කුඹුරුවලට, එළවළුවලට සහ අපනයන බෝග වගාවලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 40 දෙනකුගේ පමණ අත්සනින් යුත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යවමින් මෙම ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
වී ගොවීන්, එළවළු ගොවීන් මෙන්ම අපනයන බෝග වගාකරුවන් ද රසායනික පොහොර සහ කෘෂිරසායන නොමැතිවීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී ඇති බැවින්, ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සංවේදීව යළි සිතා බලන්නැයි එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.










