සිය සගයන් සමග බීමත්ව වැලිකඩ සිරගෙදරටත්, ඉකුත් 12 වැනිදා අනුරපුර සිරගෙදරටත් ගොස් ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ලොහාන් රත්වත්ත බව ‘ද මෝනින්ග්’ පුවත්පත අද අනාවරණය කොට ඇත.
එම පුවත්පත ඊයේ දින විශේෂ අනාවණයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයකු වැලිකඩ සිරමැදිරියට බීමතින් සිය සගයන් සමග ගොස් බලධාරීන්ට බැන වදිමින් එල්ලුම් ගස පෙන්වීමට කටයුතු කොට ඇති බව කියා සිටියේය.
ඇතැම් මාධ්‍ය කියා සිටියේ මෙම ගමනට හිටපු රූ රැජිනක්ද එක්ව සිටි බවකි.
එමෙන්ම ඊයේ දින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ ගමගේ මහතාද වීඩියෝවක් නිකුත් කරමින් රාජ්‍ය ඇමැතිවරයකු හෙලිකොප්ටරයෙන් අනුරාධපුරයට පැමිණ සිරගෙදරට ගොස් ගිනි අවිය පෙන්වා එල්ටීටීඊ සැකකරුවන් දණ ගස්වා තර්ජනය කර ඇති බවකි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතාද ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කොට ඇත.
ඒ අනුව අද දින ද මෝනින්ග් පුවත්පත පෙන්වා දෙන්නේ එම රාජ්‍ය අමාත්‍යවරයා වෙන කවුරුන්වත් නොව ලොහාන් රත්වත්ත මහතා බවකි.
(1) The TNPF can confirm that on the evening of the 12th of September the State Minister for Prisons has gone to the Anuradhapura prisons, summoned the #Tamil political prisoners and had got two of them to kneel in front of him. #lka
— Gajen Ponnambalam MP (@GGPonnambalam) September 14, 2021











