• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අමෙරිකාවයි ඉන්දියාවයි ඇෆ්ගනිස්තානයේ පකිස්තාන වැඩ ගැන ඇහැ ගහගෙන!

October 27, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
අමෙරිකාවයි ඉන්දියාවයි ඇෆ්ගනිස්තානයේ පකිස්තාන වැඩ ගැන ඇහැ ගහගෙන!
Share on WhatsAppShare on Facebook

තලේබාන් කණ්ඩායම සහ ඉස්ලාමාබාද්වල ඇතැම් සිද්ධීන් එකට සංසන්දනය කරමින් පාකිස්තානය ඇෆගනිස්තානයේ ගෙනයන චර්යා රටාව කුමක්ද යන්න පිළිබඳ ඉන්දියාව සහ එක්සත් ජනපදය හීන්සිරුවේ සෝදිසියෙන් සිටින බව වොෂිංටනයේ තුන්දින සංචාරය අවසානයේ පසුගිය සිකුරාදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී භාරත විදේශ ලේකම් හාර්ෂ් ශ්රිංගල් පැවැසීය. එම මාධ්‍ය හමුවේදී විදේශ ලේකම්වරයා වැඩිවශයෙන් අවධානය යොමු කළේ යුද්ධයෙන් නන්නත්තාර වූ ඇෆ්ගනිස්තානය ගැනය. තම රට “අතේ දුරින් සිටීමේ” සිද්ධාන්තය තලේබාන්කාරයන් කෙරෙහි දක්වන බවද ඔහු කියයි.

ඇෆ්ගනිස්තානයේ පාලන බලය පසුගිය අගෝස්තු 15දා අත්පත් කරගැනීමෙන් පසුව මේ වන විට ක්‍රියාත්මක කෙරෙන අතිධාවනකාරී සිදුවීම් මාලාව ගැන එතරම් ප්‍රසන්නතාවකින් විදේශ ලේකම්වරයා කතා කළේද නැත.

පාකිස්තානයේ අභ්‍යන්තර සේවා බුද්ධි ප්‍රධානි ලුතිනන් ජෙනරල් ෆාහිස් හමීඩ් තලේබානුවන් සමග ද්විපාක්‍ෂික සාකච්ඡාවකට යාමට පැය කීපයකට පෙරාතුව භාරත විදේශ ලේකම්වරයා ඒ කරුණු ටික මාධ්‍යයට ප්‍රකාශ කළේය.

තලේබාන් කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ බලය ගත් පසුව පාකිස්තානයෙන් එරටට ගිය පළමු රාජ්‍ය නිලධාරියා ලුතිනන් ජනරාල්වරයාය.

පාකිස්තානය තලේබාන්ලාට “ගොට්ට” අල්ලන බව කී විදේශ ලේකම් හාර්ෂ් ශ්රිංගල් ඒ මොනවා කළත් ඉන්දියාවත් ඇමෙරිකාවත් පාකිස්තානය අල්ලන්න හදන “කස්තිරම” දෙස “ඇස් කන් ඇරගෙන” සිටින බවද පැවසීය. ප්‍රතිවිරුද්ධ ක්‍රීඩකයන් එක පිලක සිට සෙල්ලම් කරන්නේ කොහොමද කියන එකයි අපි බලාගෙන ඉන්නෙ. පාකිස්තානය කියන්නෙ ඇෆ්ගනිස්තානයේ අසල්වැසියා. ඒ වගේම තලේබාන්ලාට “කිරිපෙව්වේත්” පාකිස්තානයමයි. ඒ දෙගොල්ලන්නෙ තියෙන “පයුරුපාසානෙ” මොකක්ද කියන්න හේතු සාධක ඕනෑ පදං තියෙනවා. ඇෆ්ගනිස්තානයේ සංවර්ධනය ගැන අපි දෙගොල්ල, ඇමෙරිකාවත් භාරතයත් එක අදහසේම සිටිනවා. එහෙත් තලේබාන්ලා දිහා බලන්නෙ නම් “මොකාටද එන්න හදන්නෙ” කියන කෝණයෙන්. ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ගේ කෙම්බිමක් වේදැයි යන්න පිළිබඳවද පසුගිය එක්සත් ජාතීන්ගේ සංගමයේදීද සාකච්ඡා කෙරී තිබේ.

