ඔක්තෝබර් මස මුල් සතියේදී ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ලංකාවට පැමිණීමට නියමිත බව හින්දු පුවත්පත අනාවරණය කොට ඇත.
නිව්යෝර්ක්හි පැවති එක්සත් ජාතීන්ගේ සමුළු සැසිවාරයේදී ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් සහ ශ්‍රී ලංකා විදේශඇමැති ජීඑල් පීරිස් යන මහත්වරුන් හමුවීමෙන් දින 10 කට පසුව මෙම සංචාරය සිදුවීම විශේෂ සිදුවීමකි.
නවදිල්ලියේ සහ කොළඹ නිල ආරංචි මාර්ග සඳහන් කළේ ඔක්තෝබර් 2 සහ 5 අතර කාලය තුළ ෂ්‍රිංග්ලා මහතා ලංකාවට පැමිණීමට නියමිත බවත්, ප්‍රධාන ද්විපාර්ශ්වික ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව සමග සාකච්ජා පැවැත්වීමට නියමිත බවත්ය.









