ආණ්ඩුව වතාවක් නොව දෙවතාවක්ම කාබනික පොහොර ගැසට් එක අපසු හරවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ 2238/45 දරන අලුත් ගැසට්ටුව හරහා TSMOP රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවය.
මෙය කාබනික පොහොර නොවන බවත්, රටම රැවටීමට මේ හරහා ආණ්ඩුව කටයුතු කොට ඇති බවත් ඒ මහතා කීය.