• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවසීලන්තයම හොල්ලපු ලංකාවේ IS ආදිල් පුතා ගැන කාත්තන්කුඩියේ අම්මා කියපු කතාව!

September 12, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
නවසීලන්තයම හොල්ලපු ලංකාවේ IS ආදිල් පුතා ගැන කාත්තන්කුඩියේ අම්මා කියපු කතාව!
Share on WhatsAppShare on Facebook

‘මගේ නම ඉස්මයිල් ෆරීඩා, පසුගියදා නවසීලන්තයේදී පිහි ප්‍රහාරයක් සිදුකළ ආදීල් සම්සුඩීන්ගේ අම්මා මමයි. මට පුතාලා තුන්දෙනෙක් සහ දියණියක් ඉන්නවා. ආදීල් මගේ බාල පුතා. ඔහු 2011දී තමයි නවසීලන්තයට ගියේ. අධ්‍යාපන කටයුතු කරන්න. ආදීල් එහේදී ‘යුනිවර්සිටි’ ඉන්න ගමන් උඩ තට්ටුවකින් බිමට වැටුණා. ඒ වේලාවේදී එයාට උදව් කරන්න හරියට යාළුවෝ හිටියේ නැහැ. සිරියාවෙන් සහ ඉරාකයෙන් පැමිණ නවසීලන්තයේ සිටි යාළුවෝ කිහිප දෙනෙකු තමයි එයාට උදව් කළේ. ඉස්පිරිතාලයේ ඉන්න ගමන් ඔක්කොම සොයා බලලා තියෙන්නේ ඒ අය. ඊට පස්සේ ආදීල් මේ අයත් සමග එකට හිතවත්ව කාමරවලත් ජීවත් වෙලා තියෙනවා. ආදීල් ශ්‍රී ලංකාවේ ඉන්න කොට මෙහෙම හිතුවක්කාර අදහස් ඇතිව කටයුතු කරලා නැහැ. එයා රට ගිහිල්ලා අර සිරියා, ඉරාක යාළුවෝ එක්ක එකට ඉන්න කොට තමයි මේ තත්ත්වය ඇති වුණේ. ආදිල්ගේ මේ යාළුවෝ තමයි එයාව ‘බ්‍රේන් වොෂ්’ (මනස විකෘති කිරීම ) කළේ. ඒ නිසා එයා වෙනස් මිනිසකු බවට පත්වුණා.’

මෙම තිගැස්සෙන කතාව අපට කියා සිටින්නේ ආදරණීය මවක්. ඇය තමයි පසුගියදා නවසීලන්තයේ සුපිරි වෙළෙඳසලක් තුළදී සාමාන්‍ය වැසියන් 07 දෙනකුට ඉතාමත් කෲර පිහි ප්‍රහාරයක් එල්ල කළ ශ්‍රී ලාංකිකයකු වන අහමඩ් ආදීල් මොහොමඩ් සම්සුඩීන් නමැති මුස්ලිම් ජාතිකයාගේ මව. 32 වැනි වියෙහි පසුවන ආදීල් සම්සුඩීන් මෙලෙස සිදුකළ අපරාධය යම් ත්‍රස්ත ක්‍රියාවක් යැයි මේ වන විට නිගමනය වී ඇත. මෙම කුරිරු ක්‍රියාව හේතුවෙන් නවසීලන්ත වැසියන් 07 දෙනකු තුවාල ලැබූ අතර, එයින් දෙදෙනකුගේ තත්ත්වය ඉතාමත් බරපතළ විය. මුළුමහත් ලොවක්, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවත් මහත් ආන්දෝලනයට පත්කළ මෙම කුරිරු සිදුවීම ගැන ඉස්මයිල් ෆරීඩා නැමැති මව තවත් කරුණු ප්‍රකාශ කර සිටින්නීය. ඇය මෙම අදහස් ප්‍රකාශ කර සිටින්නේ, ශ්‍රී ලංකාවේ නැඟෙනහිර පිහිටි කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති ඔවුන්ගේ නිවෙසේදීය.

