• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද තමයි ඉස්කෝලේ! (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)

October 3, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
මහින්ද තමයි ඉස්කෝලේ! (විජයසිරි ගම්ලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනප්‍රිය නිළියක වන ගීතා කුමාරසිංහ කලාවෙන් දේශපාලනයට පිවිසියේ මහින්දගේ ආරාධනාවකට අනුවය. 2005 මහින්ද පළමු වතාවට ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ශ්‍රීලනිප වේදිකාවට ගොඩවෙද්දී මහින්දගේ හයියට බෙහෙතකටවත් ජනප්‍රිය කලාකරුවකු හොයාගන්න හිටියේ නැත. මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිතව තිබුණේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. සංවිධායකයන් විසින් නමගිය කලාකරුවන් බොහෝ දෙනකුට ආරාධනා කර තිබුණත් ඒ ආරාධනා ලැබූ අය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමේ උත්සවයට සහභාගි වෙතැයි සංවිධායකයන් පවා සිතුවේ නැත.

හැබැයි උත්සවය ආරම්භ වීමට ඔන්න මෙන්න තියා තිබියදී සයල්ලන්ගේම ඇස් නළලේ රඳවමින් ගීතා කුමාරසිංහ බී.එම්.අයි.සී.එච් එක ඉදිරිපස පඩිපෙළ නැඟ ශාලාවට ඇතුලු වූවාය. මහින්ද ජනාධිපති සටන නිල වශයෙන් අරඹද්දී ඒ ඉදිරිපස අසුනක ගීතාද අසුන්ගෙන සිටියාය.

ඉන් අවුරුදු 10කට පසු, එනම් 2015 මහින්ද පරාජයට පත්වී මැදමුලන මහ ගෙදරට යද්දී අවුරුදු 10ක් මහින්ද එක්ක දිවෙන් දිව ගාගෙන සිටි මැති ඇමැතිවරුන් විශාල ප්‍රමාණයක් මහින්දගේ පතුරු යැවීම ආරම්භ කර තිබිණි. නමුත් කලාකරුවන් අතරින් ගීතා විතරක් 2005දී මහින්ද එක්ක සිටියා වගේම මහින්ද පරාජය වෙලා ගෙදර ගියාට පසුවත් මහින්දත් එක්කම සිටියාය.

වරක් මෛත්‍රී ප්‍රමුඛ යහපාලන ආණ්ඩුවෙන් මහින්ද හදපු ‘මහින්දෝදය’ විද්‍යාගාරවල නම වෙනස් කරන්න යෝජනාවක් අරගෙන ආවේය. මේ යෝජනාවට විරුද්ධව කවුරු කතා නොකළත් ගීතා වේදිකාවට නැග ප්‍රසිද්ධියේම යහපාලන ආණ්ඩුවේ මේ ක්‍රියාව දැඩිව විවේචනය කිරීමට පසුබට නොවුණාය. ශ්‍රීලනිප නායකයා මෙන්ම ජනාධිපතිවරයාද වූ මෛත්‍රිපාල, ගීතා ඩැහැගන්න, ශ්‍රීලනිපයට එකතු කරගන්න දන්න දහංගැට ඔක්කොම ගැහුවත් ගීතා, මහින්දගෙන් ගලවගන්න නොහැකි විය. අන්තිමේදී ගීතාට ගාල්ල සංවර්ධන කමිටුවේ සභාපති ධුරය දෙන්න මෛත්‍රි පොරොන්දු වුවත් ගීතා තනතුරුවලට නැවී මහින්දගෙන් වෙන් වෙන්න කටයුතු කළේ නැත.

අන්තිමේ බැරිම තැන යහපාලන ආණ්ඩුව ද්විත්ව පුරවැසිභාවය ඉදිරියට දමා ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි කළේය. යහපාලන ආණ්ඩුවත් එක්ක ගියා නම් මන්ත්‍රීකම රැකගන්න හැකියාව තිබුණද, ගීතා මහින්ද එක්ක තිබූ හිතවත්කම මන්ත්‍රීකමට ඔට්ටු තියන්නට සූදානම් වූයේ නැත. මන්ත්‍රීකම නැතිව ගෙදර ගියත් ගීතා සිටියේ මහින්ද එක්කය.

හැබැයි එහෙම කැපකිරීමක් කරගෙන කට්ටක් කාගෙන මහින්ද එක්ක සිටියත් ගීතාට අදටත් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් නැත. එහෙමයි කියා අදත් ගීතා ඉන්නේ මහින්ද එක්කය.

මේ ගැන පසුගිය දිනෙක ගීතා යූටියුබ් නාලිකාවක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අපූරු කතාවක් කියා තිබිණි.

‘මම මහින්දට ආදරෙයි. ඒක ඇවිත් ලව් ඇන්ඩ් හේට් සම්බන්ධයක් (ආදරය සහ වෛරය).’

ගීතා කියා තිබුණේ එහෙමය.

