රටේ ජනතාවට තුන්වේල කන්න ක්‍රමයක් නොමැතිව පැවතියදී සහ කෘෂි ආර්ථිකය විනාශ කොට තිබියදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් ගැන කියමින් පෝර්ට් සිටියේ රේස් පදින බව චමීර පෙරේරා මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ රටේම ජනතාව දුක් විදිද්දී රජ පවුලේ කුමාරවරුන් පමණක් සැප ගනිමින් සිටින බවකි.
මේ වනවිට රට සෑම ක්ෂේත්‍රයකින්ම කඩා වැටී ඇති බව කී පෙරේරා මහතා රජ පවුල සෞභාග්‍යය දැක්මේ ඇති තමන්ට අවශ්‍ය වගන්ති කිහිපය පමණක් රැගෙන ඒ පිළිබද කතා කරමින් සිටින බවද කියා සිටියේය.
මෙම ප්‍රවෘත්ති සාකච්ජාවේදී ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමටද චමීර පෙරේරා මහතා කීය.










