• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා තැල්ලයි බෙල්ලයි දෙකම බේරගත්තද? (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

September 26, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළි ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්! ජනපති ජගත් සමුලුව අමතයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘ගෝඨා මොනවද අර ඇමෙරිකාවේ ගිහින් කිව්වේ. දෙමළ සිරකරුවන් නිදහස් කරනවා කිව්වා. නඩු දාලා නැති අයට නඩු පවරලා ඉදිරි වැඩ කරනවා කිව්වා. නඩු අවසන් කරලා හිරේ ඉන්න අයට ජනාධිපති සමාවක් දීලා නිදහස් කරනවා කිව්වා. අතුරුදන් වූවන්ගෙ මරණ සහතික ඉක්මනින් නිකුත් කරනවා කිව්වා. මොකක්ද මේ ගෝඨාට වෙලා තියෙන්නෙ. මේ විදියට යූටර්න් එකක් ගැහුවෙ කොහොමද….?’

මේ ඇමෙරිකාවේ ගිහින් ගෝඨා අන්තෝනියෝ ගුටරේස් හම්බවෙලා කරපු කතාව ගැන පත්තර කන්තෝරුවක තරුණ මාධ්‍යවේදියෙක් කරපු කතාවය. ඒ කතාවට හූමිටි දෙමින් අනෙක් තරුණ මාධ්‍යවේදියාද කීවේ ගෝඨා කරපු තවත් කතාවක් ගැනය.

‘ඇයි ඇහුනෙ නැද්ද ඇමෙරිකාවට ගිහිල්ලා දෙමළ ඩයස්පෝරාව එක්ක මම කතා කරන්න සූදානම් කියලා කියපු කතාව. මෙච්චර කල් ඩයස්පෝරාවත් එක්ක ගහගෙන දැන් සාකච්ඡා කරන්න කතා කරනවා. මෙච්චර ඉක්මනට කොහොමද ගෝඨා වෙනස් වුණේ…?’

අනෙක් තරුණ මාධ්‍යවේදියාද කීවේ එහෙම කතාවකි.

මේ තරුණ මාධ්‍යවේදීන් දෙදෙනාගේ කතාව පත්තර කන්තෝරුවේ රාජකාරියට පැමිණ තමන්ගේ පුටුවේ වාඩිවූ තරමක තලතුනා වයසේ ඉන්න උප කර්තෘවරයකුටද ඇසිණි. මේ උපකර්තෘවරයා රටේ සිද්ධ වෙන දේවල් ගැන හොඳ අවබෝධයක් ඇති අයෙකි. මේ නිසාම තරුණ මාධ්‍යවේදීන් දෙදෙනාගේ කතාවට මැදිහත් වෙමින් මේ උපකර්තෘවරයා කියා සිටියේ, ‘ඉතින් උඹලා කියන්නේ හැමදාම මේ විදියට ජාත්‍යන්තරයත් එක්ක ගහගෙන ඉස්සරහට යන්න කියලද? අපි වගේ රටකට පුළුවන්ද මේ තියෙන ප්‍රශ්න කන්දරාවත් එක්ක පිටරටත් එක්ක හැප්පිලා ඉස්සරහට යන්න. තියෙන ප්‍රශ්න විසඳගන්න කොතැනින් හරි විසඳගන්න ක්‍රමයක් පාදාගන්න එක නරකද…?’ යැයි කියාය.

මේ උපකර්තෘවරයා කියපු කතාව 100%ක් ඇත්තය. දැන් අපේ රට තිබෙන්නේ හැම පැත්තෙන්ම පත්තු වෙන පෙරහැරේ කරකවන ගිනි බෝලයක් වාගේය. කොයි පැත්තෙන් බැලුවත් ප්‍රශ්නය. එකක් ආර්ථික ප්‍රශ්නයය. රටේ බෙහෙතකටවත් ඩොලර් එකක් හොයාගන්න නැත. අනෙක ණය කන්දරාවය. එහෙන් කොරෝනා වසංගතයය. මෙහෙන් දේශපාලන ප්‍රශ්නය. අරහෙන් ජාත්‍යන්තර ප්‍රශ්නය. තව ඉදිරියට මොන මොන ප්‍රශ්න ඒදැයි දැන්ම තියා කියන්නට බැරිය.

ඉතින් මේ ප්‍රශ්න විසඳන්න කොතැනින් හෝ පටන් ගැනීමක් කරන්න ඕනෑය. වංශය කබල් ගගා හිටියා කියා රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැත. එහෙම වංශේ කබල් ගගා හිටපු වලව්කාර පැලැන්තිය මේ වෙද්දී විඳවෙමින් යන්නේ එහෙම වෙනස් නොවී දිගටම වංශෙ කබල් ගගා ඉන්න ගිය නිසාය.

ගෝඨා මේ පාර අත තිබ්බේ එතැනටය. මොකද යුද්ධෙ දිනපු දවසේ ඉඳන් මේ රටට ජාත්‍යන්තරය හැමදාම ගහන්න ගත්තේ මානව හිමිකම් කඩ කළ බව කියමින්ය. දෙමළ ඩයස්පෝරාව හැමදාම රටෙන් පිට සිටිමින් ලංකාවේ ප්‍රතිරූපය විනාශ කරන්න කළ හැකි හැම දෙයක්ම කළේය.

හැබැයි එහෙම හැමදාම ගහගෙන රටකට ඉස්සරහට යන්න බැරිය. මේ ප්‍රශ්න විසඳගන්න කොතැනින් හෝ පටන් ගන්න ඕනෑය.

