• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සසරින් එතෙරට පියවර මැන යන දුවේ..! පහන නිවුණා සේ නිවසේ පාළුව දැනේ..!’ මනාලියක ලෙස සැරසී ගිහිගෙයින් නික්ම මෙහෙණි සස්නට ඇතුළු වූ දිල්මි හංසනී..!

October 14, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
‘සසරින් එතෙරට පියවර මැන යන දුවේ..! පහන නිවුණා සේ නිවසේ පාළුව දැනේ..!’ මනාලියක ලෙස සැරසී ගිහිගෙයින් නික්ම මෙහෙණි සස්නට ඇතුළු වූ  දිල්මි හංසනී..!
Share on WhatsAppShare on Facebook

ගැහැනු දරුවකුට අවුරුදු විසිඑකක් කියන්නේ ජීවිතයේ හොඳම තරුණ කාලය. ඒ වයසට ලෞකික ජීවිතයේ අනිත්‍ය වටහා ගන්නවා කියන්නේ අපට හිතාගත්නත් අමාරුයි. එහෙම ජීවිතය වටහාගත් තරුණියක් පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සසුන්ගත වුණා. ජීවිතයේ නිස්සාර බව හඳුනාගෙන මේ උතුම් තීරණයට එළඹුණේ කලල්ගොඩ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි විසිඑක් හැවිරිදි දිල්මි හංසනී නවෝද්‍යා සොයුරියයි. ඇය කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින් වහන්සේ නමින් සසුන් ගතවුණා. කඩුවෙල ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ඒච්.ඒ. බැසිල් සහ මහේෂිකා යුවළ ඇගේ මවුපියන්.

බොහෝ දෙනා පැවිදි වීමට හේතු වශයෙන් දකින්නේ අහිමි වීමක්, දුකක්, පරාජයක් හෝ සිත් කලකිරිමක් වැනි කරුණුය. නමුත් එය එසේ නොවන බව දිල්මි ලෝකයට කියාදුන්නා. සසුන්ගත වීමට පැය කිහිපයකට පෙර ඇය උඩරට මනාලියක් ලෙස මාල හතක් ගෙල පලඳාගෙන සැරිසී සිටියා.

අපි මේ සිදුවීම පිළිබඳ දැනගත්තේ සමාජ මාධ්‍යයෙන්. බොහෝ දෙනා මේ ගැන කතා කරන්නට පටන් ගත්තේ මානාලියක් ලෙස සැරසී ඇය පැවිදි වීමට පැමිණ සිටි හේතුව නිසයි. කවුද මෙහෙම ඇයට අඳින්න කිව්වේ? ඇගේ අම්මා ඇය පැවිදි කරන අවස්ථාවේ මේ තරම් හඬා වැලපුණේ ඇයි? වටේ ඉන්න අය තමන්ගේ ජංගම දුරකතනවලින් ඇයි මේ තරම් ඡායාරූප ගත්තේ? මේ වගේ ප්‍රශ්න ගණනාවක් සමාජ මාධ්‍ය පිටුවල ඇයගෙ සිදුවීමට අදාළව පළකරලා තිබුණා.

ඇය පැවිදි කරන අවස්ථාවේ ඇගේ සහෝදරියනුත් එකම වගේ සුදු ගවුම්වලින් සැරසිලා සිටියා. ඒ අම්මාගේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති කවදා හෝ තම දියණියන් විවාහ වන විට එකම වගේ ඇඳුම්වලින් ඔවුන්ව සරසවන්න. ඒත් ඇගේ ඒ සිහින මේ වෙද්දි බොඳවෙලා. එහෙත් තම දියණිය සසරේ දුක අවබෝධ කරගෙන සියල්ල අනිත්‍ය බව වටහාගෙන ගිහි බැඳීම්වලින් ඈත්ව අද වෙද්දි උතුම් පැවිදි දිවියට පත්වෙලා.

