• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොළඹ ‌බෝම්බ පුපුරුවන්න සහරාන්ට නියෝග දුන්නු ‘බග්දාදි’ මරපු ‘‌ඩෙල්ටාෆෝස්’ ‌මෙහෙයුම

November 4, 2019
in News, Politics
Reading Time: 4 mins read
A A
කොළඹ ‌බෝම්බ පුපුරුවන්න සහරාන්ට නියෝග දුන්නු ‘බග්දාදි’ මරපු ‘‌ඩෙල්ටාෆෝස්’ ‌මෙහෙයුම
Share on WhatsAppShare on Facebook

“හොල්මන” වහා තමන්ගේ දරු තිදෙනාද රැගෙන පොළොව යට ඇති උමං මඟට රිංගුවේය. එය දීර්ඝ පෙදෙසක් පුරා මීටර් ගණනාවක් දුරට ඇති උමං මඟකි. දරු තිදෙනා අතින් අල්ලාගත් “හොල්මන” වහා ආපසු හැරී බැලුවේය. දෙවියනේ, මේ මා පසුපස හඹා එන්නේ කවුරුන්ද? මිනිසකුත් නොවේ. අරුම පුදුම මිටි රොබෝවකු තමන් සහ දරුවන් පසුපස වියරු වේශයෙන් හඹාගෙන එන අයුරු දුටුවේය. ඒ සමගම රුදුරු තිරිසන් කැලක්ද මාරාවේශයෙන් තමන් වෙතට දිව එයි. ඒ දත් විලිස්සාගත් මහා බලුතඩියෝ රැලකි. වෙඩි හඬද දසත පැතිරෙයි. “හොල්මන” හැකි තරම් දුර දිව ගියේය. අවසානයේදී දරුවන් තිදෙනා සමඟ උමං මගේ කෙළවරකට හිරවිය. තමන්ට යක්‍ෂයන්ගෙන් ගැලවීමක් නැත. “මම උන්ට කෙදිනකවත් හසුවන්නේ නැත,” හොල්මන දැඩිව සිතා ගත්තේය. පළාතම ශබ්ද නඟමින් මහ හඬින් යමක් පුපුරා ගියේය. ඒ මහා පිපුරුම ඇති වුණේ “හොල්මන” අසලින්මය.
මොකක්ද මේ හොල්මනකගේ කතාව? මුළුමහත් ලොවක්ම හඳුනන මේ “හොල්මන” අබුබකර් අල් බග්දාදි ය. ඔහු වඩාත් හොඳින් හඳුනන්නේ “අයි.එස්.අයි.එස්.” (ISIS) සංවිධානයේ නායකයා ලෙසිනි. ඔහුට “හොල්මන” යැයි නම තැබුවේ මා නොවේ. ලොව පුරා ඔහු හඳුන්වා ඇති අන්වර්ථ නාමය “හොල්මන” (ඔයැ ඨයදිඑ) වෙයි. එය අරාබි බසින් “අබුඩුවා” වෙයි. අයි.එස්.අයි.එස්. නායක අබුබකර් අල් බග්දාදි ගැන මෙයට දින කිහිපයකට පෙර දැනගැනීමට ලැබුණු පුවත මුළුමහත් ලොවම ත්‍රාසයට පත් කළේය. ඒ ඔහු ඇමෙරිකානු හමුදාව ඝාතනය කළේ යැයි පැවසෙන කතාවයි. මුළුමහත් ලොවටම අතිශය භයානක පිළිලයක් බවට පත්ව සිටි මෙම කුරිරු ත්‍රස්ත නායකයාගේ මෙහෙය වීමෙන් අවසාන වරට සිදුකළ මහා ඛේදවාචකය, පසුගිය අප්‍රේල් 21 වැනිදා ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ පාස්කු ඉරිදා ප්‍රහාරයයි. එය වදනින් විස්තර කළ නොහැකි තරමේ මහා අධම අපරාධයකි.

