• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සරල ජනපතිගේ ‌කොළඹ හතේ තෑග්ග

October 26, 2019
in Exclusive, Politics
Reading Time: 2 mins read
A A
සරල ජනපතිගේ ‌කොළඹ හතේ තෑග්ග
Share on WhatsAppShare on Facebook

සිරිලක ගී කෙත, කවි කෙත මහා උත්තුංග, සිත්කළු රසයකින් ඔපමට්ටම් කළ අද්විතීය කලාකරුවා ඔහුය. හේ නමින් මහගම සේකරය. මහගම සේකරයන් නික්ම ගොස් බෙහෝ කල් ගතවී ඇත. එහෙත් පසුගියදා මේ අපූර්ව නාමය තැනින්, තැන මහත් ඝෝෂාවකින් ඇසෙන්නට වූයේය. ඒ නම් වෙනත් පලහිලව්වකටය. මහගම සේකර නම් අපූර්ව මිනිසා කොළඹ 7ට නම් තම ගී, කවි ලීවේ නැත. එහෙත් ඔහුගේ නාමය පසුගියදා අසන්නට වූයේ කොළඹ 07 පැත්තෙන්මය. එනම් කොළඹ 07, මහගම සේකර මාවතේය. සුද්දන්ගේ සමයේ සිට ‘පැජට් පාර’ ලෙසින් හැඳින්වූ එම මාවත අද නම්කර ඇත්තේ ‘මහගම සේකර මාවත’ ලෙසිනි. ඉතින් මෙම වීදියෙන් අසන්නට ලැබෙන ආන්දෝලනාත්මක කතාව කුමක්ද? එය නම් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිල නිවෙස පිහිටා ඇත්තේ මෙම මාවතෙහිය. හෙට අනිද්දාම වත්මන් ජනාධිපතිවරයා විශ්‍රාම ගිය පසුවත් මෙම නිල නිවෙසම ඔහුට ලබාදීමට රජය තීරණය කළ කතාව එම ‘ගිනිගත්’ කතාවයි. මෙම කතාවෙහි සැබෑ වටපිටාව කුමක්ද? විවිධ පාර්ශ්ව මෙම රාජ්‍ය තීරණයට එරෙහිව විරෝධය ප්‍රකාශ කර ඇත්තේ ඇයි? මෙවැනි කතාන්දර රැසකින් මේ වන විට සමාජය ඇලලී යයි. මහගම සේකර මාවතේ පිහිටා ඇති එම නිවෙස ජනාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසුවත් ඔහුගේම පරිහරණය සඳහා ළඟදීම නීතියට පටහැනි ක්‍රියාවලියක්ද? මේ නිසාම මෙහි ඇත්ත, නැත්ත සොයා බැලීම ඉතාමත් ඇවැසි කාරියක් වී ඇත.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වුණේ 2015 වසරේ ජනවාරි 08 වැනිදාය. ඒ, වසර 5ක ධුර කාලයක් සඳහාය. නමුත් මෙවර නොවැම්බර් 16 වැනි දිනට ජනාධිපතිවරණය යෙදී ඇති හෙයින් තවත් සති කිහිපයක් ඔහුගේ තනතුර බල පැවැත්වෙයි. එනම් නොවැම්බර් 16 වැනිදාට පත්වන නව ජනාධිපතිවරයා තම ධුරයෙහි අසුන්ගත් විට වත්මන් ජනාධිපතිවරයාට තම අසුණෙන් නැඟිට යෑමට සිදුවෙයි. එනම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විශ්‍රාම යෑමට සිදුවෙයි. විශ්‍රාම ගත් ජනාධිපතිවරයකු යනු බලයේ සිටින ජනාධිපතිවරයකු නොවේ. එනම් ඔහු බොහෝ පරිවර්තනයන්ට ලක්වෙයි.
අද දිනය ගත් විටදී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම ජනාධිපති අසුනෙහි සිටිය හැක්කේ හරියටම තවත් දින 20ක් පමණි. පසුගිය වසර 05කට ආසන්න කාලයක්ම ඔහු තම ධුරයෙහි රැඳෙමින් තම නිල නිවෙස වශයෙන් භාවිත කරන ලද්දේ මහගම සේකර මාවතේ නිල නිවෙසය. වත්මන් ජනාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසුවද ඉහත නිල නිවෙස ඔහු වෙතම ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද්දේ පසුගිය ඔක්තෝබර් 15 වැනිදාය. ජනාධිපතිවරයාගේම ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති එම රැස්වීමේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඒ සඳහා ඉදිරිපත් කරන ලද සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබිණි. විශ්‍රාමික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථානුකූලව ලබාදිය යුතු සියලු වරප්‍රසාදවලට අමතරව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බළකාය ලබාදීමටද කැබිනට් මණ්ඩලය තීරණය කළේය. ඔහු මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා විශාල මෙහෙවරක් සිදුකර ඇතැයි පැවසුණු හෙයින් ඔහුට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ බව අමාත්‍ය මණ්ඩලයට ප්‍රකාශ කර සිටියේය. විශ්‍රාම ගිය වෙනත් ජනාධිපතිවරයකුට වඩා විශේෂ වරප්‍රසාද පැකේජයක් වත්මන් ජනාධිපතිවරයාට හිමිවිය.
