• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඹුල්ලම තැතිගැන්වූ පාසැල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි!

October 27, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
දඹුල්ලම තැතිගැන්වූ පාසැල් දැරියගේ ඝාතකයා ගමෙන් පනින CCTV හමුවෙයි!
Share on WhatsAppShare on Facebook

“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ මගේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල් දරුවා තමයි රේණුකා කුමාරි. එයාගේ යාළුවකුගේ දරුවකුට උගන්වන්න තමයි බුද්ධිමාව එක්කරගෙන ගිහින් තිබුණේ. “මේ ළමයට මෙහෙම දෙයක් වෙයි කියලා හිතාගන්නවත් බැහැ මහත්තයො…” මේ පසුගියදා දඹුල්ලෙන් අසන්නට ලැබුණු ශෝචනීය පුවතක්.

දඹුල්ල හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ අබිරහස් ලෙස මරණයට පත්වූ පාසල් දැරියක් පිළිබඳ අසන්නට ලැබුණා. මෙසේ මියගොස් තිබුණේ 14 හැවිරිදි බුද්ධිමා පියුමාලි නම් දැරියක්. අතවරකොට ඇය මරාදැමීමේ සිද්ධියෙන් හබරත්තාවල ගම්මානයම කම්පාවට පත්වෙලයි සිටින්නේ. “මව්රට” පුවත්පතේ අපි මේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සිදුකරන දඹුල්ල පොලිසියේ ස්ථානාධිපති හා ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිල් කරුණාතිලක මහතාගෙන් විමසීමක් කළා.

බුද්ධිමා පියුමාලි කණ්ඩලම ඩී.ඒස්. සේනානායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනගන්නා දැරියක්. ඇය දරුවන් පස්දෙනකුගෙන් යුත් පවුලේ බාලයා. මේ පවුලේ ගැහැනු දරුවන් හතරදෙනක් සහ එක් පිරිමි දරුවෙක්ද සිටිනවා. පිරිමි දරුවා සිටින්නේ පැවිදි වෙලා. චන්ද්‍රරත්න බණ්ඩාර සහ චන්ද්‍රා ජයසේකර කියන්නේ බුද්ධිමාගේ මවුපියන්. දරුවන් පස්දෙනා ජීවත් කරන්න මේ මවුපියන් කළේ කුලීවැඩ.

බුද්ධිමාගේ වැඩිමහල් සහෝදරිය රේණුකා කුමාරි 26 හැවිරිදි විවාහක කාන්තාවක්. ඇය ඇගේ මව සමග පසුගිය අටවැනිදා සවස දඹුල්ල පොලිසියට ගියේ තම නැගණිය වන බුද්ධිමාගේ අතුරුදන්වීම පිළිබඳ දැනුම් දීමටයි. බුද්ධිමාගේ අතුරුදන්වීම පිළිබඳ පොලිසියෙන් කරුණු විමසන්නට වුණා. එවිට ඇගේ මව වන චන්ද්‍රා මහත්මිය කියා සිටියේ,
“මට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. නැතිවෙලා ඉන්නේ බාල දුව. එයාට වයස අවුරුදු 14යි. වැඩිමහල් දරුවා තමයි රේණුකා කුමාරි. එයාගේ යාළුවකුගේ දරුවකුට උගන්වන්න තමයි බුද්ධිමාව එක්කරගෙන ගිහින් තිබුණේ. මගේ බාල දුව එක්කරගෙන ගිය කෙනා වන (පහන්) නෝනා (ගයත්‍රි) මගේ ලොකු දුවගේ යාළුවෙක්. ගයත්‍රි අපේ ලොකු දුව එක්ක ඉස්කෝලේ එක පන්තියේ තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ පවුල් දෙකම හිතවත්. මීට කලිනුත් මගේ බාල දුව එයාලගේ දුවට උගන්වන්න ගිහින් තිබුණා.”

“එතකොට කවදාද ඔයාගේ දුවව ඒ මනුස්සයා ගෙනිහින් තිබුණේ?” දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයා ඇගෙන් ප්‍රශ්න කරන්න වුණා.

“හය වැනිදා….”

“ඒ කොහොමද?”