‘ආදිල්ගේ සිරියා, ඉරාක යාළුවෝ එයාගේ මනසට එක එක විප්ලවවාදී අදහස් දාලා තියෙනවා. ඊට පස්සේ තමයි එයා ‘ෆේස්බුක්’ හරහා එක එක අදහස් සහ ක්‍රියාවන් ගැන කතා කරලා තිබුණේ. ඒ වෙනස ගැන අපට ආරංචි වුණා. ඒ වගේම අපි ඒ ගැන තොරතුරු දැක්කා. ඊට පස්සේ මගේ අනෙක් පුතාලා දෙන්නම එයාට හරියට බැන්නා. මේ වගේ වැඩ කරන්න එපා කියලා. මගේ ලොකු පුතා ආදීල්ට තදින්ම අවවාද කළා. දෙවැනි පුතාත් හරියට ආදීල්ට දොස් කිව්වා. ඒ වුණත් එයා ඒ උපදෙස් හරියට ඇහුවේ නැහැ. වැඩිමහල් පුතාලා දෙන්නම මෙයත් එක්ක නිතරම රණ්ඩු කළා. හරියට කේන්තියෙන් හිටියේ. කොහොම හරි ඊට පස්සේ ආදීල්ගේ ක්‍රියා ගැන නවසීලන්ත ආරක්‍ෂක අංශ දැඩි අවධානය යොමු කරන්න වුණා. කිහිප වතාවක් ඔහු අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඔහුට විරුද්ධව නඩුත් දැම්මා. ඒත් පසුව ඔහු නිදහස් කළා. පොලිසියෙන් අල්ලා ගත්තාට පස්සේ ආදීල් මාස 03කට සැරයක් තමයි මට කෝල් කළේ.’

පසුගියදා මෙම කුරිරු ප්‍රහාරයේ වගතුග ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වූයේ, මෙම ප්‍රහාරකයා පූර්ණ ශ්‍රී ලාංකිකයකු වූ හෙයිනි. ඔහු මෙම ප්‍රහාරය සිදුකළේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් නමැති නගරයේ පිහිටි සුපිරි වෙළෙඳසලක් තුළදීය. ‘ලින්මෝල්’ නමැති මෙම සුපිරි වෙළෙඳසල නිරන්තරයෙන් ඉතා විශාල පාරිභෝගික පිරිසක් ගැවසෙන ස්ථානයකි. මෙය සිදුවී ඇත්තේ සවස් යාමය එළැඹීමට ආසන්න වූ අවස්ථාවකදීය. ප්‍රහාරකයා මේ ප්‍රහාරය සඳහා කිසිදු තියුණු ආයුධයක් බාහිරින් රැගෙන පැමිණ නැති අතර, සුපිරි වෙළෙඳසලේ විකිණීමට තබා තිබූ තියුණු මුවහත ඇති විශාල පිහි දෙකක් දෙඅතින් රැගෙන ප්‍රහාරය සිදුකර ඇත. මෙම උල් පිහි හදිසියේම අතට ගත් ම්ලේච්ඡ ප්‍රහාරකයා, සැනෙන් ඒ අසලම භාණ්ඩ මිලදී ගනිමින් සිටි ජනතාව වෙත කඩාපැන ප්‍රහාරය එල්ල කර ඇත. මෙහිදී කිසිවක් බලාපොරොත්තු නොවූ ජනතාව මර ළතෝනි තබමින්, ගිරිය යටින් කෑ ගසමින් හිස් ලූ ලූ අත දුවන්නට වූහ. එහෙත් ප්‍රහාරකයා කෙසේ හෝ තමන්ට හසුවන, හසුවන කෙනාට බියකරු ලෙස පිහි ප්‍රහාරය එල්ල කළේය. මෙහිදී කාන්තාවන් වැඩි පිරිසක් ඔහුගේ ප්‍රහාරයට ගොදු විය.

කෙසේ හෝ ප්‍රහාරය සිදුවී විනාඩියක් පමණ ගතවත්ම, සැණෙන් එම අසල ප්‍රදේශයේ සිටි පොලිස් නිලධාරීන් පැමිණ ප්‍රහාරකයාට වෙඩි තබා ඝාතනය කළේය. ඉන් සුළු මොහොතකට පසුව ප්‍රහාරකයාගේ අනන්‍යතාව දැනගැනීමට ආරක්‍ෂක අංශ සමත් විය. මෙයට පෙර වසර කිහිපයක සිට ආරක්‍ෂක අංශ විසින් දැඩි විමර්ශනයකට ලක්කර තිබුණු ශ්‍රී ලාංකිකයා මොහු බැව් හඳුනා ගත්තේය. ආදීල් සම්සුඩීන් නමැති ඔහු මුල් වරට ‘ෆේස්බුක්’ හරහා විවිධ අන්තවාදී සහ විප්ලවවාදී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් 2016 වසරේදී පොලිස් අත්අඩංගුවට පත් වූයේය. නවසීලන්ත පොලිසිය මගින් මෙසේ ඔහු 2017 වසර දක්වාම දැඩි විමර්ශනයට ලක්කළ අතර, මොහුගේ අන්තවාදී ක්‍රියා තවත් උත්සන්න වීම හේතුවෙන් ඔහුට විරුද්ධව නඩුද පැවරුවේය. ඉන්පසුව නැවැත වරක් 2017 වසරේදී ආදීල් සම්සුඩීන් ඕක්ලන්ඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනිණි. එහිදී හෙළි වූයේ ඔහු ඉතා රහසිගතව සිරියාවට පැනයෑමට සැලැසුම් කළ බැව්ය. එලෙස සිරියාවට ගොස් IS ත්‍රස්තවාදී සංවිධානයට බැඳීමට ඔහු සැලසුම් කළේ යැයි චෝදනා නැඟුණු අතර, ඒ අනුව ඔහු සිර භාරයටද පත්කෙරිණි.

