• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොතුවිල් රෝහලට හුස්ම දෙන ගමන් සජිත් ඇවිදින මංතීරුවලට පහර දෙයි! (PHOTO & VIDEO)

September 26, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
පොතුවිල් රෝහලට හුස්ම දෙන ගමන් සජිත් ඇවිදින මංතීරුවලට පහර දෙයි! (PHOTO & VIDEO)
Share on WhatsAppShare on Facebook

මේ වෙලාවේ රටට අවශ්‍ය, මිනිස්සුන්ට ජීවත්වීමේ මංතීරුව හදන එකක් මිස ,ඇවිදින මංතීරු හදන එක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වෙලාවේ රටට අවශ්‍ය,දරුවන්ගේ අධ්‍යාපනය නංවන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,මේ වෙලාවේ රටට අවශ්‍ය,ගොවි ජනතාවට තමන්ගේ කෘෂිකර්මාන්තය ගොඩනඟන මන්තීරුව හදන එක මිස,ඇවිදින මංතීරු හදන එක නොවන බවත්,එපමණක් නොව

මේ වෙලාවේ අවශ්‍ය ජීවත්වීමේ මාර්ග අහිමි වෙච්ච මිනිස්සුන්ට ජීවත්වීමේ මන්තීරුව හදන එක මිස ,ඇවිදින මන්තීරුව හදන එක නොවන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රෝහල්වලට  අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ විපක්ෂයෙන් හුස්මක් 28 වන අදියරට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. කොරෝනා ව්‍යසනයට අමතරව

රට ඉදිරියේ මහා සාගතයක සහ, දැවැන්ත ආර්ථික බංකොලොත් බවක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බවද ඒ මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 28වන පියවර ලෙස අද (26) රුපියල් තිස්ලක්ෂ විසිපන් දහසක් (රු. 3,025,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පොතුවිල් මූලික රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් දොලොස් ලක්ෂ විසිපන් දහසක් (රු. 1,225,000) වටිනා High Flow Oxygen Unit යන්ත්‍රයක්, රුපියල් ලක්ෂ හයක් (රු. 600,000) වටිනා 5 Function ICU Bed යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,200,000) ව්ටිනා Defibrillator යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබුවේ පොතුවිල් මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  මොහොමඩ් රිෆාස් මහතා වෙතය. අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක හසන් අලි, එහි සම සංවිධායක ගයාන් දර්ශන, ලාහුගල ප්‍රාදේශීය සභා මන්ත්‍රී පාඨලී රෝහණ ජයන්ත, ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ආර්.චන්ද්‍රසේන ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 27ක් තුල ලක්ෂ 806ක (රුපියල් 80,609,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.

SendShareShare
Previous Post

ඇමැතිලා සැප ගන්න ආණ්ඩුවේ සල්ලි වියදම් කරන හැටි නාමල් රටට මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

Next Post

ඇවිදින මංතීරු හදන්නේ ජනතාවට කායික-මානසික සුවයකට! පරාක්‍රම සමුද්‍රයේ එක ප්‍රශ්නයක් නම් UDA එක තීන්දුවක් ගනී…! (VIDEO)

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.