වත්මන් ආණ්ඩුව බලයට ගෙනාවේ පිටරටට විකිණූ රටේ සම්පත් නැවත් මිලදී ගැනීමට වුවත් වත්මන් ආණ්ඩුවද රටේ සම්පත් විකුණමින් සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ හේතුවෙන් නැවතත් ජාතික සම්පත් සුරැකීමේ සංවිධානය ශක්තිමත්ව ගොඩනැගීමට කටයුතු කරන බවකි.










