බවත් කියයි. පාතාලයේ ගැටුම් සම්බන්ධයෙන් රුපියල් මිලියන දෙකහමාරක් වැනි විශාල තෑගි මුදලක් ලබාදීමට පොලිසිය මීට පෙර කටයුතු කළේ නැත. ඒ අනුව පැහැදිලි වන්නේ පාතාලයේ හුදු ගැටුමකට එහා ගිය සිදුවීමක් මේ පිටුපස ඇති බවකි. ඇතැම් විට හරක් කටාගේ මත්කුඩු ජාලය බිඳවැටී මේ වන විට රටේ ඇතිව තිබෙන මත්කුඩු හිඟය සහ මෙම ඝාතනය අතර තිබිය හැක්කේ අන්‍යොන්‍ය සම්බන්ධයකි.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

මැච් එක කාපු හේතුව එළියට එයි!

Next Post

ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.