• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෘතුගීසීන් තමන්ම කපපු සෙබස්තියන් ඇළෙන් මට්ටු වුණේ කොහොමද?

October 16, 2021
in Exclusive, Mahawanshaya
Reading Time: 1 min read
A A
පෘතුගීසීන් තමන්ම කපපු සෙබස්තියන් ඇළෙන් මට්ටු වුණේ කොහොමද?
Share on WhatsAppShare on Facebook

මේ වසර ගණනාවකට පෙර අතීතයට අයිති වූ දිනයකි. කොළොම්තොට අහස පැහැපත්ය. මුහුදු සුළං සීරුවට ගහකොළ අතර දැවටෙමින් කඩින් කඩ ඉදිවූ ගොඩනැගිලි අතර නිදහසේ සැරිසරයි. සුවදායී පරිසරය ගතට සිසිලක් මිස දාහයක් ගෙන නොදෙන තරම්ය. හාත්පස විහිදුණු කුඩා මංමාවත් අතර විටින් විට ඇවිද යන යුරෝපීයයන් බොහෝය. ඉතා කාර්යක්ෂම සහ වේගවත් ගමනක් සහිත ඔවුන් දඩිමඩියේ ඔබමොබ ඇවිද යනු පෙනෙයි. විටෙක රික්ෂෝවක නැගි අයද, තවත් විටෙක අශ්ව කරත්තද, බඩු මලු සහ ගෝනි කර තබාගත් කම්කරුවන්ද ඒ වීදිවල අඩුවක් නැතිව දක්නට ලැබිණි.

ඒ අතරේ හරි හරියට ඇවිද ගිය මුස්ලිම්වරුන්ද අඩුවක් නොවීය. කෙසේ නමුත් කොළඹ කොටුව අවට මේ සාමාන්‍ය දර්ශනයන් වෙනස් කරගෙන අමුතු නිර්මාණයක් කරන්නට පෘතුගීසින් පටන්ගෙන ඇති බව කොළඹ කොටුව ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු කළ මුස්ලිම්වරුන්ගේ කන වැකුණේය.

‘පෘතුගීසිකාරයා ඇළක් කපනවාලු. අපේ කඩ සාප්පු ගෙවල් කඩනවාලු…’

මේ එවකට කනින් කන කටින් කට ප්‍රචලිත වූ පුවතකි. මේ පුවතත් සමග අරාබිවරුන් සහ පෘතුගීසීන් අතර එතෙක් පැවැති ගැටුම් උත්සන්න වීමට පටන් ගත්තේය. පෘතුගීසීන්ගේ යටි සිතේ වූ අරමුණු කිහිපයක් පදනම් කරගනිමින් මෙම ඇළ ඉදිකිරීමට පටන්ගෙන තිබුණු අතර, එය ශාන්ත බස්තියන් කන්ද, කොළඹ කොටුව සහ කොච්චිකඩේ කන්ද පදනම් කරගෙන ඒ සීමාවන්ට යටත්ව ඉදිකරන්නට සියල්ල සූදානම් කර ඇති බවද කනින් කන පැතිර ගියේය.

ක්‍රි.ව. 4,5,6 සියවස්වල පටන් කොළඹ කොටුව ආශ්‍රිතව වෙළෙඳාම් කටයුතුවල නිරතවූ සිංහල සහ මුස්ලිම් ව්‍යාපාරිකයන් පෘතුගීසීන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් ගැන පසුවූයේ කේන්තියෙනි. නිතර නිතර සිය ව්‍යාපාරවලට අභියෝග එල්ල කරමින් තාඩන පීඩන කරන පෘතුගීසීන් ගැන එම වෙළෙඳ ප්‍රජාවගේ එතරම් කැමැත්තක් නොවීය.

බංගසාල වීදියේ සිය ප්‍රධාන ගබඩා සංකීර්ණ පවත්වාගෙන යමින් ව්‍යාපාරවල නිරත වූ අරාබිවරුන්ට මෙන්ම සිංහල වෙළෙඳුන්ට පෘතුගීසීන්ගේ මෙම අනිසි අතගැසීම් ගැන තිබුණේ සඟවාගත් කේන්තියකි. කොයි මොහොතේ හෝ අවස්ථාවක් ලද විගස තම පීඩනය මුදාහරිමින් පෘතුගීසීන්ට පහර දෙන්නට වුවද මෙම වෙළෙඳ ප්‍රජාව සූදානමින් සිටියේය.

