• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රත්වත්ත වලව්වේ නාස්තිකාර පුත්‍රයා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 18, 2021
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
රත්වත්ත වලව්වේ නාස්තිකාර පුත්‍රයා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘මම මගේ අම්මටයි, අක්කටයි කියනවා මගේ කකුල් තුනේ මාමාගෙන් පරෙස්සම් වෙන්න කියල. කවද හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි ආණ්ඩුවයි විනාශ කරන්නේ මගේ කකුල් තුනේ මාමා…’

මේ බණ්ඩාරනායකවරුන්ගේ ඔටුන්න හිමි කුමාරයා අනුර බණ්ඩාරනායක යූ.ඇන්.පී. වේදිකාවේ සිට කී කතාවය. ඔහු කකුල් තුනේ මාමා යැයි කීවේ වෙන කාටවත් නොව කර්නල් අනුරුද්ධ රත්වත්තටය. එතකොට කර්නල් අනුරුද්ධ රත්වත්ත චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති විය. 1993 අනුරගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන ගේම ගැහුවේ එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක වූ කර්නල් අනුරුද්ධ රත්වත්තේය. අනුරගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කරන ලිපියට අස්සන් තැබීම පක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කළ අතර අවසානයේ ඇය එම ලියුමට අස්සන් කරන්න එකඟ වූයේ ඇගේ ඥාතී සහෝදරයෙක් වූ අනුරුද්ධ රත්වත්තගේ බලකිරීමටය. මැතිනිය සිය පුතා අනුර සහ දුව චන්ද්‍රිකා යන දෙදෙනාම පක්‍ෂය කඩාගෙන යෑම නිසා විශ්වාසය තබා හිටියේ ඥාතී සහෝදර අනුරුද්ධ රත්වත්ත කෙරෙහිය. අනුරට, රත්වත්ත සමග මේ තරහ තිබුණි. තමන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමෙන් පසු අනුර යූ.ඇන්.පී.යට එක්විය. ඔහු යූ.ඇන්.පී.යට ගොස් ඇමැති ධුරයක් ගත්තට පසු චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යළි බලයට ගෙන එනු ලැබීය. අනුර යූ.ඇන්.පී.යත් සමග විපක්‍ෂයට ගියේය. විපක්‍ෂයට ගිය අනුර තදින්ම පහර ගැහුවේ ඔහුට මාමා වූ අනුරුද්ධ රත්වත්තටය. රත්වත්ත පෙරළා අනුරට ගැහුවේ අනුර, බණ්ඩාරනායකගේ පුතෙක් නොවේ යැයි කියමිනි. රත්වත්තගේ ඒ කතාවට එවකට අගමැතිනි සිරිමාවෝගේත් හිත රිදුණි. අනුර රත්වත්තට කකුල් තුනේ මාමා යැයි ගහන්න පටන් ගත්තේ ඉන් පසුවය. ප්‍රේමදාස ආණ්ඩු කාලයේ විපක්‍ෂයේ සිටියදී අනුරුද්ධ රත්වත්ත රිය අනතුරකට මුහුණ දුන් අතර ඔහුගේ කකුලක් කැඩුණි. එතැන් සිට ඔහු ගමන් කළේ සැරයටියක ආධාරයෙනි. අනුර ඔහුට කකුල් තුනේ මාමා යැයි කීවේ සැරයටිය උපහාසයට ලක්කරමිනි.