බග්දාදිගේ නිවෙස ගුවන් ප්‍රහාරයෙන් පසු

දැනට 48 වැනි වියෙහි පසුවන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත නායක අබුබකර් අල් බග්දාදිගේ මෙහෙයවීමෙන් පසුගිය කාලයේදී ලොවට සිදුකළ විනාශයන් ඉමහත්ය. ඉරාකයේ බැග්ඩෑඞ් ජාතික විශ්වවිද්‍යාලයේ උපාධිධරයකු වන ඔහු අධ්‍යාපනයෙන් ඉතා පරිණත පුද්ගලයෙකි. එහෙත් පසුකාලයකදී ඔහු ඉස්ලාමික අන්තවාදයෙන් මහා විනාශයකට පත්කළේය. අවසානයේදී ලොව වටා සිටින අහිංසක මිනිසුන් නිරපරාදේ ඝාතනය කරන කුරිරු මිනීමරුවකු බවට පත්විය. එසේ ඔහුගේ අයි.එස්. සංවිධානය ඝාතනය කරන ලද අහිංසක ජනතාව දසදහස් ගණනකි. මෙවැනි ජීවන රටාවක් අල් බග්දාදි ගතකරන අතරතුරේ ඔහු අල්ලා ගැනීමට ලොව රටවල් රැසක් එකට එකතුව කටයුතු කළේය. 2015 වසරේදී ඔහු යුද මෙහෙයුමකින් මරාදැම්මේ යැයි ඇමෙරිකාව සහ රුසියාව ප්‍රකාශ කර සිටියේය. මහත් සේ අගය කළ එම කතාවෙන් පසුව වසර 4ක් යන තෙක්ම අල් බග්දාදි ගැන කිසිදු තොරතුරක් නොවීය. ඇමෙරිකාව ප්‍රධාන වී සිදුකළ එම යුද මෙහෙයුම මහත් පැසසුමටද ලක්විය.
එහෙත් මහත් ආශ්චර්යයකි. අබුබකර් අල් බග්දාදි නොහොත් “හොල්මන” නැවත 2019 වසරේ අප්‍රේල් මාසයේ අවසාන සතියේ විරාජමාන විය. ඒ එම මාසයේම අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සිදුවී හරියටම දින අටකට පසුවය. එම අධම, තුච්ච ඝාතනය සිදුකළේ තමන්ගේ සංවිධානය යැයි මෙම “හොල්මන” වගකීම භාර ගත්තේය. ශ්‍රී ලංකාවේ එම සිදුවීමත් සමගම වසර 4ක් පුරා “හොල්මන” නැතැයි පවසමින් සතුටු සාද පැවැත්වූ ඇමෙරිකාවේ ඉහමොළ රත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් අල් බග්දාදි වීඩියෝ පටයක් නිකුත් කළේය. එහිදී ඔහු බොහෝ සුවපහසුව, නිරෝගීව පිරිපුන් ශරීරයකින් යුතුව තම ප්‍රකාශය සිදුකරන අයුරු දුටු ඇමෙරිකාවට තරු විසි විය. බග්දාදි අසල අතිශය නවීන “කලාෂීකොව්” වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්ද වෙයි. අල් බග්දාදි තවමත් ජීවතුන් අතර සිටින බැව් සැකහැර දැනගත්තේ එවිටය. එනම් ශ්‍රී ලංකාවට පින්සිදු වන්නට ඇමෙරිකාව එම පුවත දැනගත්තේය.

