• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රටක් වසඟ කළ ජයන්ත දාස්

November 5, 2019
in Heart
Reading Time: 2 mins read
A A
රටක් වසඟ කළ ජයන්ත දාස්
Share on WhatsAppShare on Facebook

“ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ…
ලෝකේ ලස්සන වන්නට දෙදෙනකු ඕනෑ වේ…
මංජු…. හ්ම්… හ්ම්…”
හරිම අපූරු ලස්සනක් තියෙන ඒ චිත්‍රපට ගීතය අදටත් කිසිවකුට හෝ අමතක නැති බව නිසැකය. ඒ තරමටම එය ප්‍රේක්ෂක සිත් තුළ ඇති කළ ආකර්ෂණීය බව පුදුමාකාරය. ගීතය පමණක් නොව චිත්‍රපටයෙහි එම රූපරාමුවට අනුව මනහර රංගනයක යෙදුණු නවක යොවුන් නළු නිළි යුවළද ප්‍රේක්ෂක සිත් තුළ සනිටුහන් කළ මතකය සුන්දරය.
චිත්‍රපටය ‘ජනක සහ මංජු’ය. මංජු ගෝතමී පතිරාජ වූ අතර ජනක ලෙස රංගනයෙන් දායක වූයේ හුරුබුහුටි තරුණයෙකි. ඔහු කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ පුත් ජයන්ත දාස් පෙරේරාය.
තොරතුරක් නැති ඔහු ගැන තොරතුරු සොයා යන්නට අප ගත් උත්සාහයක වංහුං මෙසේ පෙළගස්වමු.
ඉතින් ජයන්ත කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ. මගේ පවුලේ අය සමඟ මම සතුටින් සුවෙන් ජීවත් වෙනවා.
බොහෝ කලාකරුවන් අද නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටිනවා. ඔබත් ඒ අතරට මැදිවෙලා නේද?
කලාකරුවන් නිහඬව සිටින්නේ සිනමා කර්මාන්තය දැඩි නිහඬතාවකට බඳුන්ව තිබෙන නිසයි. මමත් ඇත්තෙන්ම එවැනි නිහඬතාවකට බඳුන්ව සිටිනවා. චිත්‍රපට හැදෙන්නෙ නැහැ. රඟපාන්නට අපට ආරාධනා නැහැ. චිත්‍රපට හදන්න හොඳ වස්තුබීජ අප ළඟ තිබුණාට ඒ සඳහා වියදම් කරන්න සල්ලි නැහැ. අපි පොහොසත් අය නෙමෙයි ඉතාම සාමාන්‍ය මට්ටමේ මිනිස්සු.
එහෙම නම් අපි ‘ජනක සහ මංජු’ ගැන කතා කරමු. ඒ සිනමාවට වසන්තය උදා කළ යුගයක්?
මොනවා කියනවද? ඒ ගැන කතා කරන්නට වචන නැහැ. චිත්‍රපට හෝල් අතුරු සිදුරු නැතිව පිරී ගිය ඒ යුගය නම් සිනමා වසන්තයක්ම තමයි.
ඉතින් කියන්න, තාත්තා ඔබට ජනකගේ චරිතයට ආරාධනා කරද්දි ඔබට තිගැස්මක් දැනුණාද?
මෙහෙමයි. තාත්තාට ඕනෑ වුණා ‘ජනක සහ මංජු’ චිත්‍රපයට අලුත් මුහුණු දෙකක් හොයන්න. තිර කතාව ලියලා කෙල්ලෙකුයි, කොල්ලෙකුයි හොයන්න ගත්තා. සරසවිය පත්තරේටත් දැන්වීමක් දැම්මා. ඔහොම යනකොට මංජුව මුණගැසුණා. ජනක තවමත් නැහැ. හිටි ගමන්ම අපේ අම්මා තාත්තට කිව්වා රට වටේ කොල්ලෝ හොයන්නෙ ඇයි. ගෙදරම ඉන්නේ නළුවෙක් කියලා.
ඉන් පස්සේ තාත්තා මාව ඉන්ටර්වීව් කළා. දෙබස් කියන්න එහෙමත් දුන්නා. තාත්තට හරියන විදියට මමත් ඔහු කියන දේ කළා. අන්තිමේදී තාත්තා අම්මට කිව්වා ඔයා කිව්වා හරි නේන්නම්. පර්ලි රට වටේම මම හොයපු කොල්ලා අපේ ගෙදරම ඉඳලනේ කියලා.
පෙම් ජවනිකා රඟපානකොට තාත්තා ළඟ ඉද්දි චකිතයක් දැනුණේ නැද්ද?
මොකෝ නැතුව. පුදුම පරෙස්සමකින් රඟපෑවේ. හැබැයි තාත්තා ඒ පරෙස්සමට විරුද්ධ වුණා. ඔහු මට කිව්වා අධ්‍යක්ෂවරයා තාත්තා කියන එක අමත කරන්න කියලා.
එක තැනක මට තිබුණා ගෝතමීව හරි ආදරයෙන් සිපගන්න ජවනිකාවක් කරන්න. කිහිප වතාවක්ම උත්සාහ කළත් මට එය සාර්ථකව කරගන්න බැරි වුණා. “අයියෝ මොනවද මිනිහෝ ගෑනු ළමයෙක්ව ඉඹගන්න එකවත් කරන්න දන්නේ නැද්ද හරියට” කියලා. තාත්තාම මගේ ළඟට ඇවිත් ඒ දර්ශනය සාර්ථකව කරගන්න මට උදව් කළා.
