• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට රස්සාවට යන්න ඉන්න අයගේ ප්‍රශ්නවලට බැසිල් විසඳුම් දෙයි! (PHOTOS)

September 12, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
රට රස්සාවට යන්න ඉන්න අයගේ ප්‍රශ්නවලට බැසිල් විසඳුම් දෙයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

රැකියාවල නියුක්ත වීම සඳහා විදේශගත වීමට අපේක්ෂිතව සිටින පිරිස මුහුණ දී ඇති ගැටලු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් කඩිනමින් ලබා දීමට කටයුතු කරන්නැයි මුදල් අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මහතා නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.

මුදල් අමාත්‍යවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ පසුගිය දා (10) අරලියගහ මන්දිරයේ පැවැති විදේශ විනිමය ප්‍රවාහ කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකිකයන්හට වැඩි ඉල්ලුමක් මේ වන විට ලැබී තිබෙන බැවින් ඊට යොමු වීම සඳහා යම් බාධාවන් ඇත්නම් ඒවා හැකි ඉක්මණින් ඉවත් කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය.

ඒ අනුව දැනට විදෙස්ගත වීමට අපේක්ෂිත පිරිස හට ගුවන් යානා ආසන පහසුකම් හිඟ වීම පිළිබඳව පවතින ගැටලුව කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමු වූ අතර මෙරට ගුවන් සමාගම සේ ම අවශ්‍යතාවය පරිදි විදෙස් ගුවන් සමාගම් ද යොදා ගනීමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස නිලධාරීන් හට මෙහි දී උපදෙස් ලබා දුන්නේය.

 විදේශ විනිමය ඉපැයීම සඳහා සුවිශේෂී කාර්ය භාරයක් විදෙස් ගත ශ්‍රී ලාංකීය ශ්‍රමික ප්‍රජාව ඉටු කරන බව මෙහි දී පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් මුහුණ දෙන දුෂ්කරතාවන් කඩිනමින් සොයා බැලීමට උත්සුක වීම අදාළ අංශවල වගකීමක් බව ද වැඩි දුරටත් සඳහන් කළේ ය.

මෙරට නිෂ්පාදන අපනයනය කිරීම හා සේවා සැපයීම මඟින් විදෙස් විනිමය ඉපැයීම පිළිබඳ 2021 වසරේ අගෝස්තු දක්වා ලබා ඇති ප්‍රගතිය සහ එය තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි බලපා ඇති ගැටලු පිළිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ඒ අනුව රෙදි පිළි හා ඇගළුම්, තේ, රබර් සහ රබර් නිෂ්පාදන, පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන, වෙනත් අපනයන බෝග, මැණික් හා ස්වර්ණාභරණ සහ මුහුදු ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ අපනයනයේ දී ළඟා කරගෙන ඇති ඉලක්කයන් පිළිබඳව මෙහි දී විමසා බැලීය.

ඒ අනුව පසුගිය වර්ෂයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ලද ආදායමේ මාසික සාමාන්‍යය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 840 ක් වූ අතර 2021 වසරේ මුල් මාස 8 තුළ එය ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 986 ක් දක්වා වර්ධනය කරගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුව ද මේ වන විට රබර් සහ රබර් නිෂ්පාදන, ඉංජිනේරු නිෂ්පාදන අපේක්ෂිත ඉලක්කයන් සාර්ථකව ළඟා කරගෙන ඇති අතර අනෙක් අංශයන් ද කාර්ය සාධන මට්ටමට සමීප ව පවතී. අපනයන ඉපැයීම් 2021 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාල කාලපරිච්ඡේදය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 7886 ක මට්ටමකට වර්ධනයට වූ අතර එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ්ව 22.4% ක ඉහළ යාමකි.

ඒ ඒ අංශයන් වසංගතය හමුවේ මුහුණ දෙන ගැටලුකාරී තත්වයන් පිළිබඳව කරුණු ඉදිරිපත් වූ අතර ඒවා කළමනාකරණය කර ගනිමින් අදාළ කාර්ය සාධන මට්ටමට ළඟා වීමට අවශ්‍ය විසඳුම් පිළිබඳව ද මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කළේ නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීම ජනාධිපතිතුමාගේ හා රජයේ අරමුණ වන බැවින් ඊට ප්‍රමුඛතාවය ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි. අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් ආර්ථිකය ශක්තිමත් කරන අතර ම රට තුළ ක්‍රියාත්මක සංවර්ධන කටයුතු ද අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ද බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කෙළේ ය.

මෙම අවස්ථාවට අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

SendShareShare
Previous Post

පාසල් අරින්න තීන්දුයි! මුලින්ම ප්‍රවාහනය නැති ගම්වල!

Next Post

පාස්කු නඩුවම විසිවීමේ අවදානමක් කිරිඇල්ල පෙන්වයි! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.