රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ආනයනය තහනම් කිරීමට රජය ගත් තීරණය තේ කර්මාන්තය කෙරෙහි සෘණාත්මක බලපෑමක් ඇති කර තිබෙන බව ශ‍්‍රී ලංකා තේ වෙළෙන්දන්ගේ සංගමය පවසයි.
සතිපතා තේ වෙන්දේසිය සදහා ඉදිරිපත් කරන තේ ප‍්‍රමාණයේ පැහැදිලි අඩුවක් මේ වන විට දක්නට ඇති බව ඔවුන් පවසයි.
තේ අස්වැන්නේ ප‍්‍රමාණය පමණක් නොවේ, නිෂ්පාදනය වන තේවල ගුණාත්මක භාවයද මේ වන විට පහත වැටෙමින් තිබෙන බව පැහැදිලිවම දක්නට ලැබෙන්නේ යැයි ඔවුහු පවසති.
ගුණාත්මක භාවය පහත වැටීම, තේ සදහා අපට තිබෙන වෙළදපොළ පංගුවට දැඩි ලෙස බලපෑම් ඇති කරනු ඇති බව ශ‍්‍රී ලංකා තේ වෙළෙන්දන්ගේ සංගමයේ සභාපති, ජයන්ත කරුණාරත්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ, තේ කර්මාන්තකරුවන්ගේ සංගමයේ 127 වන වාර්ෂික සමුළුව අමතමිනි.