“එයා මෝටර් සයිකලයෙන් එයාගේ දුවත් එක්ක අපේ ගෙදර ඇවිත් තිබුණා. පස්සේ එයා මගේ බුද්ධිමා දුවට කතා කරලා තියෙනවා එයාගේ දුවට පාඩම් වගයක් උගන්වන්න යන්න. එතකොට බුද්ධිමා කියලා තියෙනවා එයාට එන්න බැහැ තුනට ඔන්ලයින් පන්තියක් තියෙනවා කියලා. එතකොට ඒ පොඩි ළමයත් මෙයාට කියලා තියෙනවා අනේ අක්කේ එන්නකෝ කියලා. ඒ වෙලාවේ ඒ මනුස්සයා කියලා තියෙනවා තුනට කලින් බුද්ධිමාව ගෙනත් ඇරලවන්නම් කියලා…” පස්සේ තමයි ඒ මනුස්සයා ආව බයික් එකටම නැඟලා බුද්ධිමා ගිහින් තිබුණේ. එයා එදා ආවෙත් නැහැ. පහුවැනිදා ආවෙත් නැති නිසා තමයි මම පොලිසියට ඇවිල්ලා පැමිණිල්ලක් දැම්මේ. මේ ළමයට මෙහෙම දෙයක් වෙයි කියලා හිතාගන්නවත් බැහැ මහත්තයෝ…”

“දැන් ඔය අරගෙන ගිය පුද්ගලයා ඔයාලා හඳුනනවද?”

“එහෙමටත් අඳුරන්නේ නැහැ. දවස් දෙක තුනයි දැකලා තියෙන්නේ. එයාව හොඳටම අඳුරන්නේ මගේ ලොකු දුව තමයි…”“හරි අපි හොයලා බලන්නම් මේ ගැන. ඔයාලත් හොයලා බලන්න…” යැයි පොලිස් පරීක්ෂකවරයා පැවසුවා.

අනතුරුව මේ මව සහ දියණිය පොලිසියෙන් පිටව ගියේ නොවිසඳුණු ප්‍රශ්න ගොඩක් හිතේ ඇතිවයි. පසුව චන්ද්‍රා මහත්මිය සිය වැඩිමහල් දියණියගේ මිතුරිය වන ගයත්‍රිගේ නිවෙසටද ගොස් බුද්ධිමා ගැන සොයා බැලුවද අසල්වාසීන්ගෙන් විමසා බැලුවද කිසිදු තොරතුරක් දැනගන්නට ලැබී නැහැ. කෙසේ වෙතත් දඹුල්ල පොලිසිය මෙම අතුරුදන්වීම පිළිබඳ තවදුරටත් විමර්ශන කරන්නට වුණා. ගිරානේගම පොලිස්සියටද මේ ගැන දැනුම් දුන්නේ වැඩි තොරතුරු සොයා යන්නටය. හබරත්තාව ගම්මානය අයත්වන්නේ ගල්කිරියාගම පොලිස් වසමටය. මේ සැකකරු වන පහන්ගේ ගම කුලියාපිටිය බවටද තොරතුරු ලැබී තිබුණා.

බුද්ධිමාගේ මව 119 හදිසි ඇමතුම් අංකයට ඇමතූ බව පොලිස් පරීක්ෂකවරයාට දැනගන්නට ලැබීමෙන් තවත් සැකයක් ඇතිවුණා. මොවුන් තොරතුරු සඟවනවාදැයි කියා. එම සැකය මත පොලිස් කණ්ඩායමක් මේ සැකකරු සොයා යන්නට වුණා.

ඔවුන් ජීවත් වූ අඩක් නිමකළ ගොඩනැගිල්ලක පිටුපස පිහිටි ටකරන් මඩුවකය. සැකකරු ජීවත්වූයේ නීතියෙන් විවාහ නොවුණු කාන්තාවක් හා ඇගේ අටහැවිරිදි දරුවා සමගයි. ඒ කාන්තාවගේ නිවෙස තියෙන්නේ කණ්ඩලම ප්‍රදේශයේ. ඒ ස්ථායේද කිසිවෙක් සොයාගන්නට හැකිවී නැහැ. මේ සැකකරු පිළිබඳ තවත් තොරතුරු පොලිසියට ලැබුණේ පසුගිය නව වැනිදායි.

