තිරසාර ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයෙහි එක් ප්‍රධානතම කරුණක් වන සමාජ බලගැන්වීම යටතේ HNB FINANCE සමාගම මගින් නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත ‘මාර්ග සංඥා පුවරු‘ පරිත්‍යාගයක් පසුගියදා සිදුකරන ලදී. නුගේගොඩ පොලිස් වසමේ මාර්ග සහ ස්ථානයන් කිහිපයක පදිකයන්ගේ සහ රියැදුරන්ගේ දැනුවත්වීම පිණිස මෙම මාර්ග සංඥා පුවරු රැඳවෙනු ඇත.
HNB Financeහි තිරසාර ආයතනික සමාජ වගකීම් වැඩසටහනේ නියමු වැඩසටහනක් ලෙස මීට පෙරද නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත මාර්ග සංඥා පුවරු පරිත්‍යාග කරනු ලැබූ අතර එම වැඩසටහනේ දෙවැනි අදියර ලෙස මෙම වසරේදීත් පදිකයන්ගේ සහ රියැදුරන්ගේ පහසුව පිණිස මෙම මාර්ග සංඥා පුවරු නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත පරිත්‍යාග කරන ලදී.











