පේරාදෙණිය, රුහුණ ඇතුළු විශ්ව විද්‍යාල තවත් තුනක කොවිඩ් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
මේ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට කටයුතු යොදා ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජාන විශ්ලේෂණ පරීක්ෂණ දැනට සිදු කෙරෙන බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේද ජාන විශ්ලේෂණ පරීක්ෂණ කටයුතු පුළුල්ව ගෙවීමට බලාපොරොත්තු වන බවත් හම්දානි මහතා පැවැසුවේය.
සැර කොරෝනා වයිරස ප්‍රභේද සොයා ගැනීම වේගවත් කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙරට ව්‍යාප්තව ඇති ඩෙල්ටා ඇතුළු සැර කොරෝනා වයිරස ප්‍රභේද රැසක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය පසුගිය දිනවල සමත්විය









