• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ පළමු වරට බබාලා 6 දෙනෙක් එළියට ගත් දොස්තර මව්රටට කතා කරයි! මුල් ස්කෑන් එකේදිම බබාලා 6ක් ඉන්නවා කියලා මම දැක්කා! 6 දෙනාව ගත්තේ ප්‍රසූතියට සති 6කට කලින්!

October 25, 2021
in Exclusive, News
Reading Time: 6 mins read
A A
ලංකාවේ පළමු වරට බබාලා 6 දෙනෙක් එළියට ගත් දොස්තර මව්රටට කතා කරයි! මුල් ස්කෑන් එකේදිම බබාලා 6ක් ඉන්නවා කියලා මම දැක්කා! 6 දෙනාව ගත්තේ ප්‍රසූතියට සති 6කට කලින්!
Share on WhatsAppShare on Facebook

අම්මෙක් තාත්තෙක් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ කොච්චර ආසාවෙන්ද? වෙහෙර විහාරස්ථානවලට, පල්ලි පන්සල්වලට බාරහාර වෙලා දරුවො ඉල්ලන දෙමව්පියො අපට ඕනෙ තරම් හමුවෙලා තියෙනවා. සමහරු වසර ගණන් බලාගෙන ඉන්නවා. ඒත් කිරි හීනෙ ඉටු වෙන්නෙ නෑ. කිරි හීනයක් ඉටුවෙනවා කියලා කියන්නේ ඒ ගෙදර පුංචි මඟුල් ගෙදරකට ලෑස්ති වෙනවා වගේ. හරියට වැඩ රාජකාරි. අම්මලා තාත්තලාගෙ හීන පිරෙන්නෙ ආදරෙන්. ආච්චිලා සීයලා ඊටත් වඩා ආදරෙන් ලෑස්ති වෙනවා. වෛද්‍යවරුන්ටත් ලොකු රාජකාරියක් පැවරෙනවා. දරුවෙක් පිළිසිඳගත්ත දා ඉඳලා ඒ අම්මා ඒ වෙනුවෙන් පාරමිතා දහම් සම්පූර්ණ කරනවා. තාත්තෙක්ටත් එහෙමයි. හිතට බරක් වගේම හිත පිරිච්ච සතුටක් එක්ක පුංචි සිඟිත්තා ගෙදරට එන දවසට මුළු ගේම හරි ලස්සනයි. මේ කතා කරන්න යන්නේ එහෙම හීනයක් පුරෝගෙන ලෑස්ති වෙච්ච අම්මෙක්ටයි තාත්තෙක්ටයි එක පැටියෙක් වෙනුවට පැටව් හය දෙනෙක්ම ගෙදරට කැඳවාගෙන එන්නට වාසනාව ලැබුණු එක ගැන.

හැබැයි ඒ ගැන අපි බොහෝ තැන්වල දැකලා තිබුණු නිසා කියවලා තිබුණු නිසා අපි සූදානම් වුණා මේ භාරදූර රාජකාරිය කිසිම බයක් සැකක් නැතුව තමන්ගෙ කරගත්තු වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් එක්ක කතා කරන්න. ටිරාන් ඩයස් වෛද්‍යවරයා මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාව පටන් ගනිද්දිම කියනවා අපි දැක්කා කියනවා ‘අද මට හරි සතුටු දවසක්’ කියලා. එහෙම සතුටු දවසක් පහු කරලා කාර්යබහුල පරණ පුරුදු ජීවිතයටම ආපු ටිරාන් ඩයස් මහාචාර්යතුමන් එක්ක අපි මෙ ගැන කතා කළා. එතුමන්ගෙ කාර්යබහුලත්වය කොච්චර තිබුණත් එතුමන් අපට මේ ගැන කතා කරන්න ඉඩක් වෙන් කරලා දුන්නා.

මේ විදියට දරුවො හය දෙනෙක් ඉන්නවා කියලා හඳුනා ගත්තේ ඔබතුමාද?