අනුරුද්ධ රත්වත්තලා කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් නොවීය. ඔවුන් තදබල යූ.ඇන්.පී.කාරයන් විය. ඔහුගේ පියා හැරිස් රත්වත්ත 1947 පාර්ලිමේන්තු ආවේ යූ.ඇන්.පී.යෙන්ය. 1951 බණ්ඩාරනායක යූ.ඇන්.පී.යෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කරන විට තම බිරිය වූ බණ්ඩාරනායක මැතිනියගේ ඥාතී සහෝදර හැරිස් රත්වත්තට යූ.ඇන්.පී.ය අතහැර තමා සමග එක්වන ලෙස කීවත් හැරිස් රත්වත්තේ බණ්ඩාරනායකට හිනා විය. ඔහු යූ.ඇන්.පී.ය හැර ආවේ නැත. ඔහුගේ පුත් අනුරුද්ධ රත්වත්තේත් 1966 මහනුවර නගර සභාවට තරග කළේත් යූ.ඇන්.පී.යෙනි. බණ්ඩාරනායක ඝාතනය වීමෙන් පසු ඔහු තම ඥාතී සහෝදරියක වන බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය. 1970 මැතිනිය අගමැති වූ විට ඔහු ඇයගේ ආරක්‍ෂාව බාරව සිටියේය. 1977 පරාජයට පසු අනුරත්, චන්ද්‍රිකාත් පක්‍ෂය කඩාගෙන යද්දී මැතිනියගේ හයියට සිටියේ අනුරුද්ධ රත්වත්තේය. ඇය ඔහුව පක්‍ෂයේ ජාතික සංවිධායක කළේ ඒ නිසාය. ඒත් 1994 ජනාධිපති අපේක්‍ෂක විය යුත්තේ චන්ද්‍රිකාද, මැතිනියද යන ප්‍රශ්නය මතු වූ විට අනුරුද්ධ රත්වත්තේ සහාය දුන්නේ චන්ද්‍රිකාටය. ඔහු ඒ සඳහා මැතිනියට බලපෑම් කොට අනුරවද පන්නා ගත්තේය. 1994 මහ මැතිවරණය ජයගත් විගස චන්ද්‍රිකාගේ නොම්මර දෙක වූයේ අනුරුද්ධ රත්වත්තේය. ඇය ඔහුව නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරයට පත්කරනු ලැබීය.

අනුරුද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති වී සපුමල් කුමාරයාට ඇන්දේය. ඔහු යාපනය මුදා ගැනීමේ මෙහෙයුමේ වීරයා ලෙස අභිෂේක කරනු ලැබීය. 1997දී පමණ ඔහු යුද වීරයා ලෙස ජනප්‍රිය වෙද්දී ඔහුගේ පුත් ලොහාන් රත්වත්තේ කරළියට ආවේ කොල්ලුපිටියේ කාල්ටන් ක්ලබ්හී පැපුවාගිනියාහී අතිශය ජනප්‍රිය රගර් ක්‍රීඩකයකු වූ ජොයෙල් පෙරේරා ඝාතනය වීමත් සමගය. ජොයෙල් පෙරේරා ඝාතනය සිදුවන තැන ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ ආරක්‍ෂකයින් සිටි බවත්, ජොයෙල් ඝාතනය කළේ ලොහාන් යැයි ලොහාන්ට චෝදනා එල්ල විය. ජොයෙල් ඝාතනයට ලොහාන් සම්බන්ධ බවත්, එය යටගහන්න ඔහුගේ පියා අනුරුද්ධ රත්වත්ත නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති ධුරය පාවිච්චි කරන බවත් එවකට විපක්‍ෂය වූ යූ.ඇන්.පී.ය චෝදනා කළේය. අනුරුද්ධ රත්වත්තේ කීවේ ඝාතනයට තම පුතා වගකිව යුතු නම් තමා එම පරීක්‍ෂණවලට මැදිහත් නොවන බවය. කෙසේ හෝ ලොහාන් රත්වත්තේ ජොයෙල් පෙරේරා ඝාතන චෝදනාවෙන් බේරුනත් විපක්‍ෂය දිගින්දිගටම කීවේ ආණ්ඩුව වෙනත් අයෙක්ව ඝාතකයා ලෙස ඉදිරිපත් කොට ලොහාන්ව බේරා ගත් බවය. ලොහාන් ඝාතනයට වගකිව යුතු බව විපක්‍ෂය එළිපිටම කීවේය.