“ජෙයිෂ් ඊ මොහමඩ්” සහ ලෂ්කාර් ඊ තෛබා යන ත්‍රස්ත කණඩායම් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්ද හඳුනාගනු ලැබ ඇත. එබැවින් ඉන්දියාව සහ ඇමෙරිකාවද ඔවුන්ගේ ක්‍රියා කටයුතු ගැන ඇසගසා සිටිති.

ඇෆ්ගනිස්තානය සමග බැඳීමක් කඩිනමින් ආරම්භ කිරීමට ඉන්දියාව සූදානමක්ද නැති තරම්ය. එහෙත් සීමාසහිත ප්‍රමාණයකට සම්බන්ධතාවක් පැවැත්වේ. මේ විදේශ ලේකම්වරයාගේ ප්‍රකාශයකි.

අප මහා පරිමාණයෙන් ඔවුන් සමග සාකච්ඡා පවත්වන්නෙත් නෑ. සුළු කතාබහක් කරනවා පමණයි.

එසේ වුවත් ඇතැම් කරුණුවලදී ඔවුන් සාධනීය තත්ත්වයකට අනුගතවීමට උත්සාහ දරන බවක් පෙනෙන්නට තිබීම යහපත් දෙයක්. එසේ වුවත් ජාත්‍යන්තර ප්‍රජාව නම් ඇෆ්ගනිස්තානයේ වෙන දේවල් ගැන පසුවන්නේ ඒ තරම් ප්‍රිය මනාපයකින් නම් නොවන බව පේනවා. එහෙත් අපට ඒ මට්ටමට වැටෙන්න අපහසුයි. ඇෆ්ගනිස්තානය කෙරෙහි ඇල්මක් දක්වන සෑම රටක් සමගමත් අපිත් සම්බන්ධයි. ඔහු පැවැසුවේය.

කටාර්වල ඉන්දියානු මහ කොමසාරිස් දීපක් මිතාල් තලේබානු ජ්‍යෙෂ්ඨ නායක ෂෙර් මොහමඩ් අබ්බාස් ටෙනෙක්සායි සමග සාකච්ඡාවකට සහභාගිවී ඇත. සාකච්ඡාව තලේබාන් පාර්ශ්වයේ අවශ්‍යතාව අනුව පැවැත්වූවකි. ඒ දෙපක්‍ෂය අතර ප්‍රථම සුහද හමුවයි. ඒ සාකච්ඡාවේදී ඇෆ්ගනිස්තානයෙන් තම රටට එරෙහිව කෙරෙන්නාවූ ත්‍රස්ත ක්‍රියා පිළිබඳවද ඉන්දියාව මතක් කරදී ඇත. ඉන්දීය විදේශ ලේකම් හාර්ෂ් ශ්‍රිංගාල් තුන්දින ඇමෙරිකානු නිල සංචාරයේදී ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ඇතුළු ප්‍රධානීන් ගණනාවක් සමගද සාකච්ඡා පවත්වා ඇත. ඒ සෑම සාකච්ඡාවකදීම ප්‍රධාන මාතෘකාව ඇෆ්ගනිස්තානයවී තිබේ.

පාකිස්තානයේ අභ්‍යන්තර සේවා බුද්ධි ප්‍රධානී ලුතිනන් ජෙනරල් ෆාහිස් හමීඩ් පසුගියදා ඇෆ්ගනිස්තාන, තලේබාන නායකත්වය සමග පැවැත්වූ සාකච්ඡාවේදී ආරක්‍ෂාව ඇතුළු ප්‍රධාන කරුණු ගණනාවක් ප්‍රස්තුත කරගෙන ඇත්තේය.