ඇත්තටම දරුවො එක්කෙනෙක්ද, දෙන්නෙක්ද, තුන්දෙනෙක්ද කියලා හඳුනාගන්න ලැබෙන්නේ ස්කෑන් පරීක්ෂාවකින්. අපි ඒ විදියට ස්කෑන් පරීක්ෂාව කළා. ඇත්තටම සති 12ට කලින් මගේ ළඟට ආවා. ඒ කරපු පළමු පරීක්ෂාවෙදිම මම හඳුනාගත්තා දරුවො හය දෙනෙක් ඉන්නවා කියලා. මම හිතන්නේ ඊට කලින් වෙන වෛද්‍යවරයෙක් ගාවටත් ඒ අය ගිහිල්ලා තිබුණා. ඒ වෛද්‍යවරයත් මේ විදියට දරුවො හය දෙනෙක් ඉන්න බව හඳුනාගත්තාය කියලා මට ඔවුන් කිව්වා. මම කරපු පරීක්ෂාවෙනුත් හය දෙනා හඳුනාගන්නවට අමතරව ඒ ඒ දරුවගෙ හෘද ස්පන්ධන වේගය කොහොමද කියන දේවල් හොයාගෙන ඒ දරුවො හය දෙනා කොහොමද ගර්භාෂය තුළ ඉන්නේ කියන එක මම වෙන වෙනම හඳුනාගත්තා. මොකද අපට මේ දරුවන්ව එක එක්කෙනාව වෙන වෙනම හඳුනාගැනීමට සිද්ධවෙනවා ඉදිරියට යනකොට. හේතුව අපට එක එක දරුවා සම්බන්ධව වෙන වෙනම ඒ ඒ වාර්තා ලබාගන්න ඕනෙ. ඒ නිසා මම මේ දරුවො හය දෙනා කුස තුළ ඉන්න විදිය හොයාගෙන එක එක්කෙනා වෙන වෙනම හඳුනාගත්තා. සමහර විට අපි ඊළඟ අවස්ථාවෙ බලනකොට අපට එක බබෙක්ව මිස් වෙන්න පුළුවන්. මේ නිසා එක එක බබාව වෙන වෙනම හඳුනාගෙන තියාගත්තා.

ඒ කියන්නේ වෛද්‍යතුමනි ඔබතුමා මුල් කාලෙදිම මේ දරුවො හය දෙනාව වෙන වෙනම හඳුනාගෙන තිබුණාද?

එහෙම නොවුණොත් මොනව හරි සංකූලතාවක් ආවොත් වැරදි බබෙක් හඳුනාගෙන අපි ඉස්සරහට යනවනෙ. ඒ නිසා මම මේ වෙනකොට දරුවො වෙන වෙනම හඳුනාගෙනයි තිබුණේ. ඒක තමයි මම මුලින්ම කළේ.

එක දරුවෙක් ලැබෙන්න ඉද්දිත් අම්මා තාත්තා විශේෂ වැඩ ගොඩක් කරන්න ඕනෙ. එතකොට මේ දරුවො හය දෙනෙක් ලැබෙන්න ඉන්නකොට මේ අම්මා තාත්තාට මොනවද කරන්න සිද්ධ වෙච්ච විශේෂ දේවල්?

ඇත්තටම පූර්ව ප්‍රසව සංරක්ෂණ ක්‍රම සාමාන්‍ය කෙනෙකුට විදියටමයි සිද්ධ කළේ. හැබැයි පෝෂණය ගැන වැඩිපුර හිතුවා. බබාලා හය දෙනෙක් ඉන්න නිසා. මාළු, බිත්තර වෙනම ෆෝමියුලා එහෙම වැඩිපුර දාලා එයාගෙ ආහාර වේල සකස් කරගන්න අපි උපදෙස් දුන්නා. ඒ කියන්නේ අපි සාමාන්‍ය අම්මෙක්ට වඩා පෝෂණය තුන් හතර ගුණයක් විතර වැඩි කළා. සාමාන්‍යයෙන් සංකූලතා ඇතිවීමේ සම්භාවිතව හුඟක් වැඩියි මෙහෙම දරුවො හය දෙනෙක් ඉන්නකොට. අපි ඒක නිසා සාමාන්‍යයෙන් එක දරුවෙක් ලැබෙන්න ඉන්න කොට අපි බලන්නේ මාසෙකට එක පාරක්. හැබැයි මේ අම්මාව මාසෙකට දෙපාර ගානෙ අපි මුල් කාලෙදි පරීක්ෂාවට ලක් කළා. අන්තිම සති දෙකේ මම මේ අම්මාව දවසින් දවස හැමදාම පරීක්ෂාවට ලක් කළා.

එතකොට මේ දරුවො ලෝකෙ එළිය දකින මොහොතෙ වෛද්‍යතුමාගෙ විශේෂ සූදානමක් තිබුණද?

