• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්දයක් තිබ්බොත් අපි පරදිනවා! රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් මුල් වරට ප්‍රසිද්ධියේ කියයි! (VIDEO)

October 24, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ජන්දයක් තිබ්බොත් අපි පරදිනවා! රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙක් මුල් වරට ප්‍රසිද්ධියේ කියයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හෙට මැතිවරණයක් පැවැත්වුවහොත් පරාජයට පත්වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාවන් සදහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කරමින්  ලොග්ගල් ඔය ප්‍ර දේශයේදී ඔහු මේ බව පැවැසීය.

“ගොවියා කියන්නේ මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු කෙනෙක්. එහෙම තමයි අපි අහල තියෙන්නෙ. ඈත මෑත ඉතිහාසයේ නම් රජ වෙච්ච කිසිම කෙනෙක් නෑ. ණය වෙච්ච ඕන තරම් අය ඉන්නවා වස බෝතලය අතේ තියා තියාගෙන වස බෙන්න. රූපවාහිනී නාලිකාවල කාබනික වගාව අපට කරන්න බෑ රසායනික පොහොර දියව් දියව් කියලා උද්ඝෝෂණය කරන හුඟක් අය පිළිබඳව, අපි රහස් පොලිසිය දාලා මං වෙන වෙනම එක එක්කෙනා ගැන හෙව්වා.

කිසිම වෙලාවට වගාවට සම්බන්ධයක් නැති අය තමයි වැඩියෙන් උද්ඝෝෂණය කරන්නේ. එහෙම නැත්නම් කාබනික වගාවන් පිළිබඳ අබමල් රේණුවකවත් දැනුම්ක් නැති පුද්ගලයො තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. එහෙම දෙගොල්ලක් විතරමයි මේ උද්ඝෝෂණ කරන්නේ.

කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි. වස විෂ කාලා මිනිස්සු මැරුනත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගෙන නෙවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ තීරණට ගත්තේ.

එහෙම තීරණයක් ගන්න පුළුවන් නායකයෝ හරි අඩුයි. බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන

තමුන්නාන්සේලාට මතකයි මේක කරන්න බෑ. මේක ක කරන්න බෑ කියලා දිගින් දිගටම අවුරුදු තිහක් තිස්සේ තිබ්බ ත්‍රස්තවාදී  යුද්ධය ගැන කියනකොට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණයක් ගන්නවා මේ යුද්දේ කොහොමහරි ඉවර කරන්න ඕන කියලා. වගකීම් බාර දෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. බෑ කිව්ව යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කළා.

යුද්ධය අවසාන කලාට පස්සේ ආයෙත් එකට බැන්නා. ඒ ශක්තිය අපේ දේශපාලන ප්‍රතිපත්තියේ තියෙනවා. ඒ නිසා තමයි 2015 ගෙදර යවපු අපි 2019 හැටනව ලක්ෂයක් ජනතාවගේ විශ්වාසය දිනා ගෙන නැවත මේ රටේ වගකීම් ගන්න අපි වගකීම් බාරගන්නේ. අපි වගකීම බාරගන්නේ තවත් කෙනෙක් කරපු දෙයක් ඒ විදියටම දිගටම කරගෙන යන්න නෙවෙයි. අපි වගකීම් භාරගත්තේ අපිට බාර දුන්න වැඩේ ඉතාමත් හොඳින් නිවැරදිය රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ අරගෙන ක්‍රියා ක්‍රියාත්මක කරන්න.

අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රටේ විශාල පිරිසක් වි වගාව ඇතුළු එළවළු පලතුරු වගා කරනවා කාබනිකව. මේ වගාව ඉතාමත් සාර්ථකව කරනවා. මේහැම ගොවිබිමක්ම බලන්න මම පෞද්ගලිකව ගියා. මට පුළුවන් මට ආරංචි වෙච්ච් මට ආරාධනා ලැබුණු හැම ස්ථානයකටම මා පසුගිය මාස කීපයේ ගියා. යාපනයෙන් පටන් ගත්තම දෙවුන්දර තුඩුව දක්වාම දිගින් දිගටම මම ගියා. මේ විෂය පිළිබඳ කාබනික පොහොර ජෛව තාක්ෂණය පිළිබඳව හොඳට හරියටම දන්න අය ඉන්නේ ජනතා විමුක්ති පෙරමුනේ. ජනාධිපතිතුමා මේ තීරණය අරගෙන දවස් හතරකින් පස්සේ මේ වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා කියා හොය හොය ඉන්න කොට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිටපු මන්ත්‍රීතුමා, ආචාර්ය අශෝක රංවල මැතිතුමා මම පෞද්ගලිකවම හමු උනා.

මම එතුමාගෙන් ඉල්ලීමක් කළා පෞද්ගලිකව මේ විෂය මට කියලා දෙන්න කියලා. මම කෘෂි කෘෂිකර්මය විශේෂඥයෙක් නෙමෙයි. මගේ විශේෂඥතාව තියෙන්නෙ කළමනාකරණය පිළිබඳවයි. හැබැයි වගකීමක් භාර දුන්නම මම දන්නේ නෑ කියලා පැත්තකට දාන්න බෑ. ඉන්පස්සෙ මම ඉගෙනගන්න පටන් ගත්තා. එතුමා මට එකිනෙකට මේ තාක් තාක්ෂණය පිළිබඳව, වගාකරන ආකාරය, පොහොර යොදන ආකාරය, දියර පොහොර යොදන ආකාරය. නිෂ්පාදන ආකාරය හා ප්‍රතිඵලය ලබාගන්නා ආකාරය, ඒකෙ අඩුපාඩු තියනවනම් ඒවා නිවැරදි කර ගන්නා ආකාරය පිළිබඳ සියලු ආකාරයෙන්ම මාව දැනුවත් කළා.

කාබනික් ඝණ පොහොර නිෂ්පාදනය කරන්න හොඳ නිෂ්පාදනාගාරයක් තියෙනවා කුරුණෑගල. ජයසුන්දර කියන සහෝදරයෙක් තමයි කරන්නේ. 70ක් සාමාජිකයෝ එකතු කරගෙන ඉතාමත් සාර්ථකව ප්‍රමිතිගත ඝණ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා එතන. ඒක බලන්න ගියාම තමයි දැන්ගත්තේ පෙරටුගාමී සංවිධානයේ දේශපාලන පක්ෂයේ ජාතික සංවිධායකයා තමයි ඒ කාබනික පොහොර නිෂ්පාදන කරන්නේ කියලා.

ඉතින් අපේ ජනාධිපතිතුමා බයවෙලා හිටියා මම මේ ටික කියනකොට මේ යකා ජේ.වී.පී එකේ කෙනෙක් වෙයිද කියලා. හැබැයි හොඳ වැඩක් කරනවා නම් කවුරු මේක කරත් කමක් නෑ මට අවශ්‍ය වෙලා තිබුණේ ඉගෙන ගන්න.”

SendShareShare
Previous Post

ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගන්න සූදානම්! දහම් පළමු දේශපාලන කතාවෙන්ම පොලොන්නරුව හොල්ලයි! (VIDEO)

Next Post

ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දයාසිරි ‘මැණිකේ මගේ හිතේ’ කියයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.