මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලොවක් වසග කරගෙන සිටින යොහානි ඩි සිල්වාගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගත හැකිය.
එහි පළමු වීඩියෝවේ දැක්වෙන්නේ යොහානි ක්ෂේත්‍රයට පිවිසි සමයේ එක්තරා නාළිකාවක් ඇය සිය වැඩසටහනකට ගෙන්වා අපහසුතාවට පත් කළ ආකාරයය.
දෙවන වීඩියෝවෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ සිටි කාලය අතරතුර බිග් බොස් වැඩසටහනට ආරාධනා කරමින් සුපිරි නළු සල්මාන් ඛාන් විසින් ඇය පිළිගනු ලැබූ ආකාරයය.
මේ වීඩියෝවට සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් තබා ඇති බොහෝ දෙනා නවකයන් අපහසුතාවට පත් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක අදහස් පළ කර තිබූ ආකාරයක් දැකගත හැකි විය.