ඒ අතරේ අරාබිවරුන්ගේ මුහුදු ගමන් හා මුහුදු මාර්ගයෙන් පැමිණ ලංකාවේ සිදුකරන වෙළෙඳ කටයුතු ගැනද පෘතුගීසීන් යම් නොකැමැත්තකින් පසුවිය. එහෙත් මේ දෙපිරිස අතර ගැටුම් දවසින් දවස වර්ධනය වූ අතර කොළඹ වරාය ආශ්‍රිතව පිහිටි විශේෂිත ස්ථානයක පෘතුගීසීන් ආරක්ෂිත අට්ටාලයක්ද ඉදිකර ගත්තේ මේ අරාබිවරුන්ගේ අභියෝග ජයගන්නා අදසිනි. තත්ත්වය පියවරෙන් පියවර බරපතළ වෙද්දී පෘතුගීසීන්ගේ ආරක්ෂාව අභියෝගයට ලක්විය. එහෙයින් බළකොටුවක අවශ්‍යතාව තේරුම් ගත් පෘතුගීසීන් එහි නිර්මාණ කටයුතු ‘ලෙපෙස් ද පොරිටෝ’ නම් නිර්මාණ ශිල්පියාට භාර කෙරිණි. ඒ අනුව ලෙපෙස් ද පොරිටෝ විසින් කටුමැටි හා කබොක් ගල් යොදාගෙන කළ බළකොටුව එතැන් පටන් කොළඹ කොටුව ලෙස ප්‍රචලිත විය.

එතෙක් පැවැති සාමකාමී තත්ත්වය මුළුමනින්ම වෙනස් කළ පෘතුගීසීන් කොළඹ බළකොටුවේ ආරක්ෂාව සහිතව මුස්ලිම් හා සිංහල වෙළෙඳුන්ගේ නිවාස සහ කඩ සාප්පු ගිනිබත් කරමින් සෙබස්තියන් ඇළ කැපීම වේගවත් කළේ තම ආරක්ෂාවත්, වෙළෙඳාම සඳහා කොළඹ කොටුවේ සිට වරායට භාණ්ඩ ප්‍රවාහනයත් පහසු කරගැනීමේ අරමුණ ඇතිවය.

එතෙක් එක් බිමක් ලෙස පෙනුණු කොළඹ කොටුව ප්‍රදේශය සෙබස්තියන් ඇළෙන් වෙන්වූ පසු පෙනුණේ දූපතක් ලෙසිනි. පසු කලෙක මෙම ඇළේ දකුණු පසින් කැපූ දිය අගලකින් එය බේරේ වැවත් සමග සම්බන්ධ කිරීමටද කටයුතු කෙරිණි.

මේ, අළු යට සැඟවුණු ගැටුම් මනාව තේරුම් ගත් රාජසිංහ රාජ්‍ය සමයේ සිංහල ප්‍රජාව පෘතුගීසීන්ට එරෙහිව සටන් කරන්නට පෙලඹුණේය. මේ කාලයේම කල්යල් බලමින් සිටි ලන්දේසීන්ද ක්‍රියාත්මක විය. ඔවුන්ද පෘතුගීසීන්ට එරෙහිව ප්‍රහාර දියත් කරන්නට පටන් ගත්තේය. අවසානයේ සිය ආරක්ෂාව පතා පෘතුගීසීන් කොළඹ කොටුවට පසුබැස්සේය.

අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලන්දේසීන් සෙබස්තියන් ඇළ අවට කඳවුරු බැන්දේය.

කොළඹ කොටුවේ සිරවී සිටින පෘතුගීසින්ට පහරදීමට ඇති හොඳම ක්‍රමය ශාන්ත බස්තියන් ඇළ බව වටහාගත් ලන්දේසීන් බස්තියන් ඇළේ ජලය හිස්කර අවසානයේ බේරේ වැවේ ජලයත් ඉවත් කර ඒ හරහා කොළඹ කොටුවේ සිටි පෘතුගීසීන්ට පහරදී බලය අල්ලා ගත්තේය.

කර කියාගන්නට දෙයක් නොවූ පෘතුගීසීන් පරාජය පිළිගනිද්දී ලන්දේසීන් කොළඹ කොටුව අවට සිය බලතල මුදාහරිමින් ලන්දේසි අධිරාජ්‍යයක් ඇතිකර ගත්තේ එතෙක් පැවැති පෘතුගීසි වෙළෙඳ භාණ්ඩ හා වත්කම්ද අත්පත් කරගනිමිනි. කෙසේ නමුත් අවස්ථාව ලද විගස බලවත් පෘතුගීසීන් පරදා ලන්දේසීන්ට බලය අල්ලා ගන්නට පහසු වූයේ ඔවුන්ම කැපූ සෙබස්තියන් ඇළ නිසාම බව පැහැදිලි වන කරුණකි. සෙබස්තියන් ඇළ නොවන්නට ලන්දේසීන්ට ඉතා පහසුවෙන් කොළඹ කොටුවට පහරදීමට ඉඩක් නොවන බවද පැවසේ.

කොළඹ කොටුවේ සිට වරායටත්, වරායේ සිට කොළඹ කොටුවටත් භාණ්ඩ ප්‍රවාහනයේ පහසුම මාර්ගය වූ සෙබස්තියන් ඇළ එවකට පෘතුගීසීන් විසින් සිය කාර්යයන් පහසු කරගැනීම උදෙසා කළ විශිෂ්ට නිමැවුමක් ලෙස අදද පිළිගැනේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

සජබෙ මන්ත්‍රීවරු 9ක් ඉල්ලා අස්වෙන්න සූදානමින්! නලින් – මයන්තත් ඒ අතර!

Next Post

සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රතිඵල ගත් දෙව්මිට මහජන බැංකුවෙන් ලැප්ටොප් පරිගණකයක්…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.