‘මව්රට’ පුවත්පතේ අපි ඈ පිළිබඳ සොයා බලන්න කටයුතු කළා. ඒ අනුව මේ සිදුවීමට සම්බන්ධ මෙහෙණින්වහන්සේගේ දෙමවුපියන්ව අපට සම්බන්ධ කරලා දුන්නේ චරිත් ජයකොඩි මහතා විසින්. ඒ ගැන ඔහුට අපේ ස්තුතිය පිරිනමනවා.

තම දියණිය සසුන් ගතවීම පිළිබඳ කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින් වහන්සේගෙ පියා අපට කිව්වේ මේ විදියට.

“මේ මහණවෙලා ඉන්නේ මගේ ලොකු දුව, මෙයාට බාල තව දූවරු තුන්දෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉස්කෝලේ යනවා. ඒක්කෙනෙක් ෆැෂන් ඩිසයින් පාඨමාලාවක් හදාරලා ගුරු වෘත්තියට පිවිසීමේ බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දරුවා පුංචි කාලේ ඉඳන්ම මහණ වෙන්න අපෙන් අවසර ඉල්ලු‍වා. අපේ ගෙවල් ළඟම තමයි කලල්ගොඩ ශ්‍රී ජයබෝධි විහාරය තියෙන්නේ. මේ දරුවා ලැබෙන්න ඉන්නකොටත් මේ පන්සලේ මමයි මගේ බිරිඳයි සිල්ගත්තා. දරුවා ලැබිලා අවුරුදු හයක් වෙද්දී ‘තාත්තේ මට මහණ වෙන්න ඕනේ’‍ කියලා කිව්වා. එතකොට මම කිව්වා ‘‍ටිකක් ඉගෙනගෙන යන්න’ කියලා. ඊට පස්සේ මීට අවුරුදු 3කට වගේ කලින් දුව ආපහු ඒ ගැන අපෙන් ඇහුවා. ඊට පස්සේ අපි අවසර දුන්නා. මේ භවයේ බැරි වුණොත් ලබන භවයේ හරි මාර්ග ඵලයක් ලබන්න කියලා අපි දුවට ආශීර්වාද කළා. මේ දරුවා පොඩි කාලේ ඉඳලාම ජීවිතය ගැන සොයන්න පටන් ගත්තා. භාවනා කළා. විවාහ ජීවිතයටත් කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. අපි ඒ ගැන ඇහුවත් කියන්නේ තාත්තේ මම බඳින්නේ නැහැ කියලා.

අපේ පවුල පන්සලත් එක්ක ලොකු බැඳීමක් තිබ්බා. පන්සලේ අත්ථදස්සි ස්වාමින්වහන්සේ නිතරම අපේ දාන කටයුතුවලට සහභාගි වෙනවා. අපේ පන්සලේ අටවිසි බුදු කුටි හැදුවා. මේ දුවගේ ලොකු ආසාවක් තිබුණා ප්‍රතිමාවක් භාරගන්න. අපි මුල්ම ප්‍රතිමාව භාර අරගෙන පුජා කළා. මේ දරුවා මේ බුදු කුටියට උදේ හවා මල් තියලා වැන්දා. ඇගේ මේ ගමන ඉක්මන් වෙන්න හේතු වුණෙත් පන්සලත් එක්ක තිබුණු ලොකු බැඳීමයි. අපේ පවුලේ අනෙක් දරුවන්ට වඩා මේ දරුවා ධර්මයට යොමු වුණා. ජීවිතය දුකයි කියන එක තේරුම් ගත්තා. යූටියුබ් එකේ බණ ඇහුවා. භාවනා පැත්තට තමයි දුව ගොඩක්ම යොමු වෙලා තිබුණේ. එයා පොඩි කාලේ ඉඳන් අත්හැරීම පුරුදු කළා. ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක නිතරම ධර්ම සාකච්ඡා කළා. පැවිදි වීම ගැන කියද්දී අපි කිව්වා දවසක සිවුරු හැරලා එන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඒතකොට කිව්වා ‘‍නෑ තාත්තේ මම කවදාවත් සිවුරු අරින්නේ නැහැ. මං මේක අඳින්නේ එකපාරයි’ කියලා.