නොවැම්බර් 16දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ කටයුතුවලදී වත්මන් ජනාධිපතිවරයා මධ්‍යස්ථ, අපක්ෂපාතී පිළිවෙතක් අනුගමනය කිරීමට පොරොන්දු වී ඇත. මුදල් අමාත්‍යවරයා විශ්‍රාම යන ජනාධිපතිවරයා උදෙසා විශේෂ දීමනා පැකේජයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී එහි සිටි බොහෝ ඇමැතිවරුන්ගේ නළල් රැලි ගැන්වුණේ යැයි මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි. ජනාධිපතිවරයාට හිමිවීමට නියමිත පැකේජයේ සම්පූර්ණ අන්තර්ගතය තවද රහසක්ව පවතී. එයට අදාළ කැබිනට පත්‍රිකාව අධ්‍යයනය කිරීම සඳහා කල්තියාම ඇමැතිවරුන් අතර බෙදාහැර නොතිබීමද, රැස්වීම පැවැත්වෙන විටදී පවා එහි පිටපතක් හෝ ඔවුන් වෙත ලබානොදීමද පුදුමයට කරුණක් විය. එහෙත් අවසානයේදී ජනාධිපතිවරයා ඉදිරියේදීම එම යෝජනාවලිය අනුමත කළ බැව් වාර්තා විණි.
කෙසේ හෝ යෝජනාවලියේ සමහර කරුණු මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ අතර, එහිදී ප්‍රධාන ලෙස සඳහන් වූයේ යෝජනාවලියට අනුව ජනාධිපතිවරයා දැනට පදිංචිව සිටින මහගම සේකර මාවතේ පිහිටි නිල නිවෙස් ඔහු විශ්‍රාම ගිය පසුවත් ඔහුටම හිමිවන බැව්ය. එසේම විශ්‍රාමික ජනාධිපතිවරයා සඳහා වෙනම කාර්යාලයක් සහ වෙනම කාර්ය මණ්ඩලයක්ද හිමිවන අතර, වෙනම රථ වාහනද ලබාදෙනු ඇත. ආරක්ෂාව පිණිස පොලිස් විශේෂ කාර්ය බළකායේ (ීඔත්‍) නිලධාරීන් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් අනුයුක්ත කිරීමට කටයුතු කරන බැව්ද පැවසිනි. තත්ත්වය එසේ වුවද ඔහුගේ දීමනා පැකේජයේ ඉහළින්ම තිබෙන නිල නිවෙස ලබාදීම ගැන මේ වන විට පාර්ශ්ව කිහිපයකින්ම විවිධ චෝදනා සහ විවේචන එල්ලවෙමින් ඇත. ව්‍යවස්ථානුකූලව ශ්‍රී ලංකාවේ විශ්‍රාම යන ඕනෑම ජනාධිපතිවරයකුට නිල නිවෙසක් හිමිය. එහෙත් ජනාධිපතිවරයා මේ වන විට පදිංචිව සිටින නිල නිවෙස ඉතාමත් මිල අධික, සුපිරි තත්ත්වයේ එකක් යැයි පැවසෙයි. මෙහි නවීකරණ කටයුතු සඳහා පසුගිය කාලයේ රුපියල් මිලියන 180ක (කෝටි 18ක්) මුදලක් වැයකර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටියේ මෙම නිවෙස රුපියල් කෝටි ගණනක වටිනාකමකින් යුක්ත බැව්ය.
මේ අතර මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට භාවිත කිරීම සඳහා මිලදී ගැනීමට නියමිත සුපිරි මෝටර් රථ දෙකක් සඳහා බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 101ක මුදලක්ද, පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් බැව්ද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර ඇත. එම පක්ෂය ප්‍රකාශ කරන ආකාරයට විශ්‍රාම යන ජනාධිපතිවරයාට ලබාදෙන විශ්‍රාමික පැකේජය රුපියල් කෝටි 80 ඉක්මවා යන එකක් බැව් පැවසෙයි. මෙතෙක් කිසිදු ජනාධිපතිවරයකුට එම විශ්‍රාමික හිමිකම් ලැබී නොමැත.