ඒ පිළිබඳ මාධ්‍යයට ප්‍රකාශයක් කළ නම සඳහන් නොකළ පාකිස්තාන හමුදා ප්‍රධානියකු පැවැසුවේ ඇෆ්ගන් හමුදාව ප්‍රතිසංවිධානය කිරීමට එහිදී සාකච්ඡා කෙරුණු බවයි. මේ සාකච්ඡාවේ වැදගත්ම සිද්ධිය ලුතිනන් ජෙනරල් ෆාහිස් හමීඩ් සහ පාකිස්තාන තානාපතිවරයා සියලුම මාධ්‍යවේදීන්ද සහභාගි කරවාගෙන සාකච්ඡාව පැවැත්වීමය. එම සාකච්ඡාවේ අන්තර්ගත කරුණු පිළිබඳ මාධ්‍ය වාර්තාවල දැක්වෙන අන්දමට ජ්‍යෙෂ්ඨ නායක මුල්ලා අබ්දුල් ගානි බරාදර් සහ ආරක්‍ෂක ඇමැති හකානිගේ කටයුතු අතර පැහැදිලි වෙනස්කම් ප්‍රදර්ශනය කෙරෙන බවයි.

දෝහා දේශපාලන කේන්ද්‍රීය නායක බරාදර් සහ ක්‍ෂේත්‍රයේ නියමුවන් වන මුල්ලා මොහමඩ් යාකුබ් ප්‍රමුඛ කණ්ඩායමක් අතර බලය බෙදීයාම සම්බන්ධයෙන් බලවත් වෙනස්කම් රැසක් (ගැටුමක්) උද්ගතව ඇති බවද පැහැදිලිව දක්නට ලැබේ. මුල්ලා මොහමඩ් යාකුබ් යනු තලේබාන් සන්නද්ධ කණ්ඩායමේ නිර්මාතෘ මුල්ලා මොහමඩ් ඕමාර්ගේ පුත්‍රයායි.

දැනට ආරක්‍ෂක ඇමැති හකානිගේ අණසක යටතේ පවත්නා බුද්ධි, ආරක්‍ෂක සහ අභ්‍යන්තර කටයුතු පිළිබඳ ආයතන, අභ්‍යාන්තර සේවා බුද්ධි ප්‍රධානි ලුතිනන් ජෙනරල් ෆාහිස් හමීඩ්ගේ නිර්දේශ අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ මතය මහජනයා තරයේ අනුමත කරනු ලබන බව නම සඳහන් කිරීමට අකැමැති වූ හමුදා ප්‍රධානියකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

ලුතිනන් ජෙනරල් ෆාහිස් හමීඩ්ගේ පැමණීමෙන් මේ වෙනස්කම් හඳුනාගෙන ඇතැයි පැවසෙන අතරම මහජනයාගේ මතය එම පැමිණීම ඇමැති හකානිගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහාම බවයි.

SendShareShare
Previous Post

‘එගොඩහ යන්නෝ’ සිංදුවෙන් රටම දැනගත් හේෂානි පිළිකා රෝහලේදී හදිසියේම කොණ්ඩය කැපුවේ ඇයි?

Next Post

ෂාරුක්ගේ පුතාට කුඩු දුන්නේ චන්කි පාන්ඩේගේ දුවද?

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයේ සභාපති කියනවා ජනමත විචාරණයකට යන්න වෙයි කියලා! අධිකරණ ඇමැතියි සෞඛ්‍ය ඇමැතියි කියනවා ජනමත විචාරණයකට යන්න ඕන නෑ කියලා! බලමු කව්රු කියන එක හරි යයිද කියලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්‍යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...

Read more
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)

නීතීඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් හෙට! සමගි නීතීඥ සංගමයෙන් විශේෂ ආරාධනාවක්! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ඉරාන යුද්දෙට අමෙරිකාවෙන් තුනෙන් දෙකක්ම අකැමැත්තෙන්! අලුත්ම මත විමසුමෙන් ට්‍රම්ප් ඉවරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

දැන්ම තියා ලෑස්ති වෙන්න! ලබන මාසයේ විශාල නියඟයක් එනවා! බොන්නවත් වතුර නැතිවෙන්නයි යන්නේ..!  Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

ඕකා ඉන්න ඕන හිරේ..! ගොවියො ලාල්කාන්තට අමතනවා ඇමතිල්ලක්..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.