තවත් තැනකදි සෝනියා ආන්ටි මගේ කම්මුලට තදින් ගහන දර්ශනයක් තිබුණා. කම්මුල් පාරවල් 6ක් ගහලවත් අපේ තාත්තට සීන් එක හරියකට හිතට වැදුණේ නැහැ. ඊට පස්සේ තාත්තා මගේ ළඟට ආවා. අත දිගහැරලා තදින්ම කම්මුලට ගැහුවා. “අන්න ඒ විදිහට ගහන්න සෝනියා” කියලා සෝනියා ආන්ටිට කිව්වා.
ඒ කම්මුල් පාර වැදුණාද නියම විදියට?
වැදුණා කියන්නේ මාව නිලංකාර වුණා. සෝනියා ඇන්ටිගේ අතේ තිබුණු මුද්ද වැදිලා මගේ මූණ පවා තුවාල වුණා. හැබැයි හරිම සතුටක් දැනුණා, හරියටම ඒ දේ කළ එක ගැන.
‘ජනක සහ මංජු’ අතිසාර්ථකව තිරගත වූ චිත්‍රපටයක්?
පාරට්ටු කියන්න ඕන නෑ. ජනතාව ඉතාම ආදරයෙන් එය වැළඳගත්තා. හැබැයි චිත්‍රපටය හෝල්වලට දානකොට බොහෝ සිනමාහල්වල මගෙයි, ගෝතමීගෙයි කටවුට් එකක් දාන්නවත් කැමැති වුණේ නැහැ. මොකද අපි දෙන්නම නවකයෝ නිසා. ඇඳලා තිබුණු කටවුට් එක උඩින් ගහන්නෙ නැතිව බිත්තියට හේත්තු කරලා බිමින් තමා තිබ්බේ.
චිත්‍රපටය හිතපු නැති විදියට දුවන්න ගන්නකොට අන්න අර කට්ටිය කටවුට් එක උඩට ගත්තා. පස්සේ මම එතැනදි කිව්වා “ඇයි දැන් උඩින් ගහන්නේ. තිබ්බ විදියට තියන්න. දැන් චිත්‍රපටය දුවන්න කටවුට් ඕන නෑ” කියලා.
ආඩම්බර කතාවක් නේද ඒ කියලා තියෙන්නේ?
ආඩම්බර වෙන්න ඕනා තමයි. පළමු චිත්‍රපටය දින සිය ගණන් ප්‍රදර්ශනය වෙනකොට නවකයන්ට ආඩම්බර නැතුවද.
එහි ප්‍රණාමය හිමිවිය යුත්තේ ඔබේ පියාට නේද?
සත්තකින්ම ඔව්. මිනිස් සිත් අපූරුවට හඳුනාගත් ඔහු මැද මාවතේ සිට ඉතා අලංකාර නිර්මාණ කළ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයෙක්. සිංහල සිනමාවට ඔහු කළ සේවය අනභිභවනීයයි. බොහෝ විට මගේ තාත්තා චිත්‍රපට හැදුවේ බැංකුවට ණය වෙලා. ඔහු මියයන විට පොතේ තිබුණේ රුපියල් 684යි. වෘත්තිය කිසි විටෙක පාවා නොදුන් ඔහුගේ වටිනාකම ඇත්තෙන්ම අමිලයි. මගේ තාත්තා විතරක් නෙමෙයි තව බොහෝ ප්‍රවීණත්වයට පත් කලාකාරයෝ සිංහල සිනමාවට කළ සේවය ලෙහෙසියෙන් අමතක කරන්න බැහැ. නමුත් කියන්න කනගාටුයි ඒ සේවයට සරිලන ගෞරවය නම් ඔවුනට ලැබුණේ නැහැ.
ඔබ කතාකරන්නේ යම් කලකිරීමකින්?
ඔව්. කලාකාරයෝ කියන ප්‍රතිරූපයට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ කිසිදු වටිනාකමක් ලැබිලා නැහැ. මගේ තාත්තා විතරක්ම නෙමෙයි නම නොකියපු කලාකරුවන් බොහොමයක් මෙයට ඇතුළත්. කෙටියෙන් කියනව නම් බොහෝ කලාකරුවන්ගේ ඡායාරූපයක්වත් මතක සැමරුමක් ලෙස චිත්‍රපට සංස්ථාව තුළ නැති එක ගැන කනගාටුයි.
මෙයට වගකිවයුත්තේ රජයද?
මෙතෙක් බිහිවූ සෑම රජයක්ම මෙයට වගකිව යුතුයි. ඒ වගේම විවිධ පක්ෂවලට ගිහින් තනතුරු ලබාගන්නේ අපේ කලාකරුවන්ටද මෙහි වගකීමක් තිබෙනවා. කලාකරුවන් ලෙස ඔවුන් තම සහෝදර කලාකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා නම් එය සිනමා කර්මාන්තයට හොඳ පිටිවහලක් වේවි කියා හිතනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විජයබා කොල්ලයේ ඇත්ත කතාව

Next Post

දළදාව හංගපු සපු ගහ බලන්න වෑගමට එන්න

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.