ජනාධිපතිවරණයේ ජයගන්නා අපේක්ෂකයා සම්බන්ධයෙන් නිවැරදි මතවිමසුම තමන්ට වහාම ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුද්ධි අංශ වෙත දැනුම් දීමක් කර ඇත.
බුද්ධි අංශ විසින් ලබා දෙන එම ප්‍රතිපලවලට අනුව ජනාධිපතිවරයා සිය සහාය ලබා දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ඇති බව පැවසේ.
ජනාධිපතිවරණයේ අවසන් සතිය තුළ තමන්ගේ වේදිකාවට එක්වී සහාය පළ කරන ලෙස දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විශ්‍රාම නොයන බවට දැනටමත් නිල ප්‍රකාශයක් සිදු කර ඇති නිසා ඉදිරියේදී නියත වශයෙන්ම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයකුගේ වේදිකාවට ගොඩවනු ඇති බව දැනගන්නට තිබේ.










