• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැය ගාණක් රහස් පොලිසියේ හිටපු මනූෂ එළියට ඇවිල්ලත් හොරු ගැන හොරුන්ගේ සබධතා ගැන බය නැතිව කියයි! (VIDEO)

September 30, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
මන්ත්‍රී දඩයම පටන් ගත්තා! වීරසේකර ගැන කළ හෙළිදරව්වෙන් පසු පොලිසිය මනූෂ පස්සේ පන්නයි!  (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මකා දැමීම පිටුපස සිටින මහ මොළකරුවන් කවුරුන්ද යන්න සොයා බලන ලෙසත්, මෙම දත්ත පද්ධතිය මකා දැමීමෙන් වාසියක් අත්කරගනු ලැබුවේ කවුරුන්ද යන්නත් සොයා බලන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකි යාම පිළිබද තමයි අද මගෙන් ප‍්‍රශ්ණ කරනු ලැබුවේ. මේ දත්ත පද්ධතිය මැකී යාම ගැන ටෙලිකොම් ආයතනය විසින් පැමිණිල්ලක් කර තිබෙනවා. අපේ යුතුකම හා වගකීම වෙන්නේ, අපිට අවශ්‍ය වෙන්නේ ඉතාමත් සංවේදී දත්ත පද්ධතියක් වන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකුවේ කවුද? මැකුනේ කොහොමද කියන එක හෙළිදරව් කරගැනීම.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් අපි ඒ ගැන  කතා කරනවා. මේ දත්ත පද්ධතිය මැකී යාම සම්බන්ධයෙන් දැනට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයා දත්ත පද්ධතිය ? එළි වෙනකම් මකලා තියෙන්නේ ගෙදර ඉදගෙන. එතතෙකාට මේවා කරන්න අනුබල දුන්නේ කවුද? අපි ඒ ගැන තමයි දිගටම ප‍්‍රශ්ණ කරනු ලැබුවේ.

මේ පිළිබද ටෙලිකොම් ආයතනයේ නිලධාරියෙක් පැමිණිලි කරල  තිබෙනවා. ඒ ගැන අහපු ප‍්‍රශ්ණවලට අපි උත්තර ලබාදුන්නා. මේ පරීක්ෂණවලට සම්බන්ධව අත්අඩංගුවට ගත්ත පුද්ගලයා ඉල්ලා අස්වුනානම්, ඉල්ලා අස්වුනාට පස්සේ යන්නේ කොහේද කියලා හොයලා බලන්න කියලා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා. මේක හා යම් ඖෂධ මාෆියාවක් අතර සම්න්ධයක් තියෙනවාද කියලා සොයා බලන්න කියලා අපි ඉල්ලා සිටියා.

ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා හා ඖෂධ ගෙන්වන ව්‍යාපාරිකයන් අතර තියෙන සමන්ධතාවය, විශේෂයෙන්ම ඇන්ටිජන් ගෙන්වන ව්‍යාපාරිකයෙන්ගේ පවුලේ සම්බන්ධතාවයක්, ලබැදියාවක් තියෙනවාද කියලා සොයන්න කියලා අපි ඉල්ලා සිටියා.

ටෙලිකොම් ආයතනය කියන දේවල් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත යොමු කර ඉදිරියේදී යම් යම් ක‍්‍රියාමාර්ග ගන්න පුලුවන්. අපේ වගකීම හා යුුතුකම වෙන්නේ හොරු අල්ලන එක. මේ මාෆියාව හෙලිදරව් කරන එක. මේ ලබැදියාවන් අතර සම්න්ධතාවයන් හරහා මේ රටේ සම්පත් කොල්ලකන එක, ඇන්ටිජන් එකෙන්, පී.සී.ආර්. එකෙන් හොරකම් කරන අය හෙළිදරව් කරන එක හෙළිදරව් කරන එක අපේ යුතුකම. වගකීම. ඒ වගකීම වෙනුවෙන් තොරතුරු හෙළිදරව් කිරීම සදහා, ජනතාවගේ අවශ්‍යතාවයන් ඉදිරිපත් කරනවා.