ඒ සමගම අනුරුද්ධ රත්වත්තගේ යුද වීරයා ප්‍රතිරූපය කඩාගෙන වැටුණි. ඔහු නැඟෙනහිර පළාතෙන් යාපනයට යන්න දියත් කළ ‘ජය සිකුරුයි’ මෙහෙයුම අසාර්ථක විය. එල්.ටී.ටී.ඊ.ය හමුදා කඳවුරුවලට පහර දෙන්න පටන් ගත්තේය. යුද්ධය සම්බන්ධයෙන් චන්ද්‍රිකා සහ අනුරුද්ධ අතර මතභේද ආවත් අනුරුද්ධ ආරක්‍ෂක අමාත්‍යාංශය තම හිතුමතයට මෙහෙයවීය. මෙහි ප්‍රතිඵලය එල්.ටී.ටී.ඊ.ය කටුනායක ගුවන් තොටුපොළට ගසා යාපනය දොරකඩටම ඇවිත් ලංකාවේ ආර්ථිකයට හතර වටෙන්ම පහර ගැසීමය. 2000 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකා පොදු පෙරමුණු ආණ්ඩුව පිහිටෙව්වේ මුස්ලිම් කොංග්‍රස් සහායෙනි. අනුරුද්ධ රත්වත්තේත් මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් යන දෙදෙනාම නුවර නියෝජනය කළ මන්ත්‍රිවරු විය. දෙදෙනා අතර ගැටුම් තිබුණි. 2001දී හකීම්ව ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට චන්ද්‍රිකා ගත් තීරණයට අනුරුද්ධ රත්වත්තේත් ලොකු බලපෑමක් කළේය. එයින් චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටුණි. යුද්ධයේ විනාශය නිසා 2001 මහ මැතිවරණයෙන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව පරාජයට පත්විය.

මෙම 2001 මහ මැතිවරණයේදී මහනුවර ජයගන්න අනුරුද්ධ රත්වත්තේ මරාගෙන මැරෙන සටනක් දියත් කළේය. ඔහු සහ ඔහුගේ පුතා ලොහාන් රත්වත්තේ ඒ සටනේ නායකයන් විය. උඩතලවින්නේ මුස්ලිම් කොංග්‍රසයට සහාය දැක්වූ ප්‍රබල ආධාරකරුවන් 10ක් උඩතලවින්නේදී ඝාතනය විය. මෙම ඝාතනයට චෝදනා ලබන්නේ අනුරුද්ධ සහ ඔහුගේ පුතුන් දෙදෙනා වූ ලොහාන් රත්වත්තේ සහ චානුක රත්වත්තේය. අනුරුද්ධ සමග ලොහාන් සහ චානුක අත්අඩංගුවට පත්වන්නේ උඩතලවින්න දස පුද්ගල ඝාතනයට කුමන්ත්‍රණ චෝදනා ලබමින්ය. එම මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්ක මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම කල් දමන්නේ මේ ඝාතනය සහ මහනුවර යුද පිටියක් කළ ඡන්ද මංකොල්ලය නිසාය. අනුරුද්ධ රත්වත්තේගේ දේශපාලනය එතැනින්ම අවසන් විය.

අනුරුද්ධ රත්වත්තේගේ දේශපාලනය අවසන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂගේ නැඟීමෙනි. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැති වී දිනක ජනාධිපති වෙන්න අනුරුද්ධ රත්වත්ත හීන දැක්කේය. ඔහු එලෙස හීන දකින කාලයේ ඔහුගේ පරම දේශපාලන හතුරා වූයේ මහින්ද රාජපක්‍ෂය. මහින්ද අනුරගේ ගෝලයෙක් වීම නිසා අනුරුද්ධ මහින්දව මායිම් කළේ නැත. මහින්දත් යූ.ඇන්.පී.යේ සිටි අනුර ලව්වා අනුරුද්ධට පහර ගැසුවේය. අවසානයේ අනුරුද්ධගේ දේශපාලනය අවසන් වී මහින්ද අනුරුද්ධගේ තැනට ඇවිත් චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අගමැති විය.