මහගම සේකර මාවතේ මෙම සුපිරිි, අධි මිලැති නිවෙස නිවාස දෙකක් එකට යාකර තනා ඇති අතර, එය සියලු පහසුකම්වලින් යුක්ත වූවකි. මෙම පහසුකම් අතර එහි ආසන පනවා ඇති රැස්වීම් ශාලාවක්ද වෙයි. ජනාධිපතිවරයා මෙම නිවසෙහි පදිංචියට පැමිණියේ 2015 වසරේදී වන අතර, ඔහු කොටුවේ තිබෙන නිල ජනාධිපති මන්දිරය භාවිත කිරීම ප්‍රතික්ෂේප කරන ලද අතර, එම මන්දිරය පොදු ජනතාවට පැමිණ නැරැඹීමට හැකි ස්ථානයක් බවටද පත් කළේය. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයන් සියල්ලෝමද මෙහි වාසය කළහ. ජනාධිපති පවුලේ ස්ථිර පදිංචිය සිදුවන්නේ ඒ අනුවය. ජනාධිපතිවරයා බලයේ සිටියදී මෙවැනි දේපොළකට හිමිකම් කීවද ඔහු විශ්‍රාම යන විටද එම දේපොළ නැවත ඔහුට ලබාදිය යුතු යැයි කොතැනකවත් සඳහන්ව නැතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිල නිවෙසක් හිමි වුවද මෙතරම් සුපිරි මිල අධික දේපොළක් ලබාදීම ප්‍රශ්නයක් බැව්ද ඔවුහු පවසා සිටිති.
විශ්‍රාම යෑමට නියමිත ජනාධිපතිවරයාට මෙසේ වත්මන් නිල නිවෙසම පවරා දීමට කැබිනට් මණ්ඩලය ගත් තීණය ඉතාමත් ගැටලුසහගත එකක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි. එහි විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කර සිටින්නේ ජනාධිපතිවරයා තවමත් සිය ධුරයේ රැඳී සිටිමින්ද, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින්ද, මෙවැනි තීරණයකට එළැඹීම ප්‍රශ්නකාරී කටයුත්තක් බැව්ය. 1986 ජනාධිපතිවරයාගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් මගින් මෙම තත්ත්වය අවධාරණය කර ඇති බවද, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි. 1986 එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව හිටපු (විශ්‍රාමික) ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවන්ට නිල නිවාසයකට හිමිකම් ඇත. 1986 අංක 04 දරන හිමිකම් කීමේ පනත යටතේ විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමිවන දීමනා මෙසේ ප්‍රකාශයට පත්කර ඇත.
අ – වාසය කිරීම සඳහා සුදුසු නිවෙසක් (කුලී ගෙවීමක් නොමැතිව) ප්‍රදානය නොකෙරෙන අවස්ථාවක ජනාධිපතිවරයෙක් ඔහුගේ මාසික වේතනයෙන් අඩකට සමාන ගෙවීමක් සිදුකෙරෙන දීමනාවකට හිමිකම් කියයි.
ආ – ලේකම්වරයකු සඳහා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට ගෙවන වේතනය හා සමාන දීමනාවක්.
ඇ- කැබිනට් අමාත්‍යවරයකුට ලබාදෙනවා හා සමාන රථ වාහන සහ ගමනාගමන පහසුකම් ලබාදීම.
රථ වාහන ලබාදීමේ පහසුකම මෙසේ කොටස් හතරකට බෙදා වෙන්කර පැහැදිලි කර ඇත.
1 – නිල වාහන 02ක්.
2 – ආරක්ෂක නිලධාරීන් සඳහා අතිරේක වාහන 01ක්.
3 – රියැදුරන් 03ක් (ආරක්ෂක නිලධාරීන් සඳහා වන අතිරේක වාහනයට අනුයුක්ත කෙරෙන රියැදුරාට අමතරව)
4 – මාසික ඉන්ධන දීමනාවක් (නිල වාහන දෙක ඩීසල් වාහන වේ නම් රුපියල් 20,000ක්ද, පෙට්රල් වාහන වේ නම් රුපියල් 50,000ක්ද ලබාදේ. අතිරේක වාහනයකට රුපියල් 20,000ක දීමනාවක්ද ලබාදෙයි)
2007 එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඔබ්බෙන් වෙනත් සම්පාදනයන් සිදුකළ නොහැකිය. එනම් විශ්‍රාමික ජනාධිපතිවරයකුට එය අබිබවා කටයුතු කිරීමේ හැකියාවක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුන්නේ විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමිවන දීමනා ප්‍රකාශයට පත්කිරීම සඳහාය. එවකට එම තීන්දුව ලබාදුන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට දීමනා පැකේජයක් ලබාදීමට එවකට කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සම්බන්ධයෙන්ය. එහෙත් 2007 මැයි 03දා ලබාදුන් එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වත්මන් මුදල් ඇමැතිවරයාට අමතකව තිබෙන අයුරු දක්නට හැකිය.
