අද දිනයේදීත් පොහොර ඉල්ලා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් විරෝධතා පවත්වන ආකාරයක් දැක ගත හැකි විය.
මෙහිදී ඇතැම් ස්ථානවල ගොවීන් ආවේගශීලීව හැසිරෙමින් සටන් පාඨ කියන ආකාරයක්ද දැකගත හැකි විය.
එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ අනුරුවකට ගිනි තැබීමටද ගොවීහු කටයුතු කළහ.