මේ විදියට මහින්ද ගැන කියන පළමු කෙනා ගීතා නොවේ. ගීතා වගේම මේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙන බොහෝ මන්ත්‍රීවරු නිහඬව සිටින්නේ මහින්දට තියෙන මේ ආදරය නිසාය. ඒ හැමෝටම මහින්ද එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමකි. බොහෝ අය මහින්දට අපි ආදරෙයි කියලා කියන්නේ ඒ ආත්මීය බැඳීම මුල් කරගෙනය.
ලංකා දේශපාලනයේ මේ විදියට ආදරය ලබන්න පුළුවන් දේශපාලනඥයන් සිටියේ තුන්දෙනෙකි. එක්කෙනෙක් ඩඩ්ලි සේනානායකය. අනෙක් කෙනා සිරිමාවෝ මැතිනියය. තුන්වැන්නා මහින්දය.

බොහෝ මන්ත්‍රීවරු සහ පාක්ෂිකයන් තමන්ගේ පක්ෂ නායකයන්ට දක්වන්නේ ගෞරවයකි. නමුත් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් මහින්දට තිබෙන්නේ ඒ සාම්ප්‍රදායික ගෞරවයට එහා ගිය ආදරයකි. ආණ්ඩුව ඇතුළේ කෙතරම් කලකිරීම් තිබුණත් මේ මැති ඇමැතිවරු මහින්දව දාලා නොයන්නේ ඒ නිසාය.

මහින්දත් මේක නොදන්නවා නොවේ. මොකද මේ ආණ්ඩුව හදාගන්න කොච්චර දුක් වින්දාද කියන එක ගැන මහින්දට අමතක නැත. එදා ජනාධිපතිවරණයෙන් පරාජය වෙලා අරලියගහ මන්දිරය අතහැර මැදමුලනට ගිය මහින්ද ඒ මහගෙදර ගේට්ටු වසාගත්තා නම් අද මෙහෙම ආණ්ඩුවක් බිහිවන්නේ නැත. නමුත් මහින්ද මැදමුලනේ ගේට්ටුවේ එල්ලිලා මම පරාද වුණේ නෑ කියලා යළි සටන පටන් ගත්තේය. රට වටේ තියෙන පන්සලක් පන්සලක් ගානේ ගිහින් සේනා සංවිධාන කළේය.

එහෙම සටන ආරම්භ කරද්දී මහින්දට ආණ්ඩුවෙන් වට කරගෙන ගැහුවේය. පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම හිරේ දැම්මේය. සහෝදරවරුන් හිරේ දැම්මේය. මහින්ද ආණ්ඩුව හැදුවේ ඒ සියලු කෙනෙහිලිකම් මැද්දේය. එහෙව් අමාරුවෙන් හදපු ආණ්ඩුවේ ඇතුළු ප්‍රශ්න මතුවෙද්දී මහින්දට ඒ ගැන ලොකු කැක්කුමක් තියෙන්නේ ඒ නිසාය.
ආණ්ඩුව ඇතුළේ විමල්ලා, වාසුලා, ගම්මන්පිලලා විවිධ ප්‍රශ්නවලට මැදිහත් වෙද්දී මහින්ද වහා ඊට මැදිහත් වෙමින් ගැටුම් සමතයකට පත්කරන්නේ ඒ කැක්කුම නිසාය.

අනෙක මහින්දට ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්නවලට මුහුණ දී හොඳට පුරුදුය. ඒවාට විසඳුම් ලබාදීත් හොඳට පුරුදුය. මොකද අද මේ දෙපැත්තේම ඉන්නා බොහෝ දෙනකු සමග මහින්ද ආණ්ඩු කොට තිබේ. 2005 ඉඳන් 2015 දක්වා කාලය අතරතුර මහින්ද යූ.ඇන්.පී.කාරයන් වෙච්ච කරු, රාජිතලා සමග එකට ආණ්ඩු කළේය. හෙළ උරුමය නියෝජනය කළ චම්පිකලා එක්ක ආණ්ඩු කළේය. මුස්ලිම් පක්ෂ නියෝජනය කරන හකීම්, රිෂාඩ්ලා එක්ක ආණ්ඩු කළේය. විමල් වීරවංශලා එක්ක ආණ්ඩු කළේය.

මේ සියලු දෙනාම එකතු කරගෙන මහින්ද ආවේ අරුම පුදුම දේශපාලන ගමනකි. ඒ කාලයේදී මහින්ද පක්ෂයේ නායකයා වුණාට පක්ෂයේ බලය තිබ්බේ පක්ෂ මහ ලේකම්වරයා වූ මෛත්‍රිපාල අතේය. දත් තිස්දෙක අතර තියෙන දිව වගේ මහින්ද මේ දෙපැන්තම බැලන්ස් එකේ තියාගෙන රට ආණ්ඩු කිරීමට සමත් විය.
ඒ නිසා අදටත් ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්න බැලන්ස් කරන්නට මහින්ද අත්‍යාවශ්‍යය. මහින්ද ඒ බැලන්ස් එක අතහැරපු දවසට ආණ්ඩුව අන්බැලන්ස් වන බව සියල්ලන්ම වටහා ගත යුතුය. මොකද ආණ්ඩුව කියන්නේ ඉස්කෝලයක් නම් මහින්ද එහි ප්‍රින්සිපල්ය.

විජයසිරි ගම්ලත්

SendShareShare
Previous Post

මුස්ලිම් රටක් අන්තිමේදී ආණ්ඩුවට ණයට තෙල් ගන්න උදව්වට එයි!

Next Post

අද දළඳ සමිඳුන් වැඳ ඉන්දීය විදේශ ලේකම් වැඩ පටන් ගනී!

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.