බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින රාජ්‍ය අමාත්‍යවරයකු පසුගිය දිනෙක ටොරින්ටන් චතුරශ්‍රයේ ව්‍යයාමවල නිරතව සිටියදී මහත් අකරතැබ්බයකට පත්ව ඇති පුවතක් වාර්තා වේ.
මෙම රාජ්‍ය අමාත්‍යවරයා දිනපතාම පාහේ ටොරින්ටන් චත්‍රරශ්‍රයේ ව්‍යයාම සදහා පැමිණෙන අතර ඒ හේතුවෙන් මිතුරු මිතුරියන් කණ්ඩායමක්ම රාජ්‍ය අමාත්‍යවරයා සමග ව්‍යායාමවල නිරත වන ආකාරයක් දැකගැනීමට හැකි විය.
කෙසේවෙතත් පසුගිය දිනෙක මෙම රාජ්‍ය අමාත්‍යවරයා ව්‍යයාම සදහා ගියද මෙම මිතුරු කණ්ඩායමේ කිසිවකුත් ඔහුව ගණන් ගෙන නැති බව වාර්තා වේ.
ඒ පිළිබදව ඉව වැටීමෙන් අනතුරුව මෙම රාජ්‍ය අමාත්‍යවරයා පිරිස සමග කතාබහ කිරීමේදී ඒ සියලු දෙනාම බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට දොස් පවරා ඇති බව දැනගන්නට ඇත.
විශේෂයෙන්ම කාන්තාවන් එහිදී අමාත්‍යවරයාට දැඩිව දොස් පවරා ඇති බව පැවසේ.
මෙම සිදුවීමෙන් පසුව අමාත්‍යවරයා දින කිහිපයක්ම ව්‍යායාම් කිරීම් සදහා සහභාගී වී නොමැති බවද දැනගන්නට තිබේ.










