සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් මුම්බායි මහාධිකරණයෙන් ඇප මත මුදා හැරියේය.
මුම්බායි මහේස්ත්‍රතාත් අධිකරණයෙන් ආර්යන් ඛාන්ට ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ නීතීඥ සනිෂ් මනේෂින්දේ මුම්බායි මහාධිකරණය වෙත ගොනු කළ ඇප අයදුම්පත ඉකුත් 26 වැනිදා විභාගයට ගත් අතර තෙදිනක් පුරා දීර්ඝ කැරණු දැක්වීඹකින් පසු ආර්යන් ඛාන් ඇප මත මුදා හරින බව මුම්බායි මහාධිකරණය විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ ආර්යන් ඛාන් ට හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටවයෑමට හැකිවනු ඇති බවය.
23 හැවිරිදි ආර්යන් ඛාන් සමග ඔහුගේ යහළුවන් දෙදෙනෙකුද ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත් වූයේ මේ මස මුලදීය.