එසේම තවත් ගැටලුකාරී තත්ත්වයක් පැනනැඟී ඇත්තේ ජනාධිපතිවරයා විශ්‍රාම ගිය පසු විශේෂ කාර්ය බළකායෙන් (ීඔත්‍) ආරක්ෂාව ලබාදීම සඳහා ඉදිරිපත් කර තිබෙන යෝජනාව ගැනය. වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය කාලවකවානුවේ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා සහ මරණ දඬුවම නැවත පැනවීම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයකු බවට බොහෝ පාර්ශ්ව පෙන්වා දී ඇත. මේ හෙයින් ඔහු ජනාධිපති තනතුරෙන් විශ්‍රාම ගිය පසුවද විශේෂ ආරක්ෂාවක් ලැබිය යුතු අයෙක් බැව්ද විවිධ පාර්ශ්ව ප්‍රකාශ කර ඇත. එහෙත් එම ආරක්ෂාව ලබාදීමේ තීරණය හෝ තක්සේරුව කැබිනට් මණ්ඩලයට කළ හැක්කක් නොවන බව පෙන්වාදී ඇත. එම කාර්ය සිදුකිරීමට බලය තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට බවද තතු දන්නෝ පවසා සිටිති. ජනාධිපතිවරයාට එරෙහිව පවතින තර්ජන සම්බන්ධයෙන් සිදුකර ඇති ඇගැයීම් වාර්තාවක් හමුවේ පවා කැබිනට් මණ්ඩලය ඒ ගැන තීරණය කළ නොහැකි බැව් ප්‍රකාශ වෙයි. ජනාධිපතිවරයාට තිබෙන තර්ජන සම්බන්ධයෙන් ඇගැයීමක් සිදුකර, ඔහු වෙනුවෙන් සැපයිය යුතුව තිබෙන ආරක්ෂාව නිර්ණය කිරීමට වඩාත්ම සුදුසු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයය.
දැනට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. එවැනි වටපිටාවක් යටතේ ඉහත අර්බුදකාරී තත්ත්වයක් ඇතිවීම පිළිබඳවද එක් මාධ්‍ය ප්‍රකාශයක මෙසේ සඳහන් වෙයි.
“එල්ලව තිබෙන තර්ජන පිළිබඳ ඇගැයීමක් සිදු නොකර සිතෙන පරිදි ආරක්ෂාව සැපයීම සඳහා අදාළ නිලධාරීන් අනුයුක්ත කෙරෙන රටවල් අතලොස්ස අතරට ශ්‍රී ලංකාවද අයත් වෙනවා වන්නට පිළිවන. එල්ලව තිබෙන තර්ජන කුමන මට්ටමේ පවතින්නේද යන්න එනම් බරපතළ මට්ටමේද නැතහොත් එසේ නොවන මට්ටමේද යන්න පවා ශ්‍රී ලංකාවේදී අවධානයට නොගැනේ. මේ නිසාම තමන්ට ලැබෙන ආරක්ෂාව මෙරට දේශපාලනඥයන් තකන්නේ වරප්‍රසාදයක් ලෙසය. ඒ නිසාවෙන්ම ඔවුහු නගර සහ ගම් සිසාරා යමින් ජනතාවගේ එදිනෙදා වැඩකටයුතුවලට බාධා කරන අතර, සිය ආරක්ෂාව සඳහා සපයා තිබෙන නිලධාරීන් දේශපාලන කටයුතුවලටද යොදවා ගනී. උදාහරණයක් ලෙස අපගේ අසල්වැසි ඉන්දියාව පවා එරට දේශපාලනඥයන්ට ආරක්ෂාව සඳහා නිලධාරීන් අනුයුක්ත කෙරෙන්නේ ඔවුන්ට එල්ලව තිබෙන තර්ජන ස්වාධීනව ඇගැයීමකට ලක්කර සහ එම තර්ජන එක් එක් මට්ටම්හි ලැයිස්තුගත කර තිබෙන කාණ්ඩවලට ඇතුළත් කර සිදුකරනු ලබන පුළුල් අධ්‍යයනයකින් පසුවය.”