ඔව්, එතැනදි අපි බැලුවෙත් ඇත්තටම දරුවො හය දෙනෙක් ඉන්න නිසා මොනවද ඇතිවෙන්න පුළුවන් සංකූලතා කියලා. දරුවො හය දෙනෙක් නිසා බ්ලීඩ් වීමේ හැකියාව බොහොම වැඩී. අපි ඒකට විශේෂයෙන් සූදානම් වුණා. අපි සාමාන්‍යයෙන් එක බබෙක් ඉන්නකොට සූදානම් කරගන්නෙ එක බ්ලඩ් පැක් එකක්. හැබැයි මේ වෙනුවෙන් බ්ලඩ් පැක්ස් 4ක් සූදානම් කරගත්තා. සාමාන්‍යයෙන් අපි එක දරුවෙක් ලැබෙන්න ඉන්නකොට නිර්වින්දන වෛද්‍යවරු එක්කෙනයි ඉන්නේ. බබාලා බලන්න ඉන්න වෛද්‍යවරු එක්කෙනයි ඉන්නේ. හැබැයි මේ අවස්ථාවෙ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක් අපි ගෙනාවා. ඒ වගේම ප්‍රධාන විශේෂඥ වෛද්‍යවරු, ඒ කියන්නේ ළමයි බලන වෛද්‍යවරු දෙන්නට අමතරව තවත් ජූනියර් ඩොක්ටර්ස්ලා හය දෙනෙක් අපි ගෙනාවා. ඒ කියන්නේ මේ එක බබාට එක්කෙනා ගානේ. සාමාන්‍යයෙන් එක බබෙකුට ඉන්නේ මිස්ලා තුන්දෙනා නම්, එක බබාට තුන්දෙනා ගානේ 18 දෙනෙක් අපි ගෙනාවා. එක බබෙක් මේ ලොකෙට ආපු ගමන් එයාව අපි හරියට බලන්න ඕනෙ. එයාව බලලා තව එක්කෙනෙක්ව බලන්න මාරුවෙන් මාරුවට ඒක කරන්න බෑ.

ඒ කියන්නේ වෛද්‍යතුමනි කණ්ඩායම් හයක් මේ සඳහා සූදානම් කළාද?

අපි එක බබාට එක කණ්ඩායම ගානේ කණ්ඩායම් 6ක් ලෑස්ති කළා. අපි 1,2,3,4,5,6 කණ්ඩායම් හයක් හැදුවා. ඒ කණ්ඩායම් හය හදලා වෙනම පෙර පුහුණුවීමක් කළා. ඒ කියන්නේ බෝනික්කො ගෙනල්ලා, කොහොමද මේ දරුවො ලැබුණාම එක කණ්ඩායමක් ඒක භාරගන්නේ. කොහොමද ඒ දරුවව එතැනින් පිටතට අරගෙන යන්නේ. මේ සියල්ලම අපි දරුවො ලැබෙන්න කලින් වෙනම ඩි්‍රල් එකක් කළා. මේ කණ්ඩායම් ටික එකතු කරගෙන. අපට පුළුවන් වුණා ඇත්තම බබාලා ලැබුණාම කොහොමද ඉම්පෲව් කරන්නේ කියලා. ඒ විදියට තමයි මේ වැඩේ කරගෙන ගියේ.

එතකොට වෛද්‍යතුමනි මේ දරුවො හයදෙනාටම මේ ලෝකෙට එන්න පළමුවැනි දරුවාගෙ සිට හයවැනි දරුවා දක්වා කොච්චර කාල පරතරයක් තිබුණද?

හය දෙනාම ගන්න ගියේ විනාඩි දෙකයි.

දැන් මේ දරුවන්ගෙ තත්ත්වය කොහොමද? ඒ අය හොඳින් ඉන්නවද?

ඔව්. කිසි ගැටලුවක් නෑ. ඒ අය දැනට හොඳින් ඉන්නවා. කොහොමත් ගර්භණී කාලෙ කියලා කියන්නේ සති හතළිහයිනෙ. ඒත් අපි මේගොල්ලන්ව ගත්තේ තිස් එකෙන්. ඒ කියන්නේ සති 9ක් කලින්. සති 3ක් 4ක් වෛද්‍ය රැකවරණය යටතෙ ඉන්න වෙනවා. අපි ඉතින් ඒකට අවශ්‍ය කරුණු සූදානම් කරලා තියාගෙන ඉන්නවා.

‘මව්රට’ අපිත් ඒ අම්මට තාත්තාට වගේම සිඟිත්තො හයදෙනාටම නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කවදා හරි දවසක පුංචි පැටව් ලොකු වෙනකොට තෑගි බෝග අරගෙන ‘මව්රටේ’ මාමලා නැන්දලා පුංචි වැටවුන්ගෙ ගෙදරට එනවා කියලා පොරොන්දු වෙනවා. ඒගොල්ලන්ට තේරුණ දවසක මේ අකුරු කියවන්න ලැබෙන දවසක පුතේ දුවේ ඔබ කියවාවි ඔබ ගැන අපි මේ ලියපු ලිපිය.

අපට ඕනෙ රටට දැයට වැඩදායී හොඳ දරුවො හය දෙනෙක්. අපේ රටේ අනාගතය භාරගන්න. ඔයාලා වගේම හැමෝටම සුබම සුබ ලස්සනම ලස්සන වාසනාවන්ත අනාගතයක් කියලා ‘මව්රට’ අපි ප්‍රාර්ථනා කරනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්දව පුච්චලා-මහින්දානන්දට ගහලා-රට වටේම පාරවල් වහගෙන ගොවියො හදන්නේ ඊළගට කොළඹ වටලන්නද?

Next Post

ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් ඇන්ටිජන්වලට බයේ ජනපති මැදුරේ රැස්වීම මගහැරලා!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.