කෙටි කලකින් සිර භාරයෙන් නිදහස් වුණු ආදීල් සම්සුඩීන් නවසීලන්තයෙන් පිටුවහල් කිරීමට කටයුතු සැලසුම් කෙරිණි. එහෙත් එම ක්‍රියාව මෙම ප්‍රහාරය සිදුවන තෙක්ම ක්‍රියාත්මක නොවී තිබීම ගැන, සමහර පාර්ශ්ව නවසීලන්ත රජයට දෝෂාරෝපණය කර ඇත. කෙසේ හෝ නවසීලන්ත රජය සහ එහි ආරක්‍ෂක අංශ වසර 02ක පමණ කාලයක් තුළදී සිදුකරන ලද විමර්ශනවලින් හෙළිවී තිබුණේ, ආදීල් යන මුස්ලිම් ජාතිකයා IS ත්‍රස්ත සංවිධානයට බොහෝ සබඳකම් ඇති පුද්ගලයකු ලෙසිනි. නවසීලන්තයේ අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩන් නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, මෙම ශ්‍රී ලාංකික ප්‍රහාරකයා සිදුකළේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත්, ඔහු IS සංවිධානයට සම්බන්ධ පුද්ගලයකු බැව් ආරක්‍ෂක අංශ මගින් සොයාගෙන ඇති බවත්ය. මෙම ප්‍රහාරකයා 2017 වසරේදී සිට වසර 03ක් සිරගත කර සිටි බැව්ද, එහෙත් තවදුරටත් සිරගෙත කර තිබීම එරට නීතිය අනුව සිදු නොකළ හැකි නිසා නිදහස් කළ බැව්ද නවසීලන්ත අගමැතිනිය ප්‍රකාශ කළාය. ඒ අතරම නව ත්‍රස්තවාදී මර්දන නීති රීති ගෙන ඒමටද ඇය පොරොන්දු වූවාය.

කෙසේ හෝ දැන් ආදීල් සම්සුඩීන් යනු ශ්‍රී ලාංකික ඉස්ලමීය ත්‍රස්තයකු බැව් තහවුරු වී අවසානය. මෙයට පෙර 2019 වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේදී සිදුකළ ම්ලේච්ඡ ඝාතනය වූ ප්‍රහාරයද සිදුකරනු ලැබුවේ ශ්‍රී ලාංකික IS ඉස්ලාමික ත්‍රස්තයන් විසිනි. එහිදී සිවිල් වැසියන් 269ක් ඝාතනයට ලක්වූ අතර, තවත් දහස් ගණනක් තුවාල ලැබීය. මෙවැනි වටපිටාවක් යටතේ මෙම සිද්ධිය ආශ්‍රය කර ගනිමින් පසුගියදා ශ්‍රී ලාංකික ආරක්‍ෂක අංශ මගින්ද පුළුල් විමර්ශනයක් ආරම්භ කළේය. ඔවුන් මෙම විමර්ශනය සාර්ථකව සිදුකරන බැව් නවසීලන්ත රජයටද ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව විමර්ශකයන් කාත්තන්කුඩි ප්‍රදේශයටම ගොස් විමර්ශන ඇරැඹුවේය. ආදීල් සම්සුඩීන්ගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ඔහුගේ සමීප හිතවතුන්ගේද ප්‍රකාශ සටහන් කෙරිණි. කෙසේ හෝ මේ වන විට හෙළිවී ඇත්තේ, ආදීල් සම්සුඩීන්ට පාස්කු ප්‍රහාරය සිදුකළ සහරාන් හෝ එම කල්ලිය සමග සම්බන්ධකමක් නොමැති බැව්ය. එහෙත් සහරාන් කල්ලියට කාත්තන්කුඩි ප්‍රදේශයේ සබඳකම් රැසක් තිබිණි.