මේ සදහා වන තොරතුරු හෙළිදරව් කරගැනීම සදහා, මේ හොරු හැංගෙන්න නොදී හොරු නිරාවරණය කරගැනීමට තමයි අපි උත්සාහ ගන්නේ. මේ හොරු ගැන නිරාවරණය කරනවිට අපි සී.අයි.ඩී. එකට අරගෙන යනවා. සුදුළූණු වංචාව ගැන මාධ්‍යවේදීන් හෙළිදරව් කරන විට මාධ්‍යවේදීන් දඩයම් කරනවා. ඇත්ත කියන අය තමයි සී.අයි.ඩී. එකට අරගෙන යන්නේ.

හොරකම් කරන අයට, ජනතාවගේ සම්පත් මංකොල්ල කන අයට රජයේ සහාය හිමිවෙනවා. ඒක තමයි අද වෙලා තියෙන්නේ. රජයක් විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඇතුළු රජයේ ආයතන භාවිතා කරලා මර්දනය කරන්න හදන්නේ. ඇත්ත හෙළිදරව් වීම වැලැක්වීමට, මේ අය උත්සාහ කරනවා. මේ මර්දනය කරලා කට වහන්න හදන්නේ

පාර්ලිමේන්තුවේදී කතා කළාම ඒකට විරුද්ධව නීතිමය පියවර ගන්න බැරි නිසා, එළියේදී වචනයක් හරි කතා කළාම, ඒකට විරුද්ධව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා. අද මාධ්‍යවේදීන්ගේ, මන්ත‍්‍රීවරුන්ගේ කට වැහීම තමයි මේ අයගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය යාන්ත‍්‍රණය යොදා ගන්නවා. රාජ්‍ය යාන්ත‍්‍රණය දේශපාලනීකරණය කරලා තියෙනවා.

රාජ්‍ය ආයතනය, විපක්ෂයේ මන්ත‍්‍රීවරු දඩයම් කිරීම වෙනුවෙන් යොදා ගැනීම නතර කරන්න කියලා අපි අවධාරණය කරනවා.

මේ වෙලාවේ කොවිඩ් තත්වයත් එක්ක පී.සී.ආර්. කට්ටල සුලබව අවශ්‍ය වෙනවා. මේ ටෙන්ටර යන්නේ බිලියන ගණංවලින්. මේවා ගෙන්වීමේ ඒකාධිකාරයක් ගොඩ නගාගත්තොත් අධික ලාභයක් ලබාගැනීමට හැකියාව තියෙනවා. අනිසි ලාභයක් ලබා ගැනීමට නම් ඖෂධ ගෙන්වීමේ ක‍්‍රියාවලියට වැඩි දෙනෙක් සම්න්ධවීමේ අවස්ථාව වලක්වා ගැනීමට සිදුවෙනවා. ඒ නිසා ඉතාමත්ම සංවිධානාත්මකව මේවා සිදුවෙලා තියෙනවා කියලා පරීක්ෂණවලදී අනාවරණය වෙලා තියෙනවා.

මේ දත්ත පද්ධතිය මකා දැමීමට අවශ්‍ය වූයේ කාටද? මේ දත්ත පද්ධතිය පිටුපස සිටින මහ මොළකරු කවුරුන්ද? මේ දත්ත මැකීමෙන් වාසියක් අත්වන්නේ කාටද? දත්ත මැකීම හරහා සිදුවන වාසිය ලබාගත් අය කවුරුන්ද කියලා සොයා බලන්න කියලා අපි දිගටම ඉල්ලා සිටිනවා.  

https://www.youtube.com/watch?v=PzdZol-5mgA

SendShareShare
Previous Post

ආරක්ෂක එක්සයිස් එකක් වැරදියට වටහාගෙන! පල්ලිවලට ගැහීම ගැන පොලිස් ඇමැති කතා කරයි! (VIDEO)

Next Post

හෙට රට ඇරියාම මේවා පුලුවන්! මේවා නම් කරන්නම බෑ!

MORE NEWS

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

Load More
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

රෝහණ විජේවීරගේ පවුලට රාජ්‍ය දරන වියදම මෙන්න.. - ලැජ්ජාවක් තියනවා නම් මේ වියදම ජවිපෙන් දරන්න...! සජබ පා.ම. ප්‍රසාද් සිරිවර්ධන Sri...

Read more
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.