සිව් දින නිළ සංචාරයක් සඳහා දිවයිනට පැමිණී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) මහනුවරට ගොස් දළඳ සමිඳුන් වැඳ පුදා ගැනීමට නියමිත ය.
ඉන් අනතුරුව ඔහු ත්‍රිකුණාමලයේ හා යාපනයේ ද සංචාරය කරනු ඇත.
හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා මෙම සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් හමුවීමට ද නියමිතව ඇත.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයකට අනුව ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (02) රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.