• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාබනික වගාව ගැන පසුපෙළ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවේ වැඩමුළුව උණුසුම් වෙයි! රතන හිමියන්ටත් වට කරගෙන ගහයි! ‌දේශනයට ආ ව්‍යාපාරිකයාත් අමාරුවේ වැටිලා…!

October 23, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
කාබනික වගාව ගැන පසුපෙළ ප්‍රශ්න කිරීමෙන් ආණ්ඩුවේ වැඩමුළුව උණුසුම් වෙයි! රතන හිමියන්ටත් වට කරගෙන ගහයි! ‌දේශනයට ආ ව්‍යාපාරිකයාත් අමාරුවේ වැටිලා…!
Share on WhatsAppShare on Facebook

කාබනික වගාව සම්බන්ධයෙන් පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ සමාජිකයෙකු ලෙස මෑතකදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කළ ආචාර්ය සරත් රණවීර මහතා විසින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සදහා පැවැත්වූ දේශනය ඉතා උණුසුම් එකක් බවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම දේශනය ඊයේ (22) පස්වරුවේ පාර්ලිමේන්තු කමිටු ශාල අංක 01 දි පැවැත්විණ.

සරත් රණවීර මහතාගේ හිමිකම් ඇති ‘බයෝ ෆුඩ්ස්’ පුද්ගලික සමාගම වසර 28ක් තුල කාබනික පොහොර යොදා ලබාගත් සාර්ථකවත්වයන් සම්බන්ධයෙන් කල පැහැදිලි කිරිමකින් පසු මන්ත්‍රිවරුන් පෙරලා ප‍්‍රශ්න කර ඇත්තේ කාබනික පොහොර යොදා නිශ්පාදනය කරන පලතුරු, එලවලු, කුලුබඩු සහ සහල් වල වාර්ශික වටිනාකම කවරේද යන්නයි.

මේ සදහා පෙරමුණ ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩර තෙන්නකෝන්, ලලිත් එල්ලාවල සහ මිලාන් ජයතිලකය.

එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ‌ප්‍රකාශ කොට ඇත්තේ රණවීර මහතාගේ තිස් වසරක ව්‍යාපෘතිය සාර්ථක වීම පිළිබද සතුටු විය හැකි නමුත් මෙම ක්‍රමය ගමේ සිටින ගොවි මහත්වරුන්ට එකවර ආදේශ කළ නොහැකි බවත්, එසේ කිරීමට ‌ගොස් බරපතළ ප්‍රශ්න මතුවී ඇති බවත්ය.

ඊට ඔහු දුන් පිලිතුර අභියෝගයට ලක් කල ප්‍රමිත බණ්ඩාර මන්ත්‍රීවරයා එම සමාගම විසින් 2020 වසරේදි සම්පුර්ණයෙන්ම අපනයනය කොට ඇත්තේ අමරිකානු ඩොලර් මිලියන 12.6 ක් බවත් 2021 වසරේ මේ දක්වා අපනයන කොට තිබෙන්නේ මිලියන 9.7 ක් බවත් එම තොරතුරු EDB හරහා ලබා ගත් බව දන්වා ඇත.

එය මෙරට සමස්ත අපනයනයෙන් 0.1%ක් බවත් මෙරට සමස්ත වාර්ශික සහල් නිෂ්පාදනයේ වටිනාකමෙන් 0.5%ක් බවත් මන්ත්‍රි කණ්ඩායම පෙන්වා දි තිබේ.

එමෙන්ම වසර 28ක් තිස්සේ කල ව්‍යාපාරයේ අද වනවිට කාබනික සහල් කිලෝග්‍රෑම් එකක සමාන්‍ය මිල කොපමණදැයි මන්ත‍්‍රීවරුන් විමසා තිබේ.

ඊට ඔහුගෙ පිළිතුර වී ඇත්තේ කාබනික සහල් කිලෝවක් රුපියල් 350 කට පමණ අලෙවි කළ යුතු බවයි.

එවිට මන්ත්‍රිවරුන් කියා ඇත්තේ නාඩු කිලෝවක් රුපියල් 110 ක් වැඩියි කියා ජනතාව විරෝධතා කරද්දී රුපියල් 350ක් දී කාබනික සහල් කෙසේ මිලට ගනීවිද කියාය.

එහිදී රණවීර මහතා සම්පුර්ණයෙන් කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරිම ප්‍රායෝගිකව එකවර කළ නොහැකි බව පිළිගෙන ඇත.

මීට අමතරව රණවීර මහතා කාබනික පොහොර යොදාගෙන දකුණේ සිදුකරන තේ වගාවක් පිළිබදව අදහස් දක්වද්දී ඊට එරෙහිව කතා කොට ඇති අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ පිළිබද කතා නොකරන ලෙසත්, එම සමාගම හොරෙන් රසායනික පොහොර භාවිතා කොට ඇති බව හෙළිව ඇති බවත් පැවසීමෙන් රණවීර මහතා දැඩි අපහසුතාවට පත්ව තිබේ.

එමෙන්ම අතුරලියේ ‍රතන හිමිටද පසුපෙළ මන්ත්‍රි කන්ඩායමෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී ඇත.

ප්‍රමිත බණ්ඩාර මහතා සිය කතාවේදී රතන හිමියන් සම්බන්ධයෙන්ද මතක් කර ඇති අතර පසුව මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සාකච්ජාවට පැමිණීමට පෙර එළියේදී රතන හිමියන් තමන් සමග ආණ්ඩුවේ කාබනික පොහොර වැඩසටහන විවේචනය කළ බවය.

නමුත් රතන හිමියන් සාකච්ජාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ අගය කරමින් අදහස් දැක්වීමත් සමග පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් උන්වහන්සේට විරෝධය පළ කොට ඇත.

කෙසේවෙතත් රතන හිමි අවසානයේදී මන්ත්‍රිවරුන්ට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමා වග නොකියන බවය.

SendShareShare
Previous Post

මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක් උඩිස්පත්තුවට…

Next Post

පාස්කු ප්‍රහාරකයන්ට ගැලවීමක් නෑ! මහින්දත් කාදිනල් හිමිගේ සටනට එක් වෙයි!

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.