• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 4, 2021
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
‘එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…’ (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

“පිලිප් ගුණවර්ධන සහ 1956 විප්ලවය” යන පොතෙහි පිලිප් ගුණවර්ධන එකල කියපු අපූරු කතාවක් සටහන් වී තිබේ. පිලිප් 1956 බණ්ඩාරනායකගේ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර බණ්ඩාරනායකට එරෙහිව ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත්, මේ කුමන්ත්‍රණය සැලසුම් කරන්නේ ඇමෙරිකානු තානාපතිගේ නිවෙසේ බව පිලිප් කී බවත් එහි සඳහන්ය. පිලිප් බණ්ඩාරනායක ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමැති ධුරයෙන් ඉවත් වූවා නොව, ඔහුට ඉවත් වීමට සිදුවිය. ඒ, ඔහු ගෙන ආ කුඹුරු පනතට එරෙහිව බණ්ඩාරනායකගේ කැබිනට් මණ්ඩලය අවි අමෝරාගත් නිසාය. අන්තිමේදී ඔවුහු පිලිප් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන තෙක් කැබිනට් මණ්ඩලය වර්ජනය කළහ. පිලිප්ට ඉවත් වීම හැර විකල්පයක් නොවීය. පිලිප්ගේ ඉවත් වීමෙන් පසු බණ්ඩාරනායක ඝාතනය විය.

දිනේෂ් ගුණවර්ධන කියන්නේ මේ පිලිප්ගේ පුත්‍රයාය. 2019 ජනාධිපතිවරණය දිනා ගෝඨා පිලිප්ගේ පුතාව විදේශ ඇමැති ධුරයට පත් කරන විට හැමෝම පුදුමයට පත්වූහ. ඒත් 2019 ගෝඨාව බලයට ගෙන ආ දේශප්‍රේමීන් සතුටු විය. හේතුව පිලිප් විදේශ ඇමැති ධුරයේ ඉන්නතාක් ඇමෙරිකාවට, ඉන්දියාවට, යුරෝපයට හෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ලංකාවට අත තියන්න දෙන එකක් නැහැ කියල හිතාගෙන විය යුතුය. දිනේෂ්ද එය ක්‍රියාවෙන් පෙන්වීය. ට්‍රම්ප්ගේ ආණ්ඩුවේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ලංකාවට ආ විට ඔහුව පිළිගන්න දිනේෂ් ගුවන් තොටුපොළට දිව ගියේ නැත. මෛත්‍රි-රනිල් ආණ්ඩුව ඇමෙරිකාව සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව විදේශ ඇමැති ලෙස දිනේෂ් කරුණු දක්වන විට දේශප්‍රේමීන් හුරේ දැමූහ. දිනේෂ්ට පක්ෂව පෝස්ටර් පවා ඇලවිණි. ඒත් දිනේෂ් විදේශ ඇමැති ධුරයේ සිටියදීම ඇමෙරිකානු තානාපතිනියගේ ගෙදර ආණ්ඩුවේ ආශීර්වාදය මත අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් හමුවිය. මෙහිදී ඊළඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් රැස්වීමට පෙර දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති කරගැනීමට ඇමෙරිකානු තානාපතිගේ මැදිහත්වීමෙන් සාකච්ඡා පැවැති බව මාධ්‍ය වාර්තා කළේය. මෙම හමුවෙන් පසු සුමන්තිරන් මාධ්‍යයට කීවේ වාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා ඇමෙරිකානු මැදිහත්වීමක් තමන් අපේක්ෂා කරන බවය. ඇමෙරිකානු තානාපතිනියගේ නිවෙසේ මේ සාකච්ඡා යන විටත් දිනේෂ් විදේශ ඇමැති විය. ඔහු මේ සාකච්ඡා ගැන කිසිවක් දැන සිටියාද දන්නේ නැත. මේ සමගම ඇමැති මණ්ඩල සංශෝධනයක් පිළිබඳ රාවයක් පැතිරුණි. ඇමැති මණ්ඩල සංශෝධනයේදී දිනේෂ්ගේ විදේශ ඇමැති ධුරය වෙනස් වන්නේ දැයි මාධ්‍යවේදියෙක් අහපු විටදී දිනේෂ් කීවේ මේ ආණ්ඩුවේ නම් එවැනි සංශෝධනයක් සිදුවන්නේ නැහැ කියාය. ඒත් දිනේෂ්ගේ ඇමැති ධුරය වෙනස් විය.

ඇමෙරිකානු තානාපතිනියගේ ගෙදර සුමන්තිරන් හමුවූ ජී.එල්. විදේශ ඇමැති විය. දිනේෂ්ගේ ඉවත්වීමත් සමග මෙතෙක් කල් ඉන්දීය මහ කොමසාරිස් ධුරය භාරගන්න පස්මහ බැලුම් බලමින් සිටි මිලින්ද මොරගොඩ ඉන්දියාව බලා ගියේය. ජී.එල්. පීරිස් විදේශ ඇමැති ධුරයට පත්වීමෙන් පසු හමුවූ විදේශ තානාපතිවරු අතර නෝර්වේ තානාපතිනිය ප්‍රධාන තැනක් ගනී.