ට්‍රම්ප් සජීවීව ‌මෙහෙයුම නරඹමින්

කෙසේ හෝ අල් බග්දාදිගේ “දෙවැනි ඉනිමේ” ආගමනයෙන් පසුව ඇමෙරිකාව මහත්සේ කලබලයට පත්ව මේ ත්‍රස්ත නායකයා ගැන කරුණු සොයන්නට විය. එනම් පාස්කු ප්‍රහාරයෙන් හරියටම මාස 6ක් ගතවී ගියේය. පසුගිය සතියේ මුළු ලොවම කණපිට හරවන එම සිදුවීම සිදුවිය. එනම් අබුබකර් අල් බග්දාදි අල්ලා ගැනීමට ඇමෙරිකානු හමුදාව අතිශය සංකීර්ණ මෙහෙයුමක් දියත් කිරීමය. මෙය අතිශය සාර්ථකත්වයට පත්වූ අතර, අයි.එස්. ත්‍රස්ත නායකයා එහිදී මරණයට පත්වූ බැව් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලොවට ප්‍රකාශ කර සිටියේය. සිරියාවේ දුෂ්කර ප්‍රදේශයකදී සිදුකරන ලද මෙම මෙහෙයුමේදී අල් බග්දාද බෝම්බ කබායක් (පැළඳ සිටි) පුපුරුවාගෙන “බල්ලකු සේ” මරණයට පත්වූ බැව්, ඩොනල්ඞ් ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. එසේම මෙය දැඩි කැපකිරීමක් සිදුකළ අතිශය සංවිධානාත්මක සහ සැලසුම්සහගත ප්‍රහාරයක් බවටද ඔහු අවධාරණය කළේය. අයි.එස්. ත්‍රස්ත නායක අබුබකර් අල් බග්දාදි මෙසේ ඝාතනයට පත් කළ ඇමෙරිකානු හමුදා ප්‍රහාරය සැබැවින්ම චිත්‍රපට දර්ශන පවා පරයන එකක් බැව් පැවසෙයි. පැය 2ක් පුරා සිදුකෙරී ඇති එම සංකීර්ණ මෙහෙයුමේ පියවර එකින් එක සොයාබැලීම සැබැවින්ම ත්‍රාසජනකය. එම පියවර මෙසේය. පසුගිය මාසයක් පුරා ඇමෙරිකාව ඉතාමත් සූක්‍ෂම අයුරින් ඔත්තු බලමින් අයි.එස්.අයි.එස්. නායකයා සැඟව සිටින තැන් සොයා ගැනීම. ඒ සඳහා ඇමෙරිකානු සී.අයි.ඒ. ඔත්තු සේවය දැඩි මෙහෙවරක නිරත වී ඇත. ඒ සඳහා සිරියානු කුර්දිවරුන්ගේ සහාය උපරිම ලෙසද හිමිවී ඇත.
ඉතාමත් ප්‍රබල යුද හමුදාවේ “ඩෙල්ටා ෆෝස්” (DELTA FORCE) හමුදා කණ්ඩය මෙහෙයුම සිදුකිරීම ආරම්භ කරන ලදී. මේ සඳහා අතිවිශේෂ පුහුණුව ලැබූ කොමාන්ඩෝ භටයන් 70ක් සහ තවත් අමතර භට පිරිස් රැසක් සම්බන්ධ වී ඇත.
සැලසුම් කරගත් පරිදි උතුරු ඉරාකයේ ගුවන් හමුදා කඳවුරකින් රාත්‍රිය එළඹෙත්ම “සී.එච්. 47” වර්ගයේ යුද භාවිතයට ගනු ලබන හෙලිකොප්ටර් 8ක් සිරියාව බලා පිටත්වීම. මෙම විශේෂිත හෙලිකොප්ටර් යානා එන්ජින් දෙකකින් සහ සුළං පෙති දෙකකින් සමන්විත අතර, එක් සුළං පෙත්තක් අඩි 60ක විෂ්කම්භයකින් යුක්තය. මෙම විශාල යානාවක් මීටර් 30ක දිගකින් යුක්ත අතර, පැයට සැතපුම් 196ක අධි වේගයකින් මෙයට ගමන් කළ හැකිය. සී.එච්. 47 යානා භාවිත කරනු ලබන්නේ අවිආයුධ සහ සෙබළුන් ගෙන යෑමට වන අතර, එහි ප්‍රහාරක අවි ආයුධද සවිකර ඇත. ඉරාකයෙන් පිටත්වූ හෙලිකොප්ටර් යානා 8 සම්පූර්ණයෙන්ම සිරියානු ගුවන් කලාපය මඟහරිමින් ඉතා දිගු දුරක් ගෙවමින් තුර්කිය මතින් සිරියානු දේශ සීමාව අසලට ළඟා වෙයි. තුර්කි දේශ සීමාවට ආසන්න බරීෂා නමැති දුෂ්කර ප්‍රදේශයක අයි.එස්.අයි.එස්. නායකයා සැඟව සිටින බවට තොරතුරු තහවුරු වී තිබිණි. එම ප්‍රදේශය ජන ශුන්‍ය ප්‍රදේශයක් ලෙසටද ඇමෙරිකානු හමුදාව හඳුනාගෙන තිබිණි.

