කටුනායක ගුවන්තොටුපොළේ ඉදි කළ නව පීසීආර් රසායනාගාරය හදිසියේම නැවැත්තුවේ ගජමිතුරු මාෆියාව ක්‍රියාත්මක වීමෙන්දැයි සැක මතු වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සදහන් කළේය.
රෝහල් නිරෝධායනයට යළිත් වතාවක් පාර කපමින් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවට සැක මතුවන බව එහි ලේකම් රවි කුමුදේශ් මහතා සදහන් කළේය.
පැය 3ක් ඇතුළත මෙම රසායනාගාරයෙන් පීසීආර් පරීක්ෂණ තොරතුරු ලබා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