“2002 රනිල්ගේ සටන් විරාමය වගේ එකක් යළි කරළියට එයිද?”

ජී.එල්. සහ මිලින්ද කියන්නේ 2002 රනිල්ගේ සහ ප්‍රභාකරන්ගේ සටන් විරාමයේ ප්‍රධාන චරිත දෙකය. රනිල් සටන් විරාමය ප්‍රකාශයට පත්කොට එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා කරන්න ලෝකෙ වටේ යැව්වේ ජී.එල්. සහ මිලින්දවය. එකල ජවිපෙ නියෝජනය කළ විමල් වීරවංශලාගේත්, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේත් අංක එකේ හතුරෝ දෙන්නා වූයේ ජී.එල්. සහ මිලින්දය. ඔවුන් මේ දෙදෙනාට එරෙහිව රට පුරා පෝස්ටර් ගැසීය. ජී.එල්. සහ මිලින්ද ඉන්දියාව, ඇමෙරිකාව සහ යුරෝපය සමග සමීප සබඳතා ගොඩනගා ගත් අතිදක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයන් දෙදෙනෙකි. නෝර්වේ ලංකාවට මැදිහත් වුණේ ජී.එල්. සහ එවකට නෝර්වේ තානාපති සමග තිබූ සමීප සබඳතාව නිසාය. ජී.එල්., චන්ද්‍රිකාගේ ආණ්ඩුව තුළ සිටිමින් නෝර්වේ සමග ගනුදෙනු කරන අතරතුර මිලින්ද එවකට විපක්ෂය වූ යූ.ඇන්.පී.ය වෙනුවෙන් නෝර්වේ සමග ගනුදෙනු කළේය. අන්තිමේදී චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න දෙදෙනාම එකට එක් වූහ. ජී.එල්., එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය බාලසිංහම් සමග සාකච්ඡා කොට
එල්.ටී.ටී.ඊ.ය ෆෙඩරල් විසඳුමකට එකඟ කරගන්න සමත් විය.

එය ඔස්ලෝ සම්මුතිය ලෙස එකල ප්‍රකට විය. මිලින්ද, රනිල් සහ ප්‍රභාකරන් එක්ව උතුරු-නැගෙනහිර හදන අන්තර් පාලන ඒකකයට අතිවිශාල ඩොලර් මල්ලක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් දිනාගන්න සමත් විය. ඒත් 2005 රනිල් පරාජය වීමෙන් පසු ජී.එල්. සහ මිලින්ද මහින්ද රාජපක්ෂට එක් විය. 2005 සිට 2015 මහින්දගේ ආණ්ඩුවේ ජී.එල්. සමීපව වැඩ කළේ බැසිල් සමගය. මිලින්ද වැඩ කළේ ගෝඨාභය සමගය. දැන් ගෝඨා ජනාධිපතිය. බැසිල් මුදල් ඇමැතිය. ජී.එල්. සහ මිලින්ද පාවිච්චි කොට ඇමෙරිකාව, යුරෝපය, නෝර්වේ සමග මිතුරු වෙන්න විදියක් මේ දෙදෙනාම කල්පනා කරනවා විය හැකිය. එසේ මිතුරුවී ආර්ථිකය ගොඩගන්නා ක්‍රමයක් ගැන දෙදෙනාම හීන දකිනවා විය හැකිය. ජේ.ආර්. ජයවර්ධන සහ චන්ද්‍රිකාද මෙහෙම කල්පනා කරපු කාලයක් තිබුණි. 1977 බලයට ආ ජේ.ආර්. ඉන්දියාව සමග තදින්ම හැප්පුණේය. මෙහි ප්‍රතිඵලය ඉන්දියාව ප්‍රභාකරන්ලාට කිරි පෙවීමය. අවසානයේ ප්‍රභාකරන්ව ඉවර කරගන්න බැරි තැන ජේ.ආර්. ඉන්දියාව ළඟ දණින් වැටුණි. ඉන්දියාවත් ජේ.ආර්.ට අපූරු ගුළියක් ඇඹරෙව්වේය. ප්‍රභාකරන් ඉවර කරන්න නම් ලංකාවට ඉන්දීය හමුදාව එවන්න සිදුවන බවත්, ප්‍රභාකරන්ව ඉවර කිරීමට ලංකාව පළාත් සභාව ඇතිකොට ත්‍රිකුණාමල වරාය සහ තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාවට හිතකර ගිවිසුමකට එළඹිය යුතු බවත් ඉන්දියාව කීවේය. ජේ.ආර්. හිතුවේ මෙතෙක් ඉන්දියාව ඉන්නේ තමන්ගේ සාක්කුවේ යැයි කයිය ගහපු බණ්ඩාරනායක මැතිනියට පාඩමක් උගන්වා ඉන්දියාව තමන්ගේ සාක්කුවේ දමාගෙන තමන්ට ඕනා ලෙස මෙහෙයවන්නටය. ඒත් ඉන්දියාව මෝඩ වුණේ නැත. ඉන්දියාවට එරෙහිව ජේ.ආර්. ලංකාව තුළ නිර්මාණය කළ දේශප්‍රේමී රැල්ල ජේ.ආර්.ට එරෙහිව පාවිච්චි කරන්න නම් ජේ.ආර්.ගේ සාක්කුවට රිංගාගත යුතු යැයි ඉන්දියාව සිතුවේය. ජේ.ආර්. හදපු ඉන්දීය විරෝධය ජවිපෙ අතට ගත්තේය. අන්තිමේදී ජේ.ආර්.ට ලංකා ඉතිහාසයේ අන්ත අප්‍රසාදයට පත් නායකයා ලෙස ගෙදර යන්න සිදුවිය. ජේ.ආර්.ගෙන් පසු ජනාධිපති වූ ප්‍රේමදාස ජවිපෙ විනාශ කළත් ජවිපෙ නව නායක සෝමවංශ, ඇමෙරිකාව ආරක්ෂා සහිතව රටින් පිටමං කරන්න ඉන්දියාවද මැදිහත් විය.