‘මම ලෑස්තියි දෙමළ ඩයස්පෝරාව එක්ක කතා කරන්න…’

‘දෙමළ සිරකරුවො නිදහස් කරන්න මම සූදානම්…’

ගෝඨා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් හමුවේ බය නැතිව එහෙම කීවේ මේ ප්‍රශ්න විසඳා රට ඉදිරියට අරන් යන්න ඕනෑ නිසාය
ඒකට මුලින්ම ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග යහපත් සබඳතාවක් ගොඩනගාගත යුතුය. ඒකට ගෝඨා ඇමෙරිකා යෑමටත් ප්‍රථම හොඳ සිග්නල් එකක් දුන්නේ මහින්ද සමරසිංහ වැනි ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ පළපුරුදු ප්‍රවීණයකු ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරමින්ය.

අනෙක් පැත්තෙන් දැන් රට තියෙන්නේ එන්නත්කරණයේ අවසන් අදියරේය. දැනටමත් 50%කට ආසන්න පිරිසකට එන්නත් දෙකම ලබාදී අවසානය. සෞඛ්‍ය අංශද ප්‍රකාශ කරන්නේ ලංකාව මේ වන විට කොරෝනා රැල්ලේ අවසන් අදියරට පැමිණ ඇතැයි කියාය. කොරෝනා මරණ මෙන්ම ආසාදිතයන් සංඛ්‍යාවද මේ දිනවල ඉතා පහළ මට්ටමකට පැමිණ ඇත. ඉතින් ලබන ඔක්තෝබර් පළමු දිනට පසු රට යළි විවෘත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.

එසේ විවෘත කළ විට මේ රට සියලු වැඩකටයුතු ආරම්භ කළ යුත්තේ අලුත් ආකාරයකටය. පරණ ප්‍රශ්නත් එක්ක හැප්පි හැප්පී ගමන් කරන්නට ගියහොත් මේ රටට අනාගතයක් නැත. මේ රට දියුණු කරන්නට නම් විදෙස් අයෝජන රටට අවශ්‍යය. ඩොලර් මේ රටට එන්නට වුවමනාය. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ සහාය අවශ්‍යය. පිටරට සිටින දෙමළ ඩයස්පෝරාවේ සහාය අවශ්‍යය. ඉතින් ගෝඨා අත තිබ්බේ එතැනටය.

මේ විදියට සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කළත් ගෝඨා යුද්ධය දිනපු දා සිට පැවැති රාජපක්ෂ රජයන් දැරූ ස්ථාවරයන් වෙනස් කරන්න ගියේ නැත. ඒකත් පැහැදිලිව ගෝඨා මහා මණ්ඩලය අමතා කළ සිය කතාවේදී ලෝකයටම ඇහෙන්න කීවේය.

‘දේශීය යාන්ත්‍රණයක් මගින් මානව හිමිකම් ප්‍රශ්න විසඳීමට අප සූදානම්…’

ගෝඨා කියා සිටියේ එහෙමය. ඒක යුද්ධය දිනපු දා සිට මහින්දත් දැරූ ස්ථාවරයය. මහින්දත් එදා සිටම ලෝකයට කිව්වේ මානව හිමිකම් ප්‍රශ්න විසඳගන්න ජාත්‍යන්තර අධිකරණ මේ රටට අවශ්‍ය නැතැයි කියාය. ඒ සඳහා ප්‍රමාණවත් අධිකරණ පද්ධතියක් මේ රටේ ඇති බව මහින්ද කියා සිටියේය.

හැබැයි ඒ ස්ථාවරය පැවැති යහපාලන ආණ්ඩුවෙන් වෙනස් කළේය. ජාත්‍යන්තර අධිකරණයට මේ රටට පැමිණිය හැකි ලෙසට පාර කපමින් යහපාලන ආණ්ඩුව හයිබි්‍රඩ් අධිකරණ පිහිටුවීම සඳහා ජාත්‍යන්තරයට පොරොන්දු විය. තවදුරටත් යහපාලන ආණ්ඩුව තිබුණේ නම් ජාත්‍යන්තරය මේ රටට ඇතුළු වී අධිකරණ පිහිටුවා නඩු අසා රණවිරුවන් හිරේ දමනවාය.

ගෝඨා ආ ගමන් කළේ ඒ වෑයමට තිත තැබීමය. ලංකාව සම අනුග්‍රාහකත්වය ලබාදෙමින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර තිබූ රටට වින කරන යෝජනාව ගෝඨා පළමු වටයේදීම ඉවත් කරගත්තේ ඒ නිසාය. ඒ අනුව ගෝඨා යන්නේත් මහින්ද ගිය අඩි පාරේම බව අමුතුවෙන් කිව යුතු නැත.

ඒ අතින් බලන විට ගෝඨා සිය ඇමෙරිකානු සංචාරය හරහා එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් බිම දමාගෙන ඇති ආකාරයක් දැකගන්නට තිබේ. සාකච්ඡා සඳහා ඩයස්පෝරාවට ආරාධනා කරන අතරවාරයේම ගෝඨා දේශීය යාන්ත්‍රණයක් හරහා ප්‍රශ්න විසඳන බව ප්‍රකාශ කිරීම තුළින් රටේ ස්ථාවරයද ආරක්ෂා කරගැනීමට කටයුතු කොට තිබේ. ඒ අනුව සිය පළමු ඇමෙරිකානු ගමනින්ම ගෝඨා තැල්ලයි – බෙල්ලයි දෙකම බේරාගෙන ඇති බව පැහැදිලිය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

පරෙස්සම් වෙන්න! ISIS එකෙන් වට්ස්ඇප් ගෲප් එකක් හදලා! JOIN වුණොත් ගැලවිල්ලක් නෑ! බුද්ධි අංශෙන් ගහපු නිවේදනය මෙන්න!

Next Post

ISIS මැසේජ් එක ගැන පොලිසියෙන් ප්‍රකාශයක්!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.