කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කරනු ලැබූ පේරාදෙණිය සරසවියේ කෘෂි මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා මේ වනවිට විදේශගතව ඇති බව අප වෙබ් අඩවිය මීට දින දෙකකට ඉහතදී වාර්තා කළෙමු.
එහිදී අප කියා සිටියේ තනතුරෙන් ඉවත් කළ දිනම මාරඹේ මහතා විදෙස්ගතව ඇති බවකි.
කෙසේවෙතත් මාරඹේ මහතා එසේ විදේශගත වූයේ අයර්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන ‘කොප් 26’ සමුලුවට සහභාගී වීම සදහාය.
ජනාධිපතිවරයාද මේ වනවිට සූදානමින් සිටින්නේ මෙම සමුලුවට සහභාගී වීමටය.
ඒ එහි සංවිධායකයන්ගෙන් ලද විශේෂ ආරාධනාවකට අනුවය.
එහිදී බොහෝ දුරට ජනාධිපතිවරයා හා මාරඹේ මහතා අතර සාකච්ජාවක් සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.










