පරාක්‍රම සමුද්‍රයේ රළපනාවේ ඉදිකිරීමට යෝජිත ඇවිදින මංතීරුව ජනතාවට ප්‍රශ්නයක් නම් ඒ පිළිබද නාගරික සංවර්ධන අධිකාරිය තීන්දුවක් ගනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මංතීරු ඉදි කළා කියා ජනතාව ජන්දය දෙන්නේ නැති බවත්, මංතීරු ඉදිකරන්නේ ජනතාවගේ මානසික සහ කායික සුවතාව උදෙසා බවත්ය.
කොළඹ මංතීරු ඉදිකළ පමණින් කොළඹ ජනතාව ආණ්ඩුවට ජන්දය නොදුන් බවද ඒ මහතා කීය.