යුද මෙහෙයුම් දසුන් ඇමෙරිකාවේ ධවල මන්දිරයේ සිට ඇමෙරිකානු ජනාධිපති සහ අනෙක් යුද ප්‍රධානීන් නිරීක්‍ෂණය කිරීම. මෙම වේලාව ඇමෙරිකාවේ වේලාවෙන් සවස 5 වන අතර, සිරියාවේ වේලාවෙන් රාත්‍රී 11 වෙයි.
මිත්‍ර දේශසීමා මතින් පැමිණි හෙයින් ගුවන් යානාවලට කිසිදු ප්‍රහාරයක් එල්ල නොවූ අතර, සිරියාවේ බරීෂා ප්‍රදේශයට පැමිණි පසු වෙඩි ප්‍රහාර එල්ල වන්නට වී ඇත. එහෙත් ඇමෙරිකානු හමුදාව එය ඉතා පහසුවෙන් මෙල්ල කර ඇති අතර, ඔවුන් ඉතා පහසුවෙන් තමන්ගේ ඉලක්කය කරා පැමිණ ඇත. ඒ මුළු ගමන සඳහා විනාඩි 70ක් (පැයකුත් විනාඩි දහයක්) ගතවී ඇත.
ගොඩබිමින් සිදුකරන මෙහෙයුමට ප්‍රහාරක ගුවන් යානා මෙන්ම, යාබද මුහුදු ප්‍රදේශයෙහි නාවික හමුදා යාත්‍රාද සීරුවෙන් තබා ඇත. විශේෂිත කොමාන්ඩෝ සෙබළුන් මෙන්ම මෙම මෙහෙයුමට අති විශේෂිතව පුහුණු කළ හමුදා සුනඛයන් සහ හමුදා රොබෝවකුද සහභාගීකරවාගෙන ඇත.
අයි.එස්.අයි.එස්. නායක අබුබකර් අල් බග්දාදි සැඟවී සිටිතැයි තහවුරු වුණු, බරීෂා ගම්මානයෙන් ඉතා දුරින් පිහිටා තිබුණු නිවස්නයන් දෙකක් වෙත හෙලිකොප්ටර් යානා මඟින් ප්‍රහාර එල්ල කරන ලදී. කුඩා ප්‍රමාණයේ මිසයිල ප්‍රහාරයක් මඟින් එක් නිවෙසක් විනාශයට පත්විය. අනෙක් නිවෙස තුළ අල් බග්දාදි සැඟවී සිටියේය. ඔහුත් සමඟ පවුලේ සාමාජිකයන්ද සිටින බවට තහවුරු විය.

