ලංකාවට බලෙන් ඇතුල් වීමට සූදානමින් සිටින චීන පොහොර නැව අයත් සමාගම වන ක්වින්ඩාවෝ සමාගමේ දේශීය ඒජන්තවරයා වශයෙන් කටයුතු කරන සමාගමේ හිමිකරු ‘සේදර’ නැමැත්තකු බව මේ වනවිට අනාවරණය වී ඇත.
මේ බව අනාවරණය වූයේ මෑතකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉවත් කරනු ලැබූ පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සිදු කළ සාකච්ජාවකදීය.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදු කළ මෙම සාකච්ජාවේදී ඒ මහතා කියා සිටින්නේ මෙම චීන සමාගමේ දේශීය නියෝජිතයා සේදර නැමැත්තකු බවත්, ඔහු වටා සිටින පිරිස් පිළිබද තමන් නොදැනුවත් බවය.