සැකකරු (පහන්) ඔහුගේ අනියම් බිරිය (ගයත්‍රි) සහ 8 හැවිරිදි දරුවා සමග මීට මාස කිහිපයකට පෙර කාලෝගහඇල පැත්තේ නිවෙසක නවාතැන් ගෙන සිටි බවට පොලිසියට තොරතුරු වාර්තා වුණා. ඒ අනුව පොලිස් නිලධාරීන් එම නිවෙසට ගියා. එය පිහිටියේ බුද්ධිමා ජීවත් වූ නිවෙසේ සිට කිලෝමිටර 6ක් දුරින්. එහි යන විට ගෙදර දොරවල් වහලයි තිබුණේ. සැකකරු එහිද සිටියේ නැහැ. පොලිස් නිලධාරීන් නිවෙස වටේ පරක්ෂා කරන්නට වුණේ කිසියම් තොරතුරක් දැනගන්නටය. එහෙත් සිදුවූයේ වෙනත් දෙයක්. ගේ ඇතුළෙන් දුගඳක් හමන්නට වුණා. එහිදී දැකගන්නට ලැබුණේ තරුණියකගේ නිරුවත් මළ සිරුරක්. සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් දඹුල්ල අධිකරණයට කරුණු වාර්තා කළේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහායි.

පසුව දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් එම්.ඒ. අමානුල්ලා මහතා පසුගිය 12 වැනිදා පැමිණ සිරුර පරීක්ෂා කළා. එහි පැමිණි බුද්ධිමාගේ මව, මෙලෙස මියගොස් ඇත්තේ තම දියණිය බව හඳුනාගත්තා. කෙසේ වෙතත් බුද්ධිමාගේ මරණයට නිශ්චිත හේතුවක් තහවුරු වූයේ නැහැ. ඒ අනුව සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත යැවීමට පියවර ගැනුණා. මේ අතර පොලිස් නිලධාරීන් බුද්ධිමාගේ වැඩිමහල් සහෝදරියගෙන්ද ප්‍රශ්න කරන්නට වුණා.

“මීට කලින් දවසක් නංගි මගේ යාළු‍වාගේ මහත්තයත් එක්ක ත්‍රීවීල් එකේ එයාගේ දුවට උගන්වන්න ගිහින් තිබුණා. මං ගිහින් එක්කරගෙන ආවා. මමයි යාළුවයි පහ වසර වෙනකන් ඉස්කෝලේ ගියේ එකට. අපි දෙන්නම ශිෂ්‍යත්වය පාස්වුණා. මම කණ්ඩලම ඩී.එස්. සේනානායක ඉස්කෝලෙට ගියේ. එයා දඹුල්ලේ ඉස්කෝලෙට ගියේ. අපි ඊට පස්සේ ඈත්වුණා. මේ ළඟදී මගේ මහත්තයා වැඩපළට ගිහින් ඉන්නකොට එයාගේ මහත්තයත් වැඩට ආවා. එතැනදි තමයි අපේ පරණ යාළු‍කම අලු‍ත් වුණේ. ඊට පස්සේ අපි දෙගොලෝම ගෙවල්වල ආවා ගියා. හිතවත්කම් ඇතිවුණා. පසුගිය 23 වැනිදා මගේ දරුවාගේ උපන්දිනේ දවසේ නංගිත් අපි හැමෝම ගයත්‍රිලාගේ ගෙදර ගිහින් ළඟ ඔයකින් නාලා විනෝද වුණා. නංගි අහල පහළ ගෙවල්වලට ගිහින් පාඩම් කියා දෙනවා. ඒ නිසා තමයි මගේ යාළුවාගේ ගෙදරටත් උගන්වන්න ගියේ…” යැයි ඇය හැඬූ කඳුළින් කියා සිටියා.