ඇය පැවිදි වෙන දවසෙ මනමාලියක් වගේ ඇන්දේ චාරිත්‍රයක් නිසා. චාරිත්‍රයෙ තියනවා මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා අඳින විදියක් ගැන.
දුවගෙ අම්මා නම් තාමත් අඬනවා. තාම හිත හදාගෙන නැහැ. ඇය හරිම සංවේදී කෙනෙක්. මහණ වෙන්න කලින් මාස ගණනක් මෙහෙණි ආරාමේ නැවතිලා ඉන්න ඕනේ. දුව එහෙම නවතින්න ගිය දවසෙත් හොඳටම ඇඬුවා. මේ දරුවා ධර්මය දැනගෙන හිටිය නිසා ගොඩ කාලයක් මෙහෙණි ආරාමේ නතර වෙලා ඉන්න ඕනේ වුණේ නැහැ. ඉක්මනට මහණ කළා…”‍ මෙහෙණින් වහන්සේගේ තාත්තා කිව්වේ ඒ විදියට.

පාදුක්ක ‘මාතික මාතා’ පිරිවෙනේ අධ්‍යක්ෂ සහ මෙහෙණි අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වන හාල්පන්දෙණියේ සුපේෂලා මෙහෙණින් වහන්සේ මේ පැවිදි පින්කම පිළිබඳ කිව්වේ මේ විදියට.

“‍මේ දරුවා මහණ කළේ මම. ඇය වෙනත් මෙහෙණි ආරාමයකට යොමුකරන්න හිටියේ ශ්‍රී ජයබෝධි විහාරයේ ලොකු හාමුදුරුවන් වහන්සේ. ඒත් මේ මෙහෙණින් වහන්සේට වැඩිදුර අධ්‍යාපනයට යොමුවෙන්න ඕනෙ නිසා මේ පිරිවෙනට යොමු කළා. ලොකු හාමුදුරුවන් වහන්සේගේ උපන් දිනේ දවසෙම මහණ කරමු කියලා යෝජනා වුණා. මේ දරුවා ඉස්සර ලොකු හාමුදුරුවන් වහන්සේට කියලා තියෙනවා මටත් මහණ වෙන්න ආසයි කියලා. ලොකු හාමුදුරුවෝ ඊට පස්සේ කියලා තියෙනවා අවුරුදු 20 පහු වෙනකන් ඉන්න කියලා. මට මේ දරුවා කියන කාරණාව තමයි ගිහි ජීවිත ගතකරන මිනිස්සු විශ්වාස කරන්න බැහැ කියන කතාව. හරි ඉක්මනට මිනිස්සු වෙනස් වෙනවා කියන කතාව. එයා සමාජයෙන් දැකලා තියෙනවා විවාහ වෙන්න කලින් තිබ්බ ආදරේ විවාහ වුණාට පස්සේ නැහැ කියලා. තවත් දුකකට සහ බැඳීමකට බැඳෙන්නේ මොකටද කියලා ඇය තේරුම් ගෙන හිටියා.

ඇයව මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනයට වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුකළා.

වැඩිවියට පත් නොවුණු දරුවෙක් මහණ කරනකොට චාරිත්‍රයක් වශයෙන් අන්දවන්නේ ළමා සාරිය. විවාහ නොවුණු තරුණ ගෑනු ළමයෙක් මනමාලියක් ලෙස අන්දවන්නේ ඒකත් ජීවිතයේ අත්දැකීමක් නිසා. මාවත් මිට අවුරුදු 28කට පෙර මහණ කළේ ඒ චාරිත්‍රයට අනුවය. ඒ විදියට මේ දරුවාවත් මහණ කළා. මේ පිරිවෙනේ මෙහෙණින් වහන්සේලා විසිපස් නමක් විතර වැඩ ඉන්නවා…”‍ යනුවෙන් සුපේෂලා මෙහෙණින් වහන්සේ කියා සිටියා.