නවසීලන්තය යනු ‘ඕෂනියා’ මහාද්වීපයේ පිහිටි ප්‍රධාන දූපත් 02කින් සමන්විත රාජ්‍යයකි. මෙහි ජනගහනය ලක්‍ෂ 51ක් වැනි ප්‍රමාණයක් වන අතර, බහුතරය එනම් 71.08%ක ප්‍රමාණය නවසීලන්තයේ ඉපැරැණි ජන කොට්ඨාසයක් වන ‘මඕරි’ ජාතිකයන් වේ. 15.3%ක ප්‍රමාණය ආසියාතිකයන්ය. ආසියාවේ විවිධ රටවල ජාතීන්ට අයත් වන්නේ මෙම ප්‍රතිශතයට වන අතර, එයට ක්‍රිස්තියානුවන්, හින්දුවරුන්, ඉස්ලාම්වරුන් සහ බෞද්ධයන්ද අයත් වෙති. නවසීලන්තය ගත් කල ඉතා අපූරු පුවතක් ලෙස වාර්තා වන්නේ, මෙරට වෙසෙන ජනගහනයෙන් 48.05%ක්ම කිසිදු ආගමක් නොඇදහීමය. ක්‍රිස්තියානුවන් 37.0%ක ප්‍රමාණයක් සිටින අතර, හින්දුවරුන් 2.6%ක ප්‍රමාණයක් වෙති. ඉස්ලාම්වරුන් 1.03%ක ප්‍රමාණයක්ද, බෞද්ධයන් 1.01%ක ඉතා අල්ප ප්‍රමාණයක්ද වෙති. මෙම වගතුග ඔබ වෙත ලියා තැබුවේ නවසීලන්තයේ වෙසෙන ඉතා අල්ප ප්‍රමාණයක් වූ මුස්ලිම්වරුන් ගැන පැහැදිලි කිරීමටය. එනම් එරට වෙසෙන සමස්ත මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව 60,000කට පමණ ආසන්න වෙයි.

නවසීලන්තය යනු බොහෝ විට ඉතාමත් සාමකාමී පරිසරයක් සහ ඉතාමත් ශක්තිමත් ආර්ථිකයක් ඇති රටකි. කෙසේ හෝ පසුගිය 2019 මාර්තු 15 වැනිදා එරට විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. එනම් එරට පිහිටා තිබෙන ප්‍රධානතම ඉස්ලාම් පල්ලියකට මහා ප්‍රහාරයක් එල්ල වූයේය. ‘ක්‍රයිස්ට්චර්ච්’ නැමැති ප්‍රදේශයේ පිහිටා ඇති ‘අල් නූර්’ නමැති ඉස්ලාමික පල්ලියට සිකුරාදා දින යාඥාවේදී හදිසියේම කඩාවැදුණු තුවක්කුරුවකු ඉස්ලාම් භක්තිකයන් 51ක් වෙඩි තබා ඝාතනය කළේය. මෙම ඝාතකයා 28 හැවිරිදි සුදු ජාතික අන්තවාදියකු වූ අතර, ඔහු දැඩි ඉස්ලාම් විරෝධී පුද්ගලයකු විය. මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් 50ක පමණ පිරිසක්ද ඉතා දරුණු ලෙස තුවාල ලැබීය. මෙවැනි තත්ත්වයක් යටතේ පෙනී යන්නේ, මෑත කාලයක සිට එරට යම් අයුරකින් විවිධ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වන බැව්ය. කෙසේ හෝ මෙවැනි වටපිටාවකදී අවසානයේදී ප්‍රකාශිත වූයේ ඉතාම ආන්දෝලනාත්මක පුවතකි. එනම් IS ත්‍රස්ත සංවිධානයේ වාර්තා හරහා ප්‍රකාශ වූයේ, ඉස්ලාම් භක්තිකයන්ට එරෙහිව නවසීලන්තයේ සිදුකළ ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ශ්‍රී ලංකාව තුළ පාස්කු ප්‍රහාරය සිදුකළ බැව්ය.

