කොළඹ වරාය නගරය ජනතාව සඳහා ලබන දෙසැම්බර් මාසයේ විවෘත කිරීමට නියමිත බව වාර්තා වේ.
දැවැන්ත මුහුදු ප්‍රදේශයක් ගොඩ කර තැනූ කොළඹ වරාය නගරය හෙක්ටෙයාර් 269ක භූමි භාගයකින් යුක්ත වෙයි.
චයිනා හාබර් ඉංජිනියරිං සමාගම මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර පළමු අදියරේ ඉදිකිරීම්වලින් සියයට 99ක් දැනට අවසන් කර ඇතැයි වරාය නගර වෙබ් අඩවිය සඳහන් කරයි.










