රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය.
මෙවර අය වැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාල විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ අද (11)පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකචිඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.
“සමහර උදවිය රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බව සඳහන් කරමින් නොයෙක් විදියේ ප්‍රකාශන කරනවා.ඒ අය බලාපොරොත්තු වන ආකාරයට රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ.අපි මෙවර අය වැයෙන් වැඩිපුර අවධානය යොමු කර තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කීරිමටයි.මෙවර අය වැයෙන් ගමට මුදල්යන ක්‍රමයක් හදලා තියෙනවා.ගම් මට්ටමෙන් කොට්ඨාශ හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර මුදල් වෙන් කර දී තිබෙන්නේ නිෂ්පාදන අංශ වැඩ් දියුණු කිරිමේ අවධානයෙන් යුතුව යැයිද බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළා. මෙවර අය වැයෙන් සම්පූර්ණයෙන් වර්ෂයටම මුදල් වෙන් කර නොදෙන බවත් කාර්තුවෙන් කාර්තුවට ඒ ඒ ව්‍යාපෘතිවල ප්‍රගතිය නීරික්ෂණය කර මුදල් වෙන් කර දීමට තිරණය කර ඇති බවද අමාත්‍ය වරයා කීවේය.
මුල් කාර්තුවේදීම සාර්ථක බව පෙන්නුම් කිරිමට අපොහොසත් ව්‍යාපෘති සදහා නැවත් මුදල් ලබා නොදෙන බවද මෙහිදී අවධාරණය කෙරිණ.
දේශිය නිෂ්පාදන ඉහළ නංවා පාරිභෝගිකයාට දැරිය හැකි මිළකට අලෙවි කීරිමේ ක්‍රම වේදයක් ඇති කීරීමට කටයුතු කල යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මේ වන විටත් මිරිස්,100% ක්ම හා අල 65%ක් හා ළුෑණු 65% මෙරටේ නිෂ්පාදනය කීරිමට පියවර ගෙන ඇති බව පෙන්වා දුන්නේය.
මෙරට මිරිස් අවශ්‍යතාවය මෙ.ටොන් 5000ක් බවද එය නිෂ්පාදනය කීරීමට අමු මිරිස් මෙ.ටොන් 20,000ක් අවශ්‍ය බවද දැනටමත් එම ප්‍රමාණය නිෂ්පාදනයට අවශ්‍ය පියවර ගෙන ඇති බවද මහින්දානන්ද අමාත්‍යවරයා කීවේය.එමෙන්ම මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා මහා පරිමාණ කිරි ගොවිපල පහක් ආරම්භ කීරිමට පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට අවස්ථාව ලබා දී ඇති බවද 2022 පෙබරවාරි වන විට කිරි ගවයින් ආනයනය කර මෙම ගොවිපලවල් ආරම්භ කළ හැකි බවද අමාත්‍යවරයා කීය.
. මෙම සාකචිඡාවට රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ හා පී.බී.හේරත් යන මහත්වරු හා එම අමාත්‍යාංශ ලේකම්වරු සමඟ ඉහළ නිලධාරින් පිරිසක්ද විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්ය වරුන් හා පෞද්ගලික ව්‍යවසහයකයින් පිරිසක්ද සම්බන්ධ වී සිටියහ.










