එක්සත් ජාතින්ගේ මහසමුළුව සදහා සහභාගී වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, රටේ අභ්‍යන්තර ප‍්‍රශ්න විසදා ගැනීමටත් – රට ඉදිරියට ගෙන යාමටත්, දෙමළ දේශපාලන පක්ෂ, දෙමළ ඩයස්පෝරාව සහ විදෙස්ගත සියළු පාර්ශ්ව සමග සම්බන්ධ වී කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
ඊට අමතරව, ලංකාවට ජී.එස්.පී බදු සහනය ලබා දීම සම්බන්ධයෙන් සලකා බැලීම සදහා පසුගිය දා මෙරටට පැමිණි යුරෝපා සංගම් දුත පිරිස් හමු වූ අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මෙම කරුණ නැවත් වරක් අවධාරණය කර සිටියේ ය.
කෙසේ වෙතත්, විදෙස් අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසන්නේ දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡුා කිරීමට රජය සූදානම් නැති බවයි. දෙමළ ඩයස්පෝරාවට අයත් ප‍්‍රධානතම සංවිධානය, ගෝලීය දෙමළ සංසන්දනය වන අතර එය ලංකාව තුළ තහනම් සංවිධානයකි.
ඊට අමතරව, බි‍්‍රතාන්‍යයේ – කැනඩාවේ සහ ඕස්ටේ‍්‍රලියාවේ දෙමළ ඩයස්පෝරාවන් ඇතුළුව දෙමළ ඩයස්පෝරා රැසක් ආරක්ෂක අමාත්‍යංශය විසින් තහනම් සංවිධාන ලෙස නම් කර තිබේ.
කෙසේ වෙතත්, වෙනත් දෙමළ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සාකච්ඡුා කිරීමට රජය සූදානම් බව අමාත්‍යවරයා පවසා තිබේ. ඬේලි මිරර් පුවත්පතට සම්මුඛ සාකච්ඡුාවක් ලබා දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කර තිබුණි.