2002 රනිල්ගේ සහ ප්‍රභාගේ සටන් විරාමයට එරෙහිව රටේ දේශප්‍රේමී රැල්ලක් හැදුවේ චන්ද්‍රිකා, මංගල සහ ජවිපෙය. ඒ සටන් විරාම විරෝධී, ඇමෙරිකානු නෝර්වේ විරෝධී මහා දේශප්‍රේමී රැල්ලේ ප්‍රධාන චරිත දෙක මංගල සහ විමල්ය. ඒ රැල්ලට රනිල්ගේ ආණ්ඩුව හතර ගාතේ වැටුණි. මංගල සහ විමල්ගේ බලපෑමට චන්ද්‍රිකා රනිල්ගේ ආණ්ඩුවේ ඇමැති ධුර ගෙන රනිල්ගේ ආණ්ඩුව විසුරුවා හරිනු ලැබීය. සටන් විරාමය කඩාකප්පල් විය. රනිල්ගේ ආණ්ඩුව ප්‍රභාකරන් සමග ඇති කරගන්න ගිය අන්තර් පාලන ඒකකයට ලැබුණු ඩොලර් මල්ල ගන්න චන්ද්‍රිකාට දොළදුකක් ඇතිවිය. චන්ද්‍රිකා ජාත්‍යන්තර ප්‍රජාව ළඟ දණින් වැටුණි. ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව කීවේ ඩොලර් මල්ල දෙන්න නම් සුනාමියෙන් විනාශ වුණු උතුර සහ දකුණ ගොඩගන්න සුනාමි සහන මණ්ඩලයක් පිහිටුවා එයට ප්‍රභාකරන් සමග අස්සන් කළ යුතු බවය. චන්ද්‍රිකා එයට එකඟ වූවාය. චන්ද්‍රිකා රනිල්ගේ සටන් විරාමයට එරෙහිව හදපු දේශප්‍රේමී කොටි විරෝධී රැල්ල චන්ද්‍රිකාට එරෙහි විය. වෙනකක් තබා මංගලත් ඒ දේශප්‍රේමී රැල්ලට එක්වී චන්ද්‍රිකාට එරෙහි විය. චන්ද්‍රිකා නන්නත්තාර වී ගෙදර ගියාය.

ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, යුරෝපය යාළු කරගත්තාම ඔක්කොම හරියනු ඇතැයි රාජපක්ෂලා හිතනවා නම් ඒ රාජපක්ෂලාට වැරැදිලාය. ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, යුරෝපයත් දැන් ඉන්නේ චූන් වෙලාය. අද ඇමෙරිකානු තානාපතිනියගේ නිවෙසේ ආණ්ඩුව, සුමන්තිරන් සමග සාකච්ඡා කරන විට මෛත්‍රි-රනිල් ආණ්ඩු කාලයේ තමන්ට ගහපු විමල්ලා, උදයලා, දිනේෂ්ලා ඉන්නේ ඔළුව හංගාගෙනය.

“එදා මට පෙනුණේ ඔබව හතුරෙක් වාගෙයි ඇලෙයිනා… අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වාගෙයි ඇලෙයිනා…” කියමින් ආණ්ඩුව සුනිල් පෙරේරාගේ ජිප්සීස් සින්දුව කියද්දී දේශප්‍රේමීන් තාලෙට නටන්නේ රෙදි නැතිවය.

1987 ජේ.ආර්.ද මේ සින්දුව කිව්වේ චූන් වෙලාය. 2005 චන්ද්‍රිකාද මේ සින්දුව කිව්වේ චූන් වෙලාය. හැබැයි චූන් වෙලා දෙන්නම ගෙදර ගියේ පාන් කියාගන්නත් බැරිවය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව විවේචනය කරන රාජ්‍ය නිලධාරීන්ට-වෛද්‍යවරුන්ට- මාධ්‍යවේදීන්ට කරන තර්ජන ‘ජාත්‍යන්තර නීතිවේදීන්’ හෙළාදකී!

Next Post

පිට දේශක්කාරයින්ට හිස නොනමා රට බේරාගත් තාත්තගෙයි පුතාගෙයි හමුදා රහස්…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.