පුද්ගලයකුට මහමගදී පහර දීමක් සිදු කරන පොලිස් නිලධාරියකුගේ තවත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
පහර කෑමට ලක්වන පුද්ගලයා පවසන්නේ මෙම පොලිස් නිලධාරියා බීමතින් සිටි බවකි.
මීට පෙර එරාවුර් පොලිසියේ නිලධාරියකුද පුද්ගලයකුට පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පළවූ අතර පසුව එම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබිණ.