මේ අනුව බලන කල 1986 ජනාධිපතිවරයාගේ හිමිකම් පනත යටතේ විධායක බලය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අවතක්සේරු කිරීමක්දැයි නීති විශාරදයෝ ප්‍රශ්න කර සිටිති. 2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදුන්නේ එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියට දීමනා පැකේජයක් ලබාදීම සඳහා එවක සිටි කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුකූලවය. කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නව පිහිටා තිබුණු පර්චස් 80ක (අක්කර භාගයක) භූමියක් ඇය වෙත පිරිනැමීමට අදාළ පැකේජයෙන් නිර්දේශ කර තිබිණි. ඉහත ඉඩමෙහි අඩක් නිම කළ ජනාධිපති මන්දිරයක්ද විය. කෙසේ හෝ සිදුවීම අරබයා උද්ගතවූ දැඩි ආන්දෝලනය හමුවේ එම භූමිය නැවත රජයට භාරදීමට හිටපු ජනාධිපතිනියට සිදුවිය. ජනාධිපතිනියට මෙම දීමනා පැකේජය පිරිනැමීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් කඩවීමේ නඩුවක තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය 1986 අංක 4 ජනාධිපති හිමිකම් කීමේ පනත යටතේ විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමිවන දීමනා ප්‍රකාශයට පත්කර ඇත. මෙහි ඉහත එම දීමනා සඳහන් කරන ලද අතර, දැනටද බලපවත්නේ එම අධිකරණ තීන්දු තීරණය.
ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ නීතියට අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට අදාළ පහසුකම් ලබාදිය යුතු බවත්, එහෙත් එය සෑම විශ්‍රාමික ජනාධිපතිවරයකුම සමාන විය යුතු බවත්ය. මෙහිදී වත්මන් ජනාධිපතිවරයාට පිරිනමා ඇති විශ්‍රාමික පැකේජය මුළුමනින්ම ගත්කල රුපියල් කෝටි 80ක් ඉක්මවා යන එකක් බවත්, මෙම මුදල් මහජනතාවගේ බදු මුදල් බවට අමතක නොකළ යුතු බවත් ජවිපෙ ප්‍රකාශ කර සිටියි. ‘අහස්යාත්‍රා’ හා සමාන සුපිරි රථ වාහන විශ්‍රාමික ජනාධිපතිවරයකුට අනවශ්‍ය බවත්, එසේම සුපිරි අධි මිලැති මන්දිරද ඔවුන්ට අනවශ්‍ය බවත් ජනතා විමුක්ති පෙරමුණ තවදුරටත් අවධාරණය කර සිටියි. මේ අතර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඉතා දැඩිව ප්‍රකාශ කර ඇත්තේ මෙසේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදී ඇති විශ්‍රාමික පැකේජය කැබිනට් මණ්ඩලය වහාම ඉවත් කරගත යුතු බැව්ය. මෙය මැතිවරණයක් පැවැත්වෙන සමයක් හෙයින්ද, තම ආයතනය ප්‍රධාන මැතිවරණ නිරීක්ෂකයකු වශයෙන් සිටින හෙයින්ද, එවැනි කැබිනට් තීරණයක් අනුමත කළ නොහැකි බැව් එම ආයතනය ප්‍රකාශ කර සිටියි. එහෙත් දැන් හෙළිවන්නේ වත්මන් කැබනට් මණ්ඩලය ගත් තීරණය, පසුව පත්වන කැබිනට් මණ්ඩලයක් යටතේ වෙනස් කිරීමට නොහැකි බැව්ය.
මෙය ලියන විටදී තවත් අපූරු සිදුවීමක්ද මතකයට නැඟෙයි. එනම් පැරැණි ‘පැජට් පාර’ ‘මහගම සේකර මාවත’ ලෙස වෙනස් කරනු ලැබුවේද වත්මන් ජනාධිපතිවරයා වන අතර, 2016 වසරේදී එම මාර්ගය මහා ගාන්ධර්ව අමරදේවයන් විසින් විවෘත කරනු ලැබුවේය.

ප්‍රීයන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

සාගල ගැන යන කතාව ‌බොරුවක්

Next Post

මෙන්න ‌මෛත්‍රිගේ අලුත්ම ‘සප්‍රයිස්’ එක’: ඉ‌වෝන්ව මරපු ජූඩ්ට සමාව ‌දෙන්නේ ඇයි?

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.