එම විශාල නිවස්නයේ සියලු පහසුකම් තිබෙතැයි පෙනෙන්නට වූ අතර, ගොඩබිමින් යන කොමාන්ඩෝ සෙබළුන්ට සැකකළ හැකි වූයේ එම නිවස්නයේ ප්‍රධාන දොරටුවෙහි පුපුරා යෑමට බෝම්බ සකස් කර අටවා ඇතැයි යන්නය. ඒ හෙයින් වහා ක්‍රියාකාරී වූ ඔවුන් නිවස්නයේ තාප්පයක් පුපුරුවාහරිමින් එයට ඇතුළු වූයේය. බග්දාදි නිවස්නය ඇතුළේ විය. ඔහුගේ දරුවන් සහ බිරින්දෑවරුද එහි සිටින බවට තහවුරු විය. ඇමෙරිකානු සෙබළුන් එහි ඇතුළු වනවාත් සමගම බග්දාදි මිනිස් පලිහක් ලෙස තම දරුවන් තිදෙනකුද රැගෙන එහි පොළොව යට සකසා ඇති උමගක් වෙතට රිංගා ගත්තේය. නිවෙස යට උමං සංකීර්ණයක්ම විය. බග්දාදි දරුවන් තිදෙනා සමඟ එයට කඩාවැදුණද ඇමෙරිකානු සොල්දාදුවන් එක්වරම එයට ඇතුළු වූයේ නැත. ඔවුන් සිදුකළේ නවීන තාක්‍ෂණය භාවිත කරමින් පළායන බග්දාදි පසුපස මිලිටරි (යුද) රොබෝවකු යැවීමය. ඒ සමඟම හමුදා සුනඛයන් කිහිපදෙනකුද යැවීය. සොල්දාදුවන් ඉන් පසුව එහි ඇතුළු වීමට තීරණය කළේය. එහෙත් මේ තර්ජනය හමුවේ බග්දාදිට කළ හැකි දෙයක් නොවීය. ඔහු දිවගොස් බිංගෙයක කෙළවරකට සිරවිය. වහා ඔහු තීරණය කළේ තමන් පැළඳගෙන සිටින බෝම්බ කබාය පුපුරුවාගෙන මරණයට පත්වීමටය. අවසානය මහා ඛේදාන්තයකි. ඔහු තම අහිංසක දරුවන්ගේ ජීවිත ගැනද නොසිතා බෝම්බ කබාය පුපුරුවාගෙන තම දරු තිදෙනාද සමඟ ජීවිතක්‍ෂයට පත්විය. මෙහිදී එකදු හමුදා සොල්දාදුවකු හෝ තුවාල ලබා නැති අතර, හමුදා සුනඛයන් දෙදෙනකු පමණක් තුවාල ලබා ඇත.
බග්දාදිගේ පුපුරුවාගැනීමෙන් උමං මාර්ගයද විනාශ වී කඩාවැටිණි. එහෙත් අවසානයේදී කොමාන්ඩෝ සෙබළුන් එම සුන්බුන් ඉවත්කර බග්දාදිගේ ශරීර අවයව කොටස් ලබාගෙන එම ස්ථානයේම සකසා තිබුණු ජංගම ෘභ් ජාන පරීක්‍ෂණාගාරයක් මඟින් පරීක්‍ෂණ පැවැත්වීය. විනාඩි 15ක් වැනි කෙටි කාලයකදී නීර්ණය වූයේ එම ෘභ් ජාන පරීක්‍ෂණය සාර්ථක වූ බවත්, එහිදී මියගියේ අබුබකර් අල් බග්දාදි බවත්ය. පසුව ඔහුගේ භෂ්මාවශේෂ කොටස් මුහුදේ ගිල්වා දැමීමට කටයුතු සංවිධාන කෙරිණි.
ඇමෙරිකානු හමුදාව එම නිවෙසේ සිට අල් බග්දාදිගේ බිරින්දෑවරු දෙදෙනෙක් සහ තවත් දරුවන් කිහිප දෙනකුද අත්අඩංගුවට ගෙන මිත්‍ර දේශයන් වෙත භාර දුන් බැව් පැවසෙයි. එසේම මෙම නිවස්නයේ තිබී ඉතාමත් රහසිගත ලිපිලේඛන රාශියක් සහ අනාගත ප්‍රහාරක සැලසුම් කිහිපයක්ද සොයාගත් බවට කරුණු හෙළිවිය. මේ සියලුම පියවරවලට පසුව ඇමෙරිකානු ජෙට් යානා මිසයිල ප්‍රහාර එල්ල කරමින් නිවස්නය පොළොවට සමතලා කළේය.
ඇමෙරිකානු හමුදාව “හොල්මන” ධූරීභූත කළේ ඒ ආකාරයටය. මුළු ලොවටම මහා පිළිලයක් වූ අල් බග්දාදිගේ මරණය ගැන ලොව රටවල් රැසක් ඇමෙරිකාවට ඉමහත් ප්‍රශංසාව එක්කළේය. එහෙත් රුසියාව ප්‍රකාශ කර සිටියේ මෙම මෙහෙයුම ගැන තමන් සැක කරන බවත්, අල් බග්දාදිගේ ඝාතනය සිදු වූයේ දැයි අවිනිශ්චිත බවත්ය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරි 2020 වසරේදී නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවෙන් සිටින හෙයින් මෙවැනි කූට ප්‍රචාරණයක් ගෙන ගියේ දැයි තමන් විශ්වාස කරන බැව් ප්‍රකාශ කර සිටියේය.
කෙසේ හෝ එම මෙහෙයුම අවසානයේදී ඇමෙරිකාවේ ඩ්‍රෝන ප්‍රහාරක යානා මඟින් එම නිවෙස් සංකීර්ණයම මුළුමනින්ම පොළොවට සමතලා කරන ලද බවටද කරුණු වාර්තා විය. ශ්‍රී ලංකාවේද අහිංසක මිනිසුන් 250කගේ ජීවිත බිලිකර අල් බග්දාදි නොහොත් “හොල්මන” එසේ අවසන් ගමන් ගියේය. එහෙත් මේ “හොල්මන” නැවැත විරාජමාන වෙයිද?

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

Next Post

මැතිවරණ ඉතිහාසයේ වාර්තා පිට වාර්තා

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.