පොලිස් නිලධාරින් උත්සාහ කළේ කෙසේ හෝ මෙම සැකකරු කොටුකර ගැනීමටයි. මේ වන විට ඔහු අනියම් බිරිය හා දරුවා සමග ගමෙන් පලාගොස් ඇති බව දැනගන්නට ලැබුණා.
විමර්ශන කටයුතු මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ මහතා කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර කෙරුණා. එහි ස්ථානාධිපතිවරයා වූයේ සුගත් බණ්ඩාරය. සැකකරු වන පහන් නමැති පුද්ගලයා මේසන්වරයකු බවත් හඳුනා ගැනුණා. සැකකරු සමග අනියම් බිරිය හා දරුවා ගල්කිරියාගම තාවකාලිකව පදිංචි වී සිටියේ ඉදිකරමින් පවතින ව්‍යාපාරික ස්ථානයක පිටුපස ටකරන්වලින් සැකසූ මඩුවකය. ඒ ස්ථානයේ ආරක්ෂාවට සහ ඉදිකිරීම් කටයුතු පහසුවීම සඳහා මේ සැකකරු භාර්යාව ලෙස සැලකෙන කාන්තාව බාල වයසේදීම අතවරයට ලක්වී තිබුණා. එයින් ලැබුණු දරුවායි මේ ඉන්නේ. මෙම සැකකරුද මීට පෙර විවාහයක් කරගත් පුද්ගලයෙකි. මොවුන් මුණගැසුණේ මීට අවුරුදු හතරකට පෙර කුළුබඩු සකසන ව්‍යාපාරික ස්ථානයකදියි. කෙසේ වෙතත් සැකකරු පිළිබඳ පොලිස් කණ්ඩායම් අනාවරණ කළේ මියගිය අවුරුදු 14ක දැරිය හා කිසියම් සම්බන්ධකමක් පවත්වා ඇතිබව දුරකතන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇති බවයි.

මේ දැරියව මෝටර් බයිසිකලෙන් රැගෙන යන අවස්ථාවේ කඩයකින් කඩල වර්ගයක්ද මිලදී ගත් බවට තොරතුරු ලැබී තිබුණා. දැරියව රැගෙන ගියේ කාලෝගහඇළ පාළු‍ නිවෙසට ගිය බවට ඇසින් දුටු සාක්ෂි කිහිපයක්ද පොලිසියට තොරතුරු ලැබී තිබුණා. කෙසේ වෙතත් බුද්ධිමා දැරියගේ සිරුර හමුවන තෙක් සිදුවූ දේ තවමත් අබිරහසකි. අවසානයේ දැරිය ලිංගික අතවරයට ලක්ව මියගිය බව අනාවරණය වුණා. බුද්ධිමා දැරිය සියලු‍ ඥාතීන් හඬවමින් අවසන් ගමන් ගියේ පසුගිය 13 වැනිදායි. කෙසේ වෙතත් සැකකරු හා අනියම් බිරිය වව්නියාව ප්‍රදේශයට පලාගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් මේ සඳහා පරීක්ෂණ කණ්ඩායම් හතරක් විමර්ශන ආරම්භ කර ඇති බවත් සඳහන්.

මේ දරුවා අතුරුදන් වෙන්නේ පසුගිය 06 වැනිදා වුවත් ඇගේ මවුපියන් පොලිසියට පැමිණිලි කරන්නේ 08 වැනිදා සවස් යාමයේදියි. දින දෙකක් යනතුරු තම දියණිය අතුරුදන්වීම ගැන ඔවුන් සොයා නොබැලුවේ ඇයි? දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වීම ඔවුන්ගේ වගකීමක් නොවේද? මෙවැනි නොසැලකිලිමත්කම් නිසා දිනෙන් දිනම මෙවැනි සිදුවීම් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වනවා.

අද මේ දරුවාට සිදුවූ දේ හෙට ඔබේ දරුවාට සිදුවන්නට පුළුවන්. ඒ නිසා සමාජයක් රටක් වශයෙන් සියලු‍ දෙනාම වගකීමෙන් යතුව ක්‍රියාකළ යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අලුත්ම අත්දැකීමක්! GENEXT අද iPhone 13 ලංකාවට හඳුන්වා දෙයි! (VIDEO)

Next Post

ඉල්ලුම්පත් ගලා එයි! මහ පක්ෂ කැඩෙන්න ළඟයි!

MORE NEWS

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

දෙපැත්තම යුද්ධය නතර කළා…! බොර තෙල් බැරලය බැස්සා! I Sri Lanka Latest News

Load More
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

වියට්නාමය, බලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය...

Read more
‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

2026 වසර නීතියටම වෙන් කරයි! කිසිම දරුවෙක් මත්ද්‍රව්‍යට ගොදුරු නොවන රටක්! කාටවත් ගැති නොවන ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක්! අනුර නුවරඑළියේදී! PHOTOS I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට! අපි කිව්වා අනිවාර්යයෙන් කරන්න තීන්දු කළා කියලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.