දැනට නවසීලන්තය තුළ ශ්‍රී ලාංකිකයන් 20,000කට ආසන්න ප්‍රමාණයක් වාසය කරන්නේ යැයි ප්‍රකාශ වෙයි. පසුගියදා ආදීල් සම්සුඩීන් නමැති ශ්‍රී ලාංකික ත්‍රස්තයා සිදුකළ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට එහි වෙසෙන ශ්‍රී ලාංකික, නවසීලන්තවාසීන් දැඩි අපහසුතාවකට පත්ව ඇතැයිද මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි. ශ්‍රී ලංකාව කෙරෙහි එරට වැසියන් තුළ තිබෙන යහපත් ආකල්පය ඉතා දරුණු ලෙස අවමානයකට පත්වෙනු ඇතැයිද ඔවුහු ප්‍රකාශ කර සිටිති. නවසීලන්තවාසී ශ්‍රී ලාංකිකයන් අතර ඉතා උසස් ගෞරවනීය තනතුරු දරන විශාල පිරිසක්ද වෙති. එවැනි පිරිස් පසුගියදා ප්‍රකාශ කර තිබුණේ, මෙම සිදුවීම නිසා තමන් දැඩි ලැජ්ජාවට, ශෝකයට සහ කෝපයටද පත්වූ බැව්ය. මෙම ප්‍රහාරය ගැන ඇසූ විට තම හදවත කඩාවැටුණා මෙන් හැඟීමක් ඇති වුණේ යැයි, එක් ශ්‍රී ලාංකික වෛiවරියක ප්‍රකාශ කර තිබුණාය. මෙවැනි තත්ත්වයකට ශ්‍රී ලාංකිකයන් පත්ව තිබුණත්, නවසීලන්තය තමන් දෙස සානුකම්පිකව බලනු ඇතැයිද ඔවුහු අවධාරණය කර සිටිති. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති වූ කළු පැල්ලම මකා දැමීම ලෙහෙසි වන්නේ නැත.

ප්‍රියන්ත හෙට්ටිගේ

නවසීලන්තෙ ඉන්න ලාංකික දොස්තරවරිය කියපු කතාව


දැනට දශක 03කට (වසර 30ක්) ආසන්න කාලයක් නවසීලන්තයේ වෙසෙන, නවසීලන්ත ජාතිකයකු සමග විවාහපත්වී සිටින ශ්‍රී ලාංකික වෛiවරියක වන හිමාලී මැක්ඉන්ස් මෙම ශෝකීය සිදුවීම හමුවේ අපූරු සටහනක් තබා ඇත.

‘මාගේ මවුපියන් සමග මම නවසීලන්තයට ආවේ පාසල් යන කාලයේදීයි. නවසීලන්තයේදී උසස් අධ්‍යාපනය හදාරා වෛiවරියක් වී නවසීලන්ත ජාතිකයකු සමග විවාහ වී සිටියත් මට ශ්‍රී ලංකාව අමතක කරන්න බැහැ. මම බොහෝ අවස්ථාවලදී ශ්‍රී ලංකාවට පැමිණ මාගේ අනෙකුත් නෑ හිතවතුන් සමග සතුටින් කාලය ගත කළා. ඒත් ශ්‍රී ලංකාව ගැන කලින් කලට අසන්නට සහ දැකගන්නට ලැබුණු සිදුවීම් නිසා මාගේ හිත හරියට කලකිරුණා. මට වයස අවුරුදු 13ක්ව සිටියදී 1987 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විටදී ජ.වි.පෙ. මර්දනය සඳහා රජය ආරම්භ කර තිබුණු ක්‍රියාවලිය අමතක වන්නේ නැහැ. ගෙලට ටයර් දමා ගිනිතැබූ පුද්ගලයන්ගේ දසුන් මගේ හිත හරිම ශෝකයකට පත්කළා. 2007 වසරේදී මම ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් වෛiවරියක ලෙස උතුරු – නැඟෙනහිර අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණ සේවය කළා. ඒ කාලයේදී සිදුවූ මහා අපරාධ කිසිදු විටෙක මනසින් මැකී යන්නේ නැහැ. ඉන් පසුව මෑත කාලයේ සිදුවුණු පාස්කු ප්‍රහාරය ඉතාමත් නින්දිත ක්‍රියාවක්. මේ වාගේ වටාපිටාවකදී තවත් ශ්‍රී ලාංකික කතාවක් නවසීලන්තයෙන්ම අසන්නට ලැබීම හරිම අවාසනාවක්.’

SendShareShare
Previous Post

ජිනීවා හෙට ඇරඹේ! ලංකාව ගැන හොයන්න බැෂෙලේගෙන් විශේෂඥ කණ්ඩායමක්?

Next Post

භාතියට හැදුනු කොරෝනා සන්තුෂ්ටත්!

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.