2005 ජනාධිපතිවරණයට මහින්ද තරග කරද්දී අනුරුද්ධ රත්වත්තේ ලෙඩ වී සිටියත් ලොහාන් සහ චානුක මහින්දට සහාය දුන්නේ රගර් ක්‍රීඩාව හරහා ලොහාන් සහ රාජපක්‍ෂ පුත්තු මිත්‍රයන් වී සිටි නිසාය. තාත්තලාගේ තරහමරහකම් අමතක කොට රගර් ක්‍රීඩාවෙන් රාජපක්‍ෂලා සහ රත්වත්තේලා එක්විය. 2006දී මහාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුත් ලොහාන්, චානුක උඩතලවින්න ඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබීය. අනුරුද්ධ රත්වත්තේගේ ආරක්‍ෂකයන් ඝාතනයට වැරැදිකරුවන් විය. අනුරුද්ධ රත්වත්තේ ලෙඩ වී මියයෑමෙන් පසු ලොහාන් රත්වත්තේ දේශපාලනයට එන්නේ මහින්දගේ ආරාධනයෙනි. 2010 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන ලොහාන් මහින්දගේත්, රාජපක්‍ෂ පවුලේත් සමීපතම ආරක්‍ෂකයෙක් බවට පත්වේ. 2015 මහින්ද පරාජය වීමෙන් පසුවත් මහින්දගේත්, රාජපක්‍ෂ පවුලේත් ආරක්‍ෂකයකු ලෙස ලොහාන් පෙනී සිටී. ලොහාන්ගේ දුව සහ මහින්දගේ පුතකු අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වන අතර, ඔවුන් විවාහ වීමට නියමිත බවට මාධ්‍ය වාර්තාද පලවිය. එහෙත් එය සිදු වූයේ නැත. එයින් පසු ලොහාන් සහ රාජපක්‍ෂ පවුල සමග සමීප සම්බන්ධයක් නොවීය. එම විවාහය සිදු වූවා නම් එය රාජපක්‍ෂලා, රත්වත්තේලා එක් කළ ඓතිහාසික විවාහයකි.

ලොහාන් යළි කරළියට එන්නේ ගෝඨාභය ජනාධිපති වී ඔහුව බන්ධනාගාර බාර රාජ්‍ය ඇමැති ලෙස පත් කිරීමෙන් පසුවය. ඔහු පත්වීම ලබන විට ජොයෙල් පෙරේරා ඝාතනය මෙන්ම උඩතලවින්න දස පුද්ගල ඝාතනයද මිනිසුන්ට අමතක වී තිබුණි. ලොහාන් ඒ අතීතය යළි මතක් කරවන්නේ රුවන්මහවැලි සෑයට රෑ ජාමයේ බීමතින් ගොස් යකා නැටීම මාධ්‍ය අනාවරණය කළාට පසුවය. ඔහුගේ අලුත්ම සෙල්ලම අනුරාධපුර බන්ධනාගාරයට ගොස් තුවක්කු පෙන්වා රැඳවියන්ට තර්ජනය කිරීමය. ඔහු ඒ නාඩගම රඟදැක්වූයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලංකාවට එරෙහි යෝජනාව සාකච්ඡා කරද්දීය. මහින්ද ලොහාන්ට ඉවත් වෙන්න කීවේත්, ගෝඨාභය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත්තේත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බයේය. මන්ද ලොහාන් තර්ජනය කළේ දමිළ දේශාපලන සිරකරුවන්ටය. ඒත් ලොහාන් තවම මැණික් සහ ස්වර්ණාභරණ ඇමැතිය.

‘තාත්තා බණ්ඩාරනායකලාව ඉවර කළා වගේ පුතා රාජපක්‍ෂලා ඉවර කරයිද..?’

අනුර කී කකුල් තුනේ මාමාගේ පුතා කකුල් හතරේ වැඩ කරන්න ගිහින් ආණ්ඩුව වැටිලා ඉන්නේ හතර ගාතෙන්ය. වරද ලොහාන්ගේ නොවේ. වරද විද්‍යාත්මකව ඇමැති ධුර හදන්න ගිහින් ජොයෙල් ජෙරේරා ඝාතනයට, උඩතලවින්න දස පුද්ගල ඝාතනයට චෝදනා ලද ලොහාන්ට හිරකාරයෝ බාර දුන්න රාජපක්‍ෂවරුන්ය. බණ්ඩාරනායකලා, රත්වත්තේලා කියන්නේ 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවෙන් දේශපාලනය පටන්ගත් පරම්පරාවකි. බණ්ඩාරනායකලාගේ දේශපාලනය 2005න් අවසන් විය. රත්වත්තේලාගේ දේශපාලනයේ සොහොන් ලකුණු දැන් පෙන්වමින් තිබේ. ඉතිරිව සිටින්නේ රාජපක්‍ෂලා පමණි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

කළුතර ලලිත් වර්ණකුමාරගේ පින පෑදෙයි!

Next Post

පාස්කු ප්‍රහාරය වගේ තවත් බරපතළ ප්‍රහාරයක් එල්ල ‌වෙන්න ලෑස්තියි! බඩුත් සූදානම්! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.