පැවිදි වීමට පෙර අදාළ කාන්තාව මානාලියක් ලෙස සැරසවීමේ චාරිත්‍රයේ තේරුම ඇගේ සිත නැවත ගිහි දිවියට හෝ විවාහ දිවියට ඇලෙනවාද යන්න සොයාගැනීමයි. විවාහ නොවුණු කෙනෙක් එහි ස්වභාවය ප්‍රායෝගිකව විඳලා නැති නිසා බොහෝ වෙලාවට හිත යටින් ඊට කැමැත්තක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඇයව මනාලියක් සේ සරසා ඇගේ සිත අවසන් මොහොත තුළ හෝ වෙනස් වෙනවද කියා නිරීක්ෂණය කරනවා. රූපලාවන්‍ය ශිල්පිනියක විසින් වත්සුණු තවරා නිර්මාණය කරන රූපයට ඒ මොහොතෙදි ඇය රැවටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ මොහොතේ ඇගේ සිත වෙනස් වුණොත් ඇයව ඒ මොහොතේම ගිහි දිවියට යවන්නටත්, සිත වෙනස් නොවුණොත් ඇයව පැවිද්දට සුදුසු බව අනුමත කරනවා. එය පැවිදි ජීවිතයට පිවිසීමට මඟ පෙන්වීමක් සහ යම් කිසි නිරීක්ෂණයක් ලෙසයි සැලකෙන්නේ.

අම්මා කෙනෙක්ට තමන්ගෙ දරුවෙක් ඈත්වෙනකොට දැනෙන දුක දරාගන්න අමාරුයි. තව දියණිවරුන් තිදෙනෙක් සිටියත් මේ දියණියව අතහරින්න අපහසුයි. පුංචි කාලේ සිට හැදූ වැඩූ දියණියගේ දිගු වරලස කපලා තමන්ගේ අතට දෙනකොට අම්මා කෙනෙක් කොහොම දරාගන්නද? ඒ සියල්ල අනිත්‍යයක් බව මේ දියණිය පසක් කළා.
තම දියණිය පැවිදි දිවියට ඇතුළු වන අවස්ථාවේ ඒ අම්මා පොළොවේ හැපි හැපී ඇඬුවේ දරු සෙනෙහස නිසාමයි. ඒ අවස්ථාව බලන් සිටි බොහෝ දෙනාගේ නෙතට කඳුළක් ඉනුවා.

අවුරුදු විසිඑකක නව යෞවන වයසේදි බැඳීම් සියල්ල අතහැර උතුම් පැවිදි දිවියට ඇතුළත් වීමට ඇයට සිතීම වාසනාවක් වගේම සංසාරගත පිනක්. මේ ජීවිතයේ ඇලීම් බැඳීම් කියන්නේ දුකමයි. කලල්ගොඩ සුදර්ශිකා මෙහෙණින් වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එවැනි පින්වත් දියණියක් ලොවට බිහිකළ ඒ ආදරණීය මවුපියන්ටත් උතුම් වූ නිවන් අවබෝධය පිණිසම මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

සිටියාට ආදරෙන්
වටකරන් පිරිසක්
ඒ බැඳීම සියල්ලේම
නෑ කිසිම අරුතක්
අන්තිමේදී පිහිට
ඔබට ඔබ පමණක්
සසර යනු එකිනෙකා
තනිව යන ගමනකි…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්තප්‍රිය රාමනායක සමුගනී!

Next Post

සීනිත් නෑ.. හාලුත් නෑ.. පිටිත් නෑ.. සිමෙන්තිත් නෑ.. ඉන්න හිතුන රටක යන්න හිතිලා තියෙන්නේ…! (